අටමස්ථානයේ අභයගිරිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
07

අටමස්ථානයේ අභයගිරිය

අටමස්ථානයේ අභයගිරිය

අටමස්ථානයට අයත් දාගැබ් අතරෙන් දෙවැනි විශාලතම දාගැබ වන්නේ අභයගිරිය උසින් අඩි 350 ක් වන මෙය ක්‍රිස්තු පූර්ව 103 77 දක්වා රජ කළ වළගම්බා රජතුමා විසින් ඉදිකරන ලද්දක්. වලගම්බා කුමරුන් දෙමළුන් සමඟ යුද්ධ කොට පැරදී පණ්ඩුකාභය රජු විසින් කරවන නිසණ්ඨාශ්‍රමය අසලින් පලා යනවිට එහි වැසි ගිරිනම් නිගණ්ඨයා ඔහුට අපහාස කළා. පලාගිය රජු වසර 17ක් සැඟවී සිට හමුදාව සකසා යුද්ධය ජය ගත්තා. පලා යාමේදී අපහාස කළ නිගණ්ඨයාට පළිගැනීමක් ලෙස ඔහුගේ ආශ්‍රමය බිඳවා පිරිවෙන් 12 සහිත විහාරයක් කරවා දාගැබ තනවා තමන්ගේ නාමය වන අභය හා ගිරි නම් නිඝන්ඨයාගේ නම එකතු එකතුකොට අභයගිරිය යැයි නම් තබා තමන් සැඟවී සිටි කාල සීමාවේ තමාට උපකාර කළ මහාතිස්ස නම් ස්ථවිරයන්ට එය පූජා කළා. මෙම විහාරස්ථානය පසුකලෙක ලංකා ඉතිහාසයේ ඉතාම වැදගත් වෙනස්කම් රාශියකට මඟ පෑදුවා.

එම කාල සීමාව තෙක් ලක්දිව පැවතුණේ එකම සංඝනිකායයි. අභයගිරි නිමවා නොබෝ කලකින් භික්ෂූන් අතර භේදයක් ඇති වුණා. අභයගිරිය පිළිගත් මහා තිස්ස ස්ථවිරයන්ට චෝදනාකර මහාවිහාරික භික්ෂුහු ඔහුට අප්පාජනී කර්මයහි සංවරයෙහි පිහිටන තුරු විහාරයෙන් බැහැර කිරීමේ විනය කර්ම නීතිය ක්‍රියාත්මක කළා. එයින් කෝපයට පත් භික්ෂූන් වහන්සේ වෙනත් භික්ෂූන් වහන්සේලා පන්සියයක් සමග මහා විහාරයෙන් මහාවිහාරයෙන් ඈත්වී අභයගිරියට ගොස් පදිංචි වී අභයගිරි නිකාය නමින් ස්වාධීන භික්ෂු නිකායක් ඇති කරගත්තා. බෞද්ධ ඉතිහාසයේ ඇතිවූ පළමුවන සංඝභේදය මෙසේ ඇතිවීම නිසා අභයගිරි විහාරය මහායාන දහමේ කේන්ද්‍රස්ථානය බවට පත් වුණා. වරින් වර ප්‍රතිසංස්කරණය කල අභයගිරියෙහි කිත්සිරිමෙවන් රජු දවස වැඩම කරන ලද දළදා වහන්සේ මෙම විහාරයේ තැන්පත් කොට පුද පූජා පැවැත්වූ බව වංශකතාවල සඳහන් වෙනවා. අභයගිරි විහාරය තුළින්ද කලාකරුවාගේ විස්මිත දස්කම් ප්‍රදර්ශනය වෙනවා. 1981 සැප්තැම්බර් මස පුරාවිද්‍යා කොමසාරිස්වරුන් කිහිප දෙනෙකු යටතේ කළ කැණීම්වලින් පුරාවස්තු කිහිපයක් ලබාගෙන තියෙනවා. ස්තූප මළුවෙන් ශ්‍රීපාද ලාංඡනයක් ලෝකඩ බුදු පිළිමයක්ද ලෝහ මංජුසාවක්ද මේ අතර වෙනවා. ලංකාවේ භාවිතා වූ ප්‍රථම කාසි වර්ගය වන ඇතා ස්වස්තික කාසි සිංහ කාසි මේ විහාර බිමෙන් හමු වී ඇති අතර මෙසේ සොයා ගත් ඉතාම අලංකාර කලාත්මක නිර්මාණ සැබැවින්ම එදා කලාකරුවාගේ සහජ හැකියාවන් මැනවින් පෙන්නුම් කරනවා. දේශීය හා විදේශීය සම්බන්ධතා පෙන්වන පැරණි දකුණු ඉන්දියානු කාසි වර්ග රෝම කාසි ද මෙහි බහුලව හමුවී තියෙනවා.

 

 

 


පුරාවිද්‍යාත්මක වශයෙන් හා පූජනීය වශයෙන් අතිශය ප්‍රසිද්ධියක් උසුලන අනුරාධපුරයේ පිහිටි අභයගිරි විහාරය දේශීය විදේශීය සංචාරකයන්ගේ සහ බැතිමතුන්ගේ වන්දනීය පූජනීය ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා

 

 

by Dilki Shamani

Photo source:Internet

 

views

562 Views

Comments

arrow-up