ලග්න වලින් කියවෙන ගති ලක්ෂණ - 05
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
11

ලග්න වලින් කියවෙන ගති ලක්ෂණ - 05

ලග්න වලින් කියවෙන ගති ලක්ෂණ - 05

යමෙකු තුළ විවිධ වූ දක්‍ෂතා මෙන්ම යහපත් ගතිගුණ ඇති බවද ඔබ හැම දෙනාම සිතනා දෙයකි. එහෙත් ඔබ තුළ ඇති දුර්වලකම් හා නොයෙකුත් අඩුපාඩු, වැරැදි ඔබ කිසිවකුට නොපෙනේ. මෙම යහපත් ගති අතරම අඩුපාඩු, වැරදි පිලිබඳවත් ලග්න වශයෙන් වෙන් වෙන්ව අප ගෙන ආ ලිපි පෙළෙහි මීළඟ ලග්න දෙකෙහි ලග්න හිමියන්ගේ ගතිලක්ෂණ කවරාකාරද යන්න දැනගනිමු.

 

> ධනු ලග්නය

 

 

අධිෂ්ඨානශීලී ගති ලක්ෂණ ඇති අය වන අතර තීරණ දැඩි ලෙස වෙනස් නොකරයි. යුක්තිගරුක, අසාධාරණයට එරෙහිව කලහකාරී ලෙස ක්‍රියා කරයි. සමාජය ගැන බොහෝ දැනුවත්‍ ය. සොබාව සෞන්දර්යයෙන් පිරි ස්ථාන වලට යාමට ප්‍රිය කරයි. ඉක්මනින් හිත උණු වෙයි. අනුකම්පාව වැඩි නිසා ඉතා ඉක්මනින් අමාරුවේ වැටෙයි. ඔවුන්ට පවරන රාජකාරිය මනාව ඉටුකරන අතර තම ඉහළ නිලධාරීන්ට අවනතව ක්‍රියා කරයි. අතේ දුරින්‍ හිතවත්කම් පවත්වයි. සමාජ සාධාරණත්වයට ඉහළින් ගරු කරයි.

 

> මකර ලග්නය

 

 

කිසිවෙකුටත් නොරැවටිය හැකි අය වේ. අනුන් ගැන තැකීමක් නොමැත. දැඩි ආත්මාර්ථකාමීන් වෙයි. මෙම ලග්න හිමි අය මැරුණත් මුදල් සොයයි. අනුන්ට යමක් දෙන්නේ කලාතුරකිනි. බාධක, කරදර කිසිසේත් නොතකයි. කම්මැලිද නැත. වියදමට පෙර එයින් ඔවුනට ලැබෙන වාසිය කෙබදුදැයි සොයා බලයි. අනුන්ගෙන් උදව් බලාපොරොත්තු වුවද අනුන්ට පිහිටවන්නේ දෙවරක් සිතමිනි. අවාසියට මග හරියි. කෛරාටික පුද්ගලයන් වන අතර සුළු අඩුපාඩුවක්ද ඉතා ලොකුවට සිතයි. වෙළෙඳ ව්‍යාපාර වලට දැඩි ලෙස හිත යොදවන අතරම හොඳ ව්‍යාපාරිකයෝද වෙති. වෙන කෙනෙකුගෙ දෙයක් තමා සතු කර ගැනීමට මාන බලන ඔවුන් කොයිතරම් තිබුණද තෘප්තිමත් වූවන් නොවෙති. පිං දහම් වලට සිත යොමු නොවීම නිසා වයෝවෘද්ධ වූ කළ ඒ ගැන පසුතැවිල්ලට ලක් වෙයි.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

799 Views

Comments

arrow-up