රසයෙන් සහ ගුණයෙන් පිරිපුන් බිත්තර
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
11

රසයෙන් සහ ගුණයෙන් පිරිපුන් බිත්තර

රසයෙන් සහ ගුණයෙන් පිරිපුන් බිත්තර

ඔබ බොහෝවිට එදිනෙදා ආහාර වේලට නිරන්තරයෙන්ම එකතුකරගන්නා දෙයකි බිත්තර. විවිධාකාරයෙන් බිත්තර ආහාරයට ගැනීමට සුදුසු වන ආකාරයෙන් සකසා ගැනීමට ගෘහණියන් පුරුදු වී සිටී. පෝෂණ ගුණයන් රැසකින් සමන්විත බිත්තර ඔබට පහසුවෙන්ම වෙළඳපොලෙන් ලබා ගැනීමට හැකියාවක් පවතින අතරම නිවසේ කිකිළියන් ඇතිකිරීමට ඉඩ කඩක් පවතින්නේ නම් පහසුවෙන්ම නිවසට අවශ්‍ය බිත්තර ප්‍රමාණය සපයා ගැනීමට පුළුවනි. තවද වැඩිවශයෙන් කිකිලියන් ඇති කරන්නේ නම් බිත්තර අලෙවි කිරීම තුලින් ආර්ථික වශයෙන් ලාභයක් උපයා ගැනීමටද ඔබට පුළුවනි. විකසනය වන කුකුළු පැටවාට ආරක්ෂාව සහ ආහාර සැපයීම සඳහා බිත්තර පිළියෙල වී ඇති බව ඔබ දන්නවාද. එබැවින් බිත්තර ඉතාමත් පෝෂ්‍යදායි ආහාරයකි. සාමාන්‍ය බිත්තරයක බර ග්‍රෑම් 60 ක් පමණ වේ. බිත්තරයක් කොටස් තුනකින් සමන්විතයි. එනම් පිට කටුව, සුදු මදය සහ කහ මදය යි. සම්පූර්ණ බිත්තරයෙ බරින් සියයට දහයක් වන කටුව කුකුළු වර්ගය අනුව දුඹුරු සහ සුදු වර්ණ ගනී. බිත්තර කටුවේ වර්ණය අනුව බිත්තරයෙ ගුණයේ වෙනසක් සිදු නොවේ.

බිත්තර බරින් සියයට හැටක් සුදු මදය යි. ප්‍රධාන වශයෙන් ඕවැල්බියුමින් නමැති උසස් ගණයේ ප්‍රෝටීන් වලින් සමන්විත වන සුදු මදයෙහි විටමින් බී ද අඩංගු වේ. කහ මදය බිත්තරයෙ බරින් සියයට 30 කි. කහ වර්ණයට හේතුව සැත්තාෆිල් නැමැති වර්ණකයයි. කහ මදයෙහි තද පාට වැඩිවන විට එහි පෝෂණ ගුණය ද වැඩි වෙන මතය මිත්‍යාවකි. සියලුම කහමද වල ගුණය එකමයි. කහ මදයෙහි ප්‍රෝටීන මෙන්ම මේදෙය ද වැඩි ප්‍රමාණයක් ඇත. එහි ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය අධිකයි. බිත්තරයෙ සියලුම කොලෙස්ටරෝල් අඩංගු වන්නේ කහමදයේ බැවින් හෘද රෝගීන් බිත්තර කහමදය කෑමෙන් වැළකී සිටීම සුදුසුයි. කහමදයේ විටමින් A, D, B ද සැලකිය යුතු තරමින් අඩංගු වී පවතී.

 

 

 


තාරා බිත්තර ද අද වන විට වෙළඳපලේ දක්නට ලැබේ. කිකිළි බිත්තරයෙ සංයුතියට බොහෝ දුරට සමාන වන තාරා බිත්තර කහමදය තුළ වැඩි තෙල් ප්‍රමාණයක් අඩංගු වන බව ඔබ දන්නවාද. කිකිලි බිත්තර වලට වඩා ප්‍රමාණයෙන් විශාල නිසාත් මිල අඩු නිසාත් තාරා බිත්තර භාවිතය ලාභදායකයි. මෙවැනි පෝෂණ ගුණයන් රැසකින් පරිපූර්ණ බිත්තර ඔබගේ දරුවන්ගේ ආහාර වේලට නිරන්තරයෙන්ම එක්කරගැනීමට මව්වරුන් වශයෙන් ඔබ අමතක නොකරන්න. ඇතැම් විට බිත්තර ආහාරයට ගැනීමෙන් අනතුරුව අතින් යම්කිසි ප්‍රමාණයක දුර්ගන්ධයක් වහනය වන බැවින් බොහෝ අය බිත්තර ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කරයි. නමුත් බිත්තර යනු එසේ ප්‍රතික්ෂේප කළ යුතු ආහාරයක් නම් නොවේ. සතියකට තුන් වතාවක් හෝ බිත්තර ආහාර වේලට එක්කර ගැනීම සෞඛ්‍ය සම්පන්න දිවියක් සදහා උපකාරි වනු ඇත.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 

views

1004 Views

Comments

arrow-up