1918 මාරාන්තික උණෙන් බැට කෑ ඉන්දියාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
17

1918 මාරාන්තික උණෙන් බැට කෑ ඉන්දියාව

1918 මාරාන්තික උණෙන් බැට කෑ ඉන්දියාව

ස්වභාවධර්මයා කලින් කලට ලෝකය තුල විවිධ විපර්යාස හා සංසිද්ධීන් ඇති කරයි.කොරෝනා වසංගතයෙන් ලෝකයක් පීඩාවට පත් වූවා සේම ලෝක ඉතිහාසයේ මාරාන්තික රෝග හේතුවෙන් මිනිසුන් ලක්ෂ ගනණින් ජීවිතක්ෂයට පත් වූ අවස්ථා පිලිබඳව අතීතයේ වාර්තා වේ.මෙම මාරාන්තික රෝග වල සුල මුල අදටත් ඇතැම් විට අපහැදිලිය.නමුත් කලින් කලට ඇති වන මෙම සිද්ධීන්, මිනිසා සහ ස්වභාවධර්මයේ තුලිතතාව රැක ගැනීමට සිදු වනවාද යන්න ප්‍රශ්නාර්ථයකි.

 

ස්පාඤ්ඤ වසංගතය ඉන්දියාව තුල ආරම්භ වුන ආකාරය,

 

පලමුවන ලෝක සංග්‍රාමය නිමා වෙමින් පැවති අවධියේ ලෝකය පුරා සීඝ්‍රයෙන් පැතිරී යමින් තිබූ ස්පාඤ්ඤ උණ වසංගතය,ඉන්දීය සෙබළුන් රැගත් නෞකාවක් මුම්බායි වෙරලට ලඟා වීමත් සමඟම  1918 වර්ෂයේ මැයි මස වන විට ඉන්දියාව පුරා පැතිරී යාම ආරම්භ විය.පොලිස් සෙබළුන් හත්දෙනෙකු ඉන්ෆුලුවෙන්සා හේතුවෙන් රෝහල් ගත කෙරැණේ මෙම පොකුරෙහි ඇරඹුමත් සමඟයි. මේ වන විට ඉන්දියාව වසර 150ක පමණ කාලයක් බ්‍රිතාන්‍ය යටත් විජිතබක් ලෙස පැවතුනු අතර බොම්බාය ඉක්මනින් ම වසංගතයෙන් අක්‍රීය වී වසංගතය වෙනත් ප්‍රදේශ තුලද ව්‍යාප්ත වීම ආරම්භ විය.

 

 

වසංගතයේ බරපතල කම,

 

1920 වන විට වසංගතයෙන් ගෝලීය වශයෙන් මිනිසුන්  මිලියන 50ත් 100ත් අතර ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් විය.ලෝක යුද්ධයෙන් මිලියන 18ක් තරම් තුවාල ලැබූ ජනතාවගෙන් වැඩිම තුවාල කරැවන් සිටින රට ඉන්දියාව වූ අතර එය එකල ඉන්දියාව තුල ජනග්‍රහනයෙන් සියයට හයක් පමණ විය.වෙනත් විධියකින් කිව හොත් ස්පාඤ්ඤ වෛරසයෙන් ලොව වැඩිපුරම පීඩාවට පත් වූ රට වූයේ ඉන්දියාවයි.

 

වසංගතයේ පලමු රැල්ල මෘදු වූ අතර එය 1918 ජූලි වන විට අවසන් වුනි.දෙවන රැල්ල මාරාන්තික වූ අතර එය 1918 වර්ෂයේ අවසානය තෙක් පැවතුණි.උණ රෝගයේ අවසාන රැල්ලක් 1919 මුල් භාගය වන විට දැක ගත හැකි වුන අතර,1920 වර්ෂය වන විට වසංගතය තුරන් වී යන ලදි.

 

1918 ඔක්තොම්බර් 6 වන දින පුද්ගලයින් 768 දෙනෙකු එක් දිනක් තුල මිය යාම වාර්තා වූ අතර ඉන්දියාවේ සියලු ගංගා මල සිරැරැ වලින් වැසී ගිය බවද සඳහන් වේ.ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වූ අතර වයස අවුරැදු 20ත් 40ත් අතර වයස් කාණ්ඩය තුල ජනතාව බහුලව ජීවිතක්ෂයට පත් විය.ඒ අතරිනුත් වැඩිම බලපෑම කාන්තා පක්ෂයට විය.ඉන්දියානු කාත්තාවන් පිරිමින්ට වඩා අඩු ආහාර වේලක් භාවිතා කිරීම හා ඔවුන්ගේ ප්‍රතිශක්තිය ද පිරිමින්ට වඩා අඩු වීම මෙයට හේතු විය. වසංගතයෙන් ඉන්දියාව්, මිලියන 12 ත් 13ත් අතර ප්‍රමාණයක ජනයා ජීවිතක්ෂයට පත් විය. මිය යන මිනිසුන්ගේ මෘත දේහ ඉවත් කිරීමට කිසිවෙකූත් නොසිටීම නිසාවෙන් ඒවා සතුන් විසින් පවා ආහාරයට ගත් බව සිද්ධින් ඇසින් දුටු සාක්ෂිකරැවන් පවසයි.වසංගතය,ඉන්දියාව තුල බ්‍රිතාන්‍ය වැසියන්ට එතරම් බලපෑමක් සිදු නොකල අතර,සෑම පුවත්පතකම ද,ගුවන්විදුලියේ ද,රෑපවාහිනියේද,වැලපීම පමණක්ම විය. ඉන්දියාව තුල මෙතරම් විනාශයක් සිදු කල කාලයක් තවත් නැතුවාක් තරම්ය.ස්පාඤ්ඤ වසංගතයෙන් ඉන්දියානු අර්ථිකය මෙන්ම සමාජයද විශාල වශයෙන් ඇන හිටුන අතර ප්‍රභූවරැන්,දේශපාලඥයින් ,දුප්පත් පැල්පත් ජනයාගේ ජීවිත නෙසලකා හරින ලදි.

 

 

ජය ගැනීමට,

 

යටත් විජිත ඉන්දියාව පුරා ගැඹුරැ අවදානම් තත්වයක් පෙන්වූ අතරම,උණ මඟින් දිගු කාලීන බලපෑම්ද ඉතිරි විය.මේ ආකාරයෙන් අර්බුදය හැසිරවීමට බ්‍රිතන්‍යන්ට නොහැකි වූ නිසාවෙන් සහන සේවා සඳහා දේශීය හා කුල සංවිධාන රාශියක් රට තුල සාමූහිකව බල මුණු ගැන්වීය.එහි ප්‍රතිඵලයක් ලෙස ගාන්ධි තුමා වැනි නායකයින් මෙම සංවිධාන වලට සහයෝගය ලබා ගැනීමට සමත් විය.නමුත් පසුකාලීනව ස්පාඤ්ඤ උණ වසංගතය හා එහි නපුරැ බලපෑම් ඉන්දීය නිදහස් ව්‍යාපාරය ජය ගැනීමට විශාල මෙහයක් සිදු කරන ලදි.

 

අවසන් වශයෙන් ,තම රටෙහි වටිනකම රටවැසියන්ට පමණක් හොදින්ම වැටෙහෙන අතර ලොවක්ම පීඩාවට පත් කරන රෝගයක් හමුවේ රට වැසියන් එකමුතුව ක්‍රියා කර ඉන් ගැලවීමට පිලියම් යෙදීම සිදු කල හැකි නැණවත්ම ක්‍රියාවයි.

 

 

 

 

 

 

by Anu Shen

Photo source : Internet

views

654 Views

Comments

arrow-up