රිය අනතුරකදි මොකක්ද කරන්න ඕන?
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
29

රිය අනතුරකදි මොකක්ද කරන්න ඕන?

රිය අනතුරකදි මොකක්ද කරන්න ඕන?

පසුගිය සති කිහිපයේදීම අපට විවිධ වූ මාරක රිය අනතුරු පිළිබඳව මාධ්ය තුළින් අසන්න වගේම ඉතාමත් සංවේදී දසුන් අප හිත් සලිත කරමින් දකින්නට ලැබුණා. එයින් ජීවිත පවා බිලිගත් ආකාරය අප දුටුවා. රියදුරෙකු ලෙස ඔබ රිය පදවන විට ඉතා ප්රවේසම්කාරී මෙන්ම වගකීමකින් යුතුව පැදවීම කළ යුතු බව ඔබ හොඳින් මතක තබා ගන්න. අද අපි මෙම ලිපිය තුළින් හදිසි අනතුරට පත් වූ පුද්ගලයන් මෙන්ම අවට සිටින්නන් ගත යුතු නිවැරදි වූ ක්රියාමාර්ගයන් කවරේද යන්න විමසමු.

 

> මහා මාර්ගයේදී හදිසි අනතුරක් වූ විට මුලින්ම ඔබ කළ යුත්තේ සන්සුන් වීමයි. කලබල වීමෙන් ඔබට ප්රශ්න වැඩි වීමක් මිස අඩු වීමක් සිදු නොවේ.

 

> ආචාරශීලී වන්න. විරුද්ධ පාර්ශවයන් සමඟ වාද විවාද වල පැටලී ඔවුන් සමඟ කලහ ඇති කර ගැනීමෙන් වළකින්න. එයින් ඔබට සිදු වූ ප්රශ්න තව තවත් උග්ර අතට හැරීමට පටන් ගනී.

 

> අනතුර ඉතා බරපතල එකක් වනවා නම් එම ස්ථානයෙන් වාහන ඉවත් කිරීම කිසිසේත් නොකළ යුතු අතර , සුළු අනතුරක් නම් දෙපාර්ශවයේ කැමත්ත මත වාහනය පාරෙන් ඉවත් කර ගත හැකි.

 

 

> මෙසේ සිදු වන අනතුරු පිළිබඳව අවසාන තීරණය ගනු ලබන්නේ රථ වාහන පොලීසිය හා උසාවිය විසින් බව මතක තබා ගන්න. එසේම වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට ඒ බව වාර්තා කළ යුතුයි.

 

> තුවාල ලැබූ අසාධ්ය හෝ අධික රුධිර වහනයෙන් සිටිනා අයෙකුට වහාම ප්රථමාධාර ලබා දීමෙන් රෝහල වෙත ගෙන යා යුතුයි.

 

> අනතුරට පත් වූ පුද්ගලයන්ගේ තොරතුරු රැස් කර රෝහලට යාමට පෙර රෝගියා භාර ගන්නා හෝ වගකිව යුතු අයවලුන් හා අංශ වලට නිවැරදිව තොරතුරු ලබා දෙන්න.

 

> වාහනයෙහි හිමිකරු ඔබ නොවන්නේ නම් අනතුර පිළිබඳව ඔබ පදවන වාහනය අයත් ආයතනයට හෝ හිමිකරු / කිමිකාරිණියට දැන්විය යුතුයි.

 

 

> වාහනය අනතුරු සිදු වූ ස්ථානයේදී තිබියදීම ඔබට යම් අවශ්යතාවයකට එතැනින් ඉවත්ව යාමට සිදු වුවහොත් සංඥා ලාම්පු දල්වා තබා යන්න.

 

> අනතුරට සම්බන්ධ වන අනෙක් පාර්ශ්වයේ රක්ෂණ අංකයද, අයිතිකරු හෝ රියදුරුගේ නම ගම විස්තර හා ඔවුන් ඇතුළත් කළ රෝහල විස්තර ඔබ සතුව තබා ගැනීම අත්යවශ්ය කරුණකි.

 

> මහා මාර්ගයේදී සිදුවන අනතුර පොලීසිය විසින් විමර්ශනය කර ප්රශ්න අසනා අවස්ථාවෙදී ඔබ විසින් එම නිලධාරීන්ට නිවැරදි හා සත්ය තොරතුරු ඉදිරිපත් කරන්න.

 

 

> හදිසි අනතුරකට පත් මගියෙකු හෝ පදිකයෙකුට බාහිර රුධිර වහනය හෝ තුවාල සිදු වී නැති වුවද යම් හෙයකින් අභ්යන්තර ලේ ගැලීමක් හෝ තුවාල සිදුවී තිබීමට ඇති ඉඩකඩ වැඩියි. එයින් ඔහුට හෝ ඇයට බරපතල තත්වයන් ඇති වීමට ඉඩ ඇති බැවින් ඔබ ඒ ගැන නොසොයා නොසලකා හැර අතැර දමා යාම නිසා භයානක තතවයන්ට ඔබටත් එම තුවාලකරුටත් මුහුණ දීමට සිදුවිය හැකි අවස්ථා ඇත.

 

> හදිසි අනතුරක් සිදුවීමෙන් පසු පලා යාමට උත්සහ නොකරන්න. මන්ද ඔබගේ රථයේ අංකය කවර හෝ ආකාරයකින් කෙදිනක හෝ හෙළිවනු ඇත. එයින් ඔබ අනතුර කළා පමණක් නොව එම අනතුර සිදු කර පළා යාමේ බරපතල වරදටද හසුවනු ඇත. අනෙක් පාර්ශ්වයක් අතින් එම වැරදි සිදුවූ අවස්ථාවකදී වුවද ඔබ පලා යන්නේ නම්, ඔබ එවිටද නිරායාසයෙන්ම වැරදිකරුවකු වන බව මතක තබා ගන්න.

 

වටිනා ජීවිත අනතුරේ නොදමා, ඔබගේ හා අන් අයගේ ජීවිතද මහ මඟදී ආරක්ෂා වන පරිදි ඔබේ රථය ඔබ පදවන්න කියා අප ඔබෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

836 Views

Comments

arrow-up