ඩයට් කරන එංගලන්තයේ බකමූණා

තරබාරු බව නිසා ඩයට් කරන්න සිද්ධවෙලා තියෙන්නේ මිනිසුන්ට පමණක් නෙවෙයි. මේ විදිහට අධික තරබාරු බව නිසා ඩයට් කිරීමට සිදු වූ බකමූණෙක් ගැන වාර්තා වෙන්නේ නැගෙනහිර එංගලන්තේ සෆොල්ක් බකමූණු අභය භූමියෙන්. මේ ඒ පිළිබඳ සටහනක්.
CNN පුවත්පත වාර්තා කරන අන්දමට පසුගිය වසරේ ජනවාරි තුන් වනදා නැගෙනහිර එංගලන්තයේ එක්තරා ප්‍රදේශයක බකමූණෙකු අසල වලක වැටී සිටිනු දක්නට ලැබුණා. ඉන්පසුව බකමූනාව සෆොල්ක් අභය භූමියට ගෙන යාමෙන් පසුව මේ කුරුල්ලාට යම් අනතුරක් සිදු වී ඇත්දැයි පරික්ෂා කර බැලුවා. කිසිදු අනතුරක් සිදුවී නැති බව සොයා ගනු ලැබුවත් බකමූණා මෙලෙස අපහසුවෙන් පීඩා විඳිමින් පියාඹා යා නොහැකිව සිටින කාරණාව පිළිබඳ තවදුරටත් තොරතුරු ඔවුන් අනාවරණය කර ගැනීමට උත්සහ කළා.
එහිදී දිවි බේරාගත් බකමූණාගේ බර ග්‍රෑම් 245 ක් වන අතර එය සාමාන්‍යයෙන් නිරෝගී ගැහැනු බකමූණකුගේ බර මෙන් තුන් ගුණයක් පමණ වන අතර මෙසේ අධික බර හේතුවෙන් මේ කුරුල්ලාට පියාසර කර නොහැකි බව විශේෂඥ සොයාගනු ලැබුවා. වනාන්තරයේ නිදහසේ ජීවත් වන මෙවැනි කුරුල්ලෙක් මෙලෙස අසාමාන්‍ය ලෙස බර වීමට හේතුව අනාවරණය කර ගැනීම සඳහා සෆොල්ක් අභය භූමියේ භාරකරුවන් ඇයව සති කිහිපයක් උද්‍යානයේ තබා නිරීක්ෂණය කිරීමට කටයුතු කළා. එහිදී සොයා ගෙන ඇත්තේ මෙය හුදෙක් ස්වාභාවික හේතු නිසා ඇතිවූ ස්ථුලතා සංසිද්ධියක් බවත් පසුගිය දෙසැම්බර් මාසයේ අධික උණුසුම් කාල සීමාව හේතුවෙන් කුරුල්ලන්ට වැඩිපුර ආහාර බහුල වීම නිසා ඒවා ආහාරයට ගෙන බකමූණා මේ තත්ත්වයට පත්ව ඇති බව ඔවුන් නිගමනය කළා. බකමූණාව මේ තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා සෆොල්ක් අභයභූමියේ උද්‍යාන භාරකරුවන් විසින් මේ තරබාරු බකමූණාගේ ආහාර පාලනය සිදු කරනු ලැබුවා.
වාසනාවකට මෙන් ඉන්පසුව සති දෙකක් පමණ කාලයක් ගතවන විට මේ බකමූනාගේ බර ග්‍රෑම් 20 ත් 30 ත් අතර ප්‍රමාණයකින් අඩුවනු දැක ගන්නට ලැබුණා. ඉන්පසු නැවතත් යහපත් සෞඛ්‍ය තත්ත්වයට එළැඹි බකමූණාව සුපුරුදු ගම්බද වනයට නිදහස් කිරීමට උද්‍යාන භාරකරුවන් විසින් කටයුතු කර තිබුණා. අධික තරබාරු බව නිසා බකමූණු අභයභූමියේ මේ විදියට ඩයට් කරන බකමූණා ගැන එංගලන්තයේ සමාජ මාධ්‍ය වල දැඩි කතාබහට ලක්වුණා. ඉතින් මේ විදියට බර අඩු කරගන්න ඩයට් කරන්න සිද්ධ වෙන්නේ මිනිසුන්ට පමණක් නොවන බවයි දැන් නම් වාර්තා වෙන්නේ.
By : Dilki Shamani
Photo Source : Interner
1084 Views
Comments