විනාශ වෙන රැම්සාර් තෙත් බිම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
18

විනාශ වෙන රැම්සාර් තෙත් බිම්

විනාශ වෙන රැම්සාර් තෙත් බිම්

වගුරුබිම් ගොඩ කිරීම අපද්‍රව්‍ය බැහැර කිරීම තෙත්බිම් වල ඇති ආවරණ ඉවත් කිරීම ස්වභාවික ජල මාර්ග අවහිර කිරීම හෝ වෙනස් වීම තෙත්බිම්වල සම්පත් අධික ලෙස භාවිතයට ගැනීම ආගන්තුක ආක්‍රමණික ශාක ජීව විශේෂ යන කාරණා නිසා මේ වන විට තෙත් බිම් වැඩි දැඩි තර්ජනයට ලක්ව තිබෙනවා. මේ තෙත්බිම් ආරක්ෂා කිරීම සඳහා ඇති ආයතන පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම නිසා තෙත්බිම් විනාශ වී යාමේ අවදානමට ලක්වෙලා. මෙරට පිහිටි රැම්සාර් තෙත් බිම් සම්බන්ධයෙන් ජාතික විගණක කාර්යාලයේ පාරිසරික විගණකාධි මගින් විගණනයක් සිදු කළා. එහිදී රැම්සාර් තෙත්බිම් වලට ඇති වී ඇති තර්ජන සම්පන්න සම්බන්ධ කරුණු හෙළි වුණා. අන්තර්ජාතික වැදගත්කමකින් යුත් ජාතික උද්‍යාන අභයභූමි ලෙස බුන්දල විල්පත්තු කුමන ආනවිලුන්දාව සහ මාදුගඟ යන ප්‍රදේශ නම් කර තියෙනවා. ජාතික රැම්සා තෙත්බිම් සම්මුතිය යටතේ සාමාජික රටක් ලෙසින් ශ්‍රී ලංකාව ඇතුළත් වුවත් සම්මුති කටයුතු ක්‍රියාත්මක කිරීම වෙනවා. එහෙත් ඊට අදාල නීති පද්ධතියක් රට තුළ වෙනම ක්‍රියාත්මක වන්නේ නෑ. න රැම්සා තෙත්බිම් සම්මුතියට ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කරන භාරකරුවන් වන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි. වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ පනත මගින් තෙත්බිම් නියාමනය කිරීම සිදු කරනවා. රැම්සාර් තෙත්බිම් කලාපය තුළ හා ප්‍රේරක කලාපය තුළ අනවසර ලෙස ගොඩනැගිලි ඉදිකිරීම ඉඩම් ගොඩකිරීම් පරිස්සමින් නොවන ක්‍රියාකාරකම් බොහොමයක් නිරීක්ෂණය වන බව මේ වාර්තාවේ සඳහන් වනවා. එමෙන්ම ආක්‍රමණශීලී ශාක ව්‍යාප්තිය මගින් හා පද්ධතීන්ට හා රක්ෂිත ප්‍රදේශ තුළ පවතින ජෛව විවිධත්වයට විශාල ලෙස බාධා එල්ල වී තියෙනවා.
 

 

 


රැම්සාර් තෙත්බිම් සංරක්ෂණ කටයුතු කාර්යමණ්ඩල යෙදවීම අනෙකුත් මූල්‍ය පහසුකම් සපයා නොමැති බව එම වාර්තාවේ සඳහන් වෙනවා. පසුගිය දශකයක කාලය තුළ කොළඹ නගරයේ තෙත් බිම් වලින් 40%ක් අහිමි වී ඇති අතර වසරකට තෙත්බිම් 1.2% බැගින් අහිමි වෙමින් යන බව අනාවරණය වෙනවා. රැම්සාර් තෙත්බිම් පරිසරය තුලනාත්මකව තිරසාර ලෙස පවත්වා ගැනීමටත් අවශ්‍ය කාරණයක්. මෑතකදී මේ බිම වල පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල වී තිබෙනවා. එම සිද්ධීන් ආරක්ෂා කර ගැනීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන ඇතුළත් කර නෛතික පසුබිමක් නිර්මාණය කිරීමේ වැදගත්කම සීඝ්‍රයෙන් මතුවෙනවා.ඉක්මනින් වඳ වී යමින් පවතින මේ රැම්සා තෙත් බිම් ආරක්ෂා කර ගැනීමේ වගකීම රට වැසියන් වල සියලු දෙනාම සතුව පවතිනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

1402 Views

Comments

arrow-up