ග්‍රීසියේ මයිසෙනේ නිර්මාණ

ලොව පුරා ඇති පෞරාණික ගල්වලින් සුවිශේෂ නිර්මාණ රාශියක් අතීතයේ නිර්මාණයකර තිබෙනවා. එලෙස ලෙස නිර්මාණය වූ ස්ථාන අතරින් පුරාවිද්‍යාඥයන් ප්‍රිය තවත් ප්‍රියතම ස්ථානයක් තමයි ග්‍රීසියේ ඇතෑන්ස් නුවර සිට පැය දෙකක පමණ දුරින් පිහිටා ඇති මයිසෙනේ නම් ස්ථානය. මෙහි ඉතාමත් විශාල දුරකින් පිහිටා ඇති Sacsayhuman වල ඇති බිත්ති වලට සමාන බිත්ති වලට සමානකම් දරන ගලින් කරන ලද විස්මිත බිත්ති සොයා ගත හැකි වෙනවා. මයිසෙනේ වල ඇත්තේ මෙවන් පුදුමාකාර බිත්ති පමණක් නොවන බව තවදුරටත් ගවේෂණය කිරීමේදී සොයාගත හැකි වෙනවා. එහිදී කන්දක් තුල කැණීම් සිදුකර ඇති සොහොන් ගෙයක් තියෙනවා. මෙය අභිරහස් ඉදිකිරීම Treasury of Atreus හෙවත් අට්‍රයෙස්ගේ භාණ්ඩාගාරය ලෙස හැඳින්වෙනවා. මෙහි ඇතුලට ගොස් සිට ගෙන නිරීක්ෂණය කරන විට සම්පූර්ණ හැඩැති මී වදයක තුළ සිටින සේ පෙනෙනවා. ඇතුලත දෝංකාරය ද පුදුම සහගත වෙනවා. ඒත් මීට වඩා සිත්ගන්නා සුළු කාරණය වන්නේ මෙය ඉදිකිරීමට භාවිතා කර ඇති විශාල ගල්. අට්‍රයස්ගේ භාණ්ඩාගාරයට ඇතුළත්වීමට තනා ඇති ඇතුළුවීමේ දොරටුව අසල ඉහළ තබා ඇති ගලක ප්‍රමාණය ටොන් 250ක් පමණ බරකින් යුක්ත වෙනවා.
වර්තමානයේ තාක්ෂණික දියුණුවත් සමග මෙවන් කටයුත්තක් සිදු කිරීම එකපාරටම පහසු නොවන බව අපි කාටත් පිළිගත හැකි කාරණයක්. එහෙත් අතීත මුතුන් මිත්තන් කඹ කුඩා ලී කැබලි ආදාරයෙන් මෙවන් කටයුත්තක් සිදු කළ බව පිළිගත හැකිද? මේ ගැන විශේෂයෙන්ම භාණ්ඩාගාරය පිළිබඳ තවත් කුතුහලය දනවන කාරණය නම් ගල් සවිකර තිබේමේ තාක්ෂණයයි. මෙහි ගල් සවි කිරීමේදී කිසිදු බන්ධන කාරක ද්‍රව්‍ය භාවිතාකර නොමැත. සිමෙන්ති හෝ වෙනත් යම්කිසි ද්‍රව්‍යයක් මෙම ගල ඇලවීමට භාවිතා කර නැහැ. කරන දකුණු ඇමෙරිකාවේ මෙන්ම මෙම එම ගල් එකිනෙකට ගැලපෙන පරිදි තබා ඇති අතර එය අතරට ඩොලර් කොළයක් හෝ යැවීමට නොහැකි තරම් සමීප පවතිනවා. පාම් ස්ප්‍රින්ග් වල නූතන ගල් ආශ්‍රිතව දක්ෂ නිර්මාණ කරන ගල් වඩුවකු වන රොජර් හොප්කින්ස්ගෙන් වරක් මෙවැනි නිර්මාණයක් කළ හැකි දැයි ඇසූ විට ඔහු පැවසුවේ මෙවැනි නිර්මාණයක් කිරීමට ප්‍රමාණවත් මුදලක් ඔබට මට ගාස්තු ලෙස ගෙවිය නොහැකි බවයි. ඉතින් ඔබට හිතාගන්න පුළුවන් නේද මේ නිර්මාණ වල විස්මිත බව.
අතීත මුතුන් මිත්තන්ගේ තාක්ෂණය තවමත් නූතන තාක්ෂණය අභිබවා යන බවට හොඳම නිදසුනක් වන්නේ ග්‍රීසියේ පිහිටි මයිසෙනේ අපූරු ගල් නිර්මාණයි.
by Dilki Shamani
Photo Source: Internet
677 Views
Comments