නව්‍යකරණය වූ චීනයේ සේද මාවත

පුරාණ කාලයේ වෙළෙඳ මාර්ග රැසක් චීනයේ සිට ගොඩබිම් මාර්ග දිගේ ආසියාවේ බොහෝ රටවල් කරාද, යුරෝපීය රටවල් කරාද වැටී තිබුණේය. මෙම වෙළෙඳ මාර්ග හැඳින්වූයේ ‘‘සේද මාවත’’ යනුවෙනි. චීනයේ සිට නෞකා මගින් වෙළෙඳ බඩු ගෙනගිය මාර්ගය ‘‘පුරාණ සේද මාවත’’ යනුවෙන් හැඳින්විණි. ශ්‍රී ලංකාවද පුරාණ සේද මාවතේ වැදගත් වරාය දෙකක් තිබූ රටකි. අම්බලන්තොට අසල වලවේ ගංගා මුවදොර පිහිටා තිබූ ‘‘ගොඩවාය’’ වරාය සහ ත්‍රිකුණාමල වරාය එම වරාය දෙකයි.
පුරාණ සේද මාවත නවීකරණය කරමින් අලුත් සේද මාවතක් හඳුන්වා දුන් චීන රජයේ වැඩපිළිවෙළ හැඳින්වෙන්නේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ලෙසයි. මේ යටතේ එතෙක් ගබඩාවල තැන්පත්කර තිබූ චීන යුවාන් මුදල් එළියට ආවේය. ඒවායින් කොටසක් චීනය සමග වෙළෙඳ ගනුදෙනු සිදුකළ රටවල නව යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා යෙදවිණි. නව වරාය, අධිවේගී මාර්ග, විදුලි බලාගාර ආදිය චීන ආධාර යටතේ නව සේද මාවත දෙපස රටවල ඉදිවෙයි. එමගින් චීනයේ සංචාරක ව්‍යාපාරයද පණගැන්වෙයි.
නව සේද මාවත යටතේ ආර්ථික කොරිඩෝර හයක් සහ එක් නාවික මාර්ගයක් යෝජනා කර ඇත.
1. බටහිර චීනයේ සිට බටහිර රුසියාව හරහා ගමන් කරන නව යුරේසියානු ඉඩම් පාලම.
2. චීනය, මොංගෝලියාව සහ රුසියාව යා කරන ආර්ථික කොරිඩෝව.
3. චීනයේ සිට මධ්‍යම ආසියාව හරහා තුර්කිය කරා යන මාවත.
4. දකුණු චීනයේ සිට සිංගප්පූරුවට දිවෙන මාවත.
5. චීන, මියන්මාර, බංගලාදේශ මාවත
6. දකුණු චීනයේ සිට පාකිස්ථානය කරා යන කාරකෝරම් අධිවේගී මාවත සහ ආර්ථික කොරිඩෝව එම මාවත් හයයි.
බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉතාම උද්යෝගිමත් ව්‍යාපෘතියකි. එය රටවල් 65 කට අයත්වේ. අඩු වියදමකින් කටයුතු කරන රටවල් සඳහා ණය සැපයීම මගින් විවිධ යටිතල පහසුකම් ව්‍යාපෘතිවලදී චීනය ඩොලර් ට්‍රිලියන 1 ක් දැනට ආයෝජනය කර තිබේ.
මේ වනවිට චීන ආධාර යටතේ ජාකාර්තා බැංඩුං අධිවේගී දුමිරිය මාර්ගය, චීන-ලාඕස් දුම්රිය මග, ඉතියෝපියාවේ අඩිස් අබාබා - ජිබුටි දුම්රිය මග, යුරෝපයේ හංගේරියා සහ සර්බියානු දුම්රිය මග යන මහා පරිමාණ ව්‍යාපෘති නිමවෙමින් පවතී. රටවල් 60 ක් සමග අන්‍යොන්‍ය ගිවිසුම් අත්සන් කර තිබේ. බෙල්ට් ඇන්ඩ් රෝඩ් ව්‍යාපෘතිය මේ සියලු රටවල ආර්ථික, සමාජීය පහසුකම් වැඩිදියුණු කරමින් වේගවත් ගමනක යෙදී සිටියි. චීනය ලෝකයේ ආර්ථික බලවතකු වෙමින් තම ගබඩාවල තිබූ ධනය වෙනත් ලොවපුරා රටවල ආයෝජනය කරමින් සිටියි. එම ප්‍රතිලාභ ලබාගන්නා රටවල් බොහෝමයකි.




By : Dilki Shamani
Photo Source : Internet
1903 Views
Comments