විද්‍යාත්මක හේතු - 05

ඕනෑම ශ්‍රේණියක අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට අදත් අපි විද්‍යාත්මක හේතු පිළිබඳව පැහැදිලි කර දීමක් සිදු කරනවා. එදිනෙදා ජීවිතය හා හැකිතාක් දුරට මෙය සම්බන්ධ වන බව මතක තබා ගන්න. මෙහි සටහනක් ඔයාලගේ පොතක තබන්න අමතක කරන්නත් එපා.
FACT 01 - හුමාලයෙන් පිළිස්සීම , නටන ජලයෙන් පිළිස්සෙනවාට වඩා හානිදායකයි. එසේ වන්නේ හුමාලයෙන් පිළිස්සෙන විට හුමාලයෙහි ගුප්ත තාපයද , ජලය නටන උෂ්ණත්වයේ සිට ශරීර උෂ්ණත්වය තෙක් සිසිල් වීමේදී පිට කරන ශක්තියද සිරුරට ලැබෙන නිසා වඩාත් හානිදායකයි.
නටන ජලයෙන් පිළිස්සෙන විට සිරුරට ලැබෙන්නේ ජලය නටන උෂ්ණත්වයේ සිට ශරීර උෂ්ණත්වය තෙක් සිසිල් වීමේදී පිට කරන ශක්තිය පමණකි.
FACT 02 - හිසරදය ඇති වූ විට හිසෙහි ඕඩිකොලොන් ආලේප කළ විට හිසරදය අඩු වේ. එසේ වන්නේ ඕඩිකොලොන් වාෂ්පශීලී ද්‍රව්‍යයක් බැවින් ඕඩිකොලොන් හිසෙහි ආලේප කළ විට, ඒවා වාෂ්ප වීමට අවශ්‍ය තාපය හිසෙහි උරා ගනී.
එවිට එම කොටස සිසිල් වන අතරම හිසරදයත් අඩුවේ.
FACT 03 - වාහනයකින් බඩු ප්‍රවාහනය කරන විට අඩු දුරක් සඳහා ගාස්තුව අඩුවත්, වැඩි දුරක් සඳහා ගාස්තුව වැඩි වීමත් සිදු කෙරේ. ඒ වාහනය ගමන් කිරීමේදී දුර වැඩි වන විට, කෙරෙන කාර්යය ප්‍රමාණයත් වැඩි වීම නිසා ගාස්තුවද වැඩි වෙයි.
FACT 04 - සුළු තුවාලයක් සිදු වී ටික වේලාවකින් ලේ ගැලීම නතර වන්නේ රුධිරයේ ඇති රුධිර පට්ටිකා මගින් ලේ, කැටි ගැසීම සිදු කරන නිසා.
FACT 05 - මිරිස් පැළ සිටුවා දින කිහිපයක් ගත වන තුරු ආවරණය කර තබයි. අළුතින් මුල් වැඩී ජලය උරා ගැනීමේ හැකියාව ලැබෙන තුරු උත්ස්වේදන ක්‍රියාවලිය වැළැක්වීමටයි.
FACT 06 - හිරු එළිය නොමැති වුවත් සුළං හමන විට තෙත රෙදි වේලේ. ඒ සුළං හමන විට තෙත රෙදි වල ඇති ජලය වාෂ්ප වී යන හෙයිනි.
FACT 07 - මල් පමණක් හටගෙන ගෙඩි හට නොගන්නා සමහර ශාකයන්ගේ කඳ කම්බියකින් තද කර බදිනු ලබයි. මෙවිට පත්‍රවල නිපදවෙන ආහාර ශාකයේ ඉහළ කොටසම රැස් වන නිසා ගෙඩි හට ගැනීම ඉක්මන් වන බව විශ්වාස කෙරේ.
FACT 08 - මෝටර් රථ බැටරියක කෝෂ සම්බන්ධ කර ඇත්තේ ශේණිගතවයි. එලෙස ශ්‍රේණිගතව විදුලි කෝෂ සම්බන්ධ කිරීම මගින් වැඩි වෝලීයතාවයක් ලබා ගත හැකියි.
FACT 09 - ජල භාජනයකට අත දැමූ විට ඇද වී පෙනේ. මෙයට හේතුව වනුයේ ජලය වාතය වෙන් කරන පෘෂ්ඨයේදී ආලෝකය වර්තනය වීමයි.එනම් හැරී ගමන් කිරීමයි.
FACT 10 - ඉන්සියුලීන් මුඛ මාර්ගයෙන් දීම ඵලක් නැත.
ඉන්සියුලින් ප්‍රෝටීනයකි. මෙය මුඛ මාර්ගයෙන් දුන් විට ජීරණය වන නිසා එන්නතක් ලෙස දෙනු ලබයි.
by Kaushalya De Silva
Photo source : Internet
1378 Views
Comments