කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ගත් විවිධ උත්සහයන් (PHOTOS)

දිනෙන් දින ව්‍යාප්ත වන මෙම කොරෝනා වෛරසය හමුවේ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වශයෙන් හදිසි තත්වයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණා. මෙසේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමගම පුද්ගලයින් තමන් හා ආදරණීයයන් ආරක්ෂා කර ගැනීමට බොහෝ සෙයින් උනන්දු වුණා.
මුහුණු ආවරණයන්ගේ හිගයක් මතුවීමෙන්ද, හැම කෙනෙකුටම තත්වයෙන් උසස් මුහුණු ආවරණ ලබා ගත නොහැකි වීමෙන්ද, නිවසටම කොටු වී සිටීම නිසාවෙන්ද චීනයේ බොහෝ දෙනා නිර්මාණාත්මක හා අමුතු වූ අපූරු ක්‍රම වෙත යොමු වන්නට පටන් ගත්තා. අපි මේ ලිපියෙන් ඔබට ඒ අමුතු වූ එහෙත් නිර්මාණශීලී ක්‍රම පිළිබඳව ගෙන එන්නට සිතුවා.
පුද්ගලයන්ට කොයිතරම් දක්ෂ ලෙස නිර්මාණකරණයේ යෙදිය හැකිද යන්න. ඔබටම පෙනේවි. දොඩම් හා ගෝවා කොළ මුහුණු ආවරණ සිට ප්ලාස්ටික් බෝතල් මෙන්ම කාන්තා යට ඇදුම් පවා මෙම රෝග අවදානම අඩුකිරීමට ඔවුන් යොදා ගත්තා. කෙටියෙන්ම පැවසුවහොත් තමන්ට ලබා ගත හැකි වූ ඕනෑම ආකාරයක දෙයක් ඒ සඳහා ඔවුන් භාවිතා කළා.
මෙම නිර්මාණ වෛද්‍ය උපකරණ තරමටම ඵලදායී නොවූවත් එවැනි වෛද්‍ය උපකරණ නොමැතිව සිටීමට වඩා නම් මෙය යම්තාක් දුරට හොඳ විකල්පයන් වුණා. එහෙත් වෘත්තීය මට්ටමේ මුහුණු ආවරණ උපකරණ වලට දොඩම් හෝ ගෝවා කොළ විකල්පයක් නොවන බවද මතක තබා ගත යුතුයි.
ඩුබායි හි පිහිටි මැද පෙරදිග ප්‍රධාන ගුවන් සමාගමක ගුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකාවක සමග කළ කතාබහකදී ඇය මෙසේ පැවසුවා
" සෑම ගුවන් ගමනකින්ම පසු මම වහාම මගේ ඇදුම් සෝදාගෙන නිවසට පැමිණි වහාම ස්නානය කරමි." ඊට අමතරව ගුවන් යානයෙහි ගමන් කරනා විට මුහුණු ආවරණයක් පැළදීම අනිවාර්යයෙන්ම සිදු කරන අතර සියළුම කෑම වේල් නිවසේදීම මා විසින් සකසා රැගෙන එමි."
යානයේ යන බොහෝ පිරිසක් තම තමන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව බොහෝ සෙයින් සැලකිලිමත් වන බවද ඇය වැඩිදුරටත් පවසයි
මුහුණු ආවරණ පැළදීම, සැනිටයිසර් භාවිතය වැනි දේ යොදාගනිමින් හැකිතාක් දුරට ඔවුන් ආරක්ෂා වීමට උත්සහ කරයි. තවද මුහුණ ඇල්ලීම හා විශාල වශයෙන් සෙනග රැස්වූ ස්ථානයන් හි නොගැවසීමද නොකළ යුතු බව දැනුවත් කර ඇති බවයි.
ඊට අමතරව සැක සහිත අයවලුන් නිරෝධායනට යොමු කිරීමෙන් අවදානම අඩු කිරීමට සෑම රටක් පාහේම වෙහෙස දරයි. මන්ද එහි රෝග ලක්ෂණ මතුවීම දින 01 සිට දින 14 අතර කාලයේදී සිදු වුවද එය ඒ වනවිටත් තවත් අයට සම්ප්‍රේෂණය වී තිබීමට හැකි වන නිසාවෙනි.
677 Views
Comments