ලංකාවේ නොවන ලාංකීය ආහාර
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
19

ලංකාවේ නොවන ලාංකීය ආහාර

ලංකාවේ නොවන ලාංකීය ආහාර

අතීතයේදී ලංකාව විදේශීය අක්‍රමණිකයන් විශාල වශයෙන් බලපෑම් එල්ල වූ බවට අප ඔබ කවුරුත් දන්නා කරුණක්. ඒ පිළිබඳ අප සතුව ඇත්තේ අමිහිරි මතකයකි. කෙසේ වුවද අප රට නිදහස ලැබී රටක් ලෙස නැගී සිටීමට ඔවුන් අපට තබා ගොස් ඇති අපූර්ව වූ සංස්කෘතික සම්මිශ්‍රණයකි. එයට ඉතා හොඳ උදාහරණයක් වනුයේ අප ගන්නාවූ විවිධ ආහාර පාන වර්ගයි. අප හොඳින් දන්නා හදුනන මේ වන විට අපේ යැයි පැවසෙන විවිධ ආහාර වර්ගයන්ට විදේශීය සම්භවයක් ඇති බව ඔබ දන්නවාද ?

අද අප මේ ලිපියෙන් එවැනි වූ ආහාර වර්ගයන් කිහිපයක් පිළිබඳව පැහැදිලි කර දෙන්නෙමු.

 

 කොකිස්

 

 

සිංහල අවුරුදු කෑම මේසයට නැතිවම බැරි කැවිලි වර්ගයක් ලෙස කොකිස් අපට හදුන්වන්න පුළුවන්. ඒත් මෙම ආහාරය අපට දායාද වූයේ ලන්දේසින්ගෙනි. ලන්දේසි " කුකියා " කියන පදයෙන් බිදී ආ වචනයක් ලෙස හැඳින්වෙයි. ස්වීඩිෂ්‍ රොසෙට් කුකීස් ලෙස අන්තර්ජාලයෙහි සොයන ඔබට කොකිස් වල පිටපතක් දැකිය හැකියි.

 

 ඉඳි ආප්ප

 

 

ඉඳි ආප්ප හා පිට්ටු මේ ආහාර වර්ගයන් අපට ලැබී තිබෙන්නේ දකුණු ඉන්දියාවෙහි කේරළ ප්‍රාන්තයෙනි. ඔවුන් ආපම්, පුට්ටු වැනි නම් වලින් මේවා හදුන්වයි. එම රටෙහි මෙම ආහාර ප්‍රමාණයෙන් විශාල වන අතර, කට්ට සම්බල් හෝ සීනි සම්බල් විශාල ප්‍රමාණයක් සමග ආහාරයට ගැනෙයි. එනිසා එම රටෙහි ඉඳි ආප්ප තුනක් පමණ ආහාරයට ගත් විට බඩ පිරීයයි.

 

 ලම්ප් රයිස්

 

 

ලම්ප් රයිස් අපට ලන්දේසින්ගෙන් දායාද වූ ආහාරයකි. කෙහෙල් කොළේ ඔතා තැබෙන ලම්ප් රයිස් මස් හොඳි, සීනි සම්බෝලයක් හෝ වම්බටු මෝජුවක් සමග කදිමයි. අදටත් අප රටේ මෙම ආහාරය ප්‍රසිද්ධව පවතී.

 

 ලව් කේක්

 

 

Bolo D'Amor ලෙසින් පෘතුගීසීන් මෙය හැඳින්වුවද අප නම් අසා ඇත්තේ ලව් කේක් යන නමිනි. ලංකාවේ ලව් කේක් එකට නම් යුරෝපීය අමුද්‍රව්‍යයන්ට අමතරව කජු, කරදමුංගු වැනි දේත් එකතු කිරීම සිදු කරනවා. ජනප්‍රවාදයන්ට අනුව මෙම ලව් කේක් එක භාවිතා කර ඇත්තේ ලංකාවේ අපි ඉනා බෙහෙත් ලෙස දෙන දෙයට සමානත්වයක් ලෙසයි. එකල දෙමව්පියන් තම දියණියන්ව විවාහ කර දීමට කැමැත්තක් ඇති තරුණයකුගේ සිත ඇය කෙරෙහි නම්මවා ගන්නට මෙම ලව් කේක් එක භාවිතා කළහ.

 

 වටලප්පන්

 

 

වටලප්පන් කියන නම ඇසුවත් ලාංකීය අපි ඉතාමත්ම ප්‍රිය කරනවා. එය රසවත් වුවත් දියවැඩියාවටද එය මූලික වන ආහාරයක්. මෙම ආහාරය අපට දායාද වන්නේ ලන්දේසීන් තම නැගෙනහිර ඉන්දියානු සමාගමෙහි වැඩ කටයුතු වලට එරෙහි වන පිරිස් විනාශ කිරීමට ලංකාවට 1708 වසරේදී ලංකාවට ගෙන්වා ගත් මැලේ ජාතිකයන් විසිනි.

 

 

 

 

 

 

by kaushalya De Silva

Photo source : Internet

views

4089 Views

Comments

arrow-up