සුන්දර දෙව්දුව ඒන්ජල් ඇල්ල
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
14

සුන්දර දෙව්දුව ඒන්ජල් ඇල්ල

සුන්දර දෙව්දුව ඒන්ජල් ඇල්ල

ඒන්ජල් ඇල්ල යනු, වෙනිසියුලාවේ ඉතාමත්ම සුන්දර හා දැකුම්කළු දිය ඇල්ලකි. මීටර් 979 ක උසකින් සමන්විත ලෝකයේ උසම දිය ඇල්ලත් මෙය වෙනවා. බොලිවර් ප්‍රාන්තයේ ග්‍රාන් සබානා ප්‍රදේශයේ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසින් නම් කළ ස්ථානයක් වන කැනයිමා ජාතික වනෝද්‍යානයේ අයන්තෙපුයි කන්ද අද්දරට මෙම සුන්දර දිය ඇල්ල වැටෙයි.

මෙම දිය ඇල්ල ඒන්ජල් ( දෙව්දුව ) ලෙසින් නම් කර ඇත්තේ විසිවන සියවසේ සිට ය. ගුවන් යානයකින් දිය ඇල්ලට ඉහළින් පියාසර කළ එක්සත් ජනපද ගුවන් නියමුවකු වන ජිමී ඒන්ජල් ව සිහිපත් කිරිමින් මෙම නම තබා ඇත. පොදු ස්පාන්‍ය නාමයක් වන "සල්ටෝ ඒන්ජල්" යන ඔහුගේ වාසගමෙන් මෙම නම උපුටා ගන්නා ලදි.

ජල මට්ටම ඉහළ මට්ටමක පවතින විට සැතපුමක් පමණ දුරට ජල බිංදු ඉසිනු කෙනෙකුට හොඳින් දැනීමට හැකිය. එය දකුණු ඇමරිකාවේ වඩාත් ප්‍රසිද්ධ ඉගුවාසු ඇල්ලට වඩා දස ගුණයකින් උසින් වැඩියි.

ඒන්ජල් දිය දහර වැටෙන ස්ථානයට ළඟාවීම එතරම්ම පහසු නැත. මෙම සුන්දර ස්ථානයට ලඟාවීම සඳහා කැරකාස් වෙතට ලාභදායී ගුවන් ගමන් වලින් එකක් ඔබ වෙන් කරවා ගත යුතු අතර, නැවත කුයිඩාඩ් බොලිවර් හෝ පුවර්ටෝ ඕර්ඩාස් වෙත ගුවන් ගමනකින් යා ‍යුතුයි.

එමඟින් ඕනෑම කැලෑ ගංගා වික්‍රමාන්විතයක ආරම්භක ස්ථානයක් වන කැනයිමා කඳවුරට ඔබව ගෙන යනු ඇත. සියළුම ගංගා චාරිකාවන් මෙහෙයවනු ලබන්නේ ආදිවාසී මිනිසුන් විසින්. ඔබට අලංකාර ලෙස වැටී තිබෙන කඳුකරයක පාදය දිගේ ගමන් කරමින් මෙම සුන්දර ස්ථානට ළඟා වන්නට හැකියාව ලැබෙනවා.

 


මෙම සංචාරයන් විශේෂයෙන් ජනප්‍රිය වන්නේ වැසි සමයේදීයි. (ජූනි සිට දෙසැම්බර් දක්වා) ඒ ගංගාව ගැඹුරු වන විට සහ දිය ඇල්ල උපරිම ලෙස ගලා බැසීම නරඹන්නන් හට අමතක නොවන සුවිශේෂී දර්ශනයක් වන නිසාවෙන්.

මෙම ඒන්ජල් ඇල්ල කඩා හැලෙන විට සිත්ගන්නා වූ සුළු තවත් කරුණක් නම්, වැසි වැඩි සමයේදී මෙම දිය ඇල්ල වෙනම දිය ඇලි දෙකකට බෙදී වැටීමයි.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Interent

views

390 Views

Comments

arrow-up