අසිරිමත් බුද්ධගයාව
බුද්ධගයාව යනු සිදුහත් ගෞතමයන් වහන්සේ සම්මාසම්බුද්ධත්වයට පත්වූ පූජනීය බිම් කඩ වේ. වර්තමාන ඉන්දියාවේ බිහාරා ප්‍රාන්තයේ පැට්නා නගරයේ සිට කිලෝමීටර් 96ක් දුරින් බුද්ධගයාව පිහිටා ඇත. අද පැට්නා නගරය යනු එදා අශෝක රජතුමාගේ පාටලී පුත්‍ර නගරය බවටද මතයකි. බුද්ධගයාව පිහිටියේ ගයා දිස්ත්‍රික්කයේ ය. ගයා නගරයේ සිට කිලෝමීටර් 14ක් දුරින් බුද්ධ ගයාව පිහිටා ඇත. ගයා නගරය සාම්ප්‍රදායික කුඩා ඉන්දියානු නගරයක් වුවත් ගයා ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන්තොටුපොළකි.
බුද්ධගයාව සැලකෙන්නේ ලෝකයෙහි හරිමැද හෙවත් නාභිය හැටියටය. බුදුන් පිටදුන් බෝධිය සිටුවා ඇත්තේ ලෝකයේ හරිමැද බවද සමහරුන්ගේ මතයකි. යම් මනුෂ්‍යයකු සියලු සංස්කාර ධර්මයන්ගෙන් වියුක්තව බුද්ධත්වය හිමිකර ගන්නා බරපතළ මොහොතට ඔරොත්තු දෙන ස්ථානයක් ලෙස බුද්ධගයාව සැලකේ. සමහරවිට එය ගුරුත්වාකර්ෂණය ශුන්‍ය තැනක් විය හැකිය. බුද්ධත්වය ලැබීම යනු තණ්හාව, රාගාදී සියලු කෙලෙසුන් නසා සිත එක තැනකට ගෙන අතීතය මෙන්ම අනාගතයද මෙලොව මෙන්ම පරලොවද විසූ තැන් අත්දැකිය හැකි ඥානයක් ලබා ගැනීමකි. අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඒ සියලු අභිඥාවන් ලබා ගත්තේ මෙම පින්බර භූමියේදීය.
මෙම ස්ථානය එවන් අසීමිත බලයක් ඇති තැනකි. ලෝ පුරා බෞද්ධ රටවලින් පමණක් නොව අබෞද්ධ රටවලින් පවා කෝටි සංඛ්‍යාත පිරිසක් පැමිණ ගයාවේ බුද්ධ ශීර්ෂයට වැඳ වැටෙන ආකාරය අනුව මෙම පුණ්‍යභූමිය එවන් අසීමිත බලයක් ඇති ස්ථානයක් බව පැහැදිලි වේ. ශීත කාලයේදී ගයාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක නවය දක්වා පහළ වැටෙන අතර උෂ්ණ කාලයේදී එය අංශක පනහ දක්වා ඉහළ නගියි. අනගාරික ධර්මපාල තුමා මහාබෝධියේ සිටි කාලයේ ඉන්දියානු පුද බිම්වලින් ලබාගත් බුදුන් වහන්සේගේ හා අග්‍රශ්‍රාවකයන් වහන්සේලාගේ ධාතු ප්‍රදර්ශනයක් පෙබරවාරි 1-2 හා 3 යන දිනවල බුද්ධගයා මහා බෝධි සංගම් ධාතු මන්දිරයේදී පවත්වනවා. වසරේ අගභාගය වනවිට ලක්‍ෂ සංඛ්‍යාත දහස්පෙතියා මල් මාලාවලින් බුදුන් පිදීමද වන්දනා කරුවන්ගේ නෙත් සිත් ඇද ගන්නා දර්ශනය වේ. එමෙන්ම කහ, රතු, තැඹිලි පැහැගත් විවිධ වර්ණ සිවුරු පොරවාගත් විවිධ රටවල හිමිවරුද දහස් ගණනක් මේ පින්බිමේ සිටිති.
මෙම පුණ්‍යභූමියට වසරකට කෝටි සංඛ්‍යාත ජනයා වන්දනාමාන පිණිස පැමිණෙති. එයින් ලාංකිකයන් පැමිණෙන්නේ දස ලක්‍ෂයක් පමණය. චීන ටිබෙට්, බුරුම, තායිලන්ත, ආදී විවිධ රටවලට බෞද්ධයෝ ද ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් එති. ඉන්දියානුවන් කෝටියක් වසරකට මෙම ස්ථානය වැඳපුදා ගන්නා බව කියති. ඉන්දියානුවන් බුද්ධගයාවට යන්නේ විෂ්ණු දෙවියන් වැඩ සිටි තැනක්ය යන විශ්වාසයෙනි.
by Dilki Shamani
Photo source : internet
1071 Views
Comments