ලංකාවේ ට්‍රිප් යන්න මෙන්න නියම තැන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
16

ලංකාවේ ට්‍රිප් යන්න මෙන්න නියම තැන්

ලංකාවේ ට්‍රිප් යන්න මෙන්න නියම තැන්

කාර්යබහුල ජිවිතයේ ටිකක් හරි අපට නිදහසේ ඉන්න තියෙනවනම් කවුද අකමැති. කාලය කළමණාකරණය කරගනිමින් විවේකයක් ලද සෑම අවස්ථාවකදීම අපි අපේ පවුලේ හැමෝම එකතු කරගෙන එහෙමත් නැත්නම් යහළු යෙහෙළියන් , හිත මිත්‍රාදීන් එක්ක විනෝද චාරිකාවක් සූදානම් කරගන්නවා.

ඉතින් අද අපි අපේ ට්‍රිප් යන්න කැමති හැමෝටම ලංකාවේ නැරඹිය යුතුම ස්ථාන කිහිපයක් පිළිබඳව විස්තර අරගෙන ආවා බලන්න අපි මේ කියන සුන්දර ස්ථාන වලට ඔබ ගිහින් තියෙනවාද කියලා. නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න යන්න.

 

බත්තලන්ගුන්ඩුව

කල්පිටියේ පිහිටි ඉතා සුන්දර වූ වෙරළ තීරයක කෑම්පින් කරන්න කියාපු තැනක්. කල්පිටියේ ඇති සංචාරක ස්ථාන ඉතා අඩු නිසා දිනක දෙකක ට්‍රිප් එකක් යනවානම් මෙන්න තැන. සංචාරකයින් අතර වඩාත්ම ප්‍රසිද්ධ තැනක් තමයි මේ බත්තලන්ගුන්ඩුව කියන්නේ.

 

සේර ඇල්ල
 


මාතලේ ප්‍රදේශයට අයත් පොත්තතවෙල ගම්මානයේ තමයි මේ සුන්දර ඇල්ල පිහිටලා තියෙන්නේ. මේ ඇල්ල ලග්ගලට ආසන්නවයි පිහිටලා තියෙන්නේ. මෙය කිතුල් ඇළ හා හුනු මඩල ගඟ එකතුවක් ලෙස ගලා බැසීමෙන් සෑදෙන පුවක්පිටිය ගගෙහි ජලය තෙලගමු ඔය සමඟ නැවත සම්බන් සම්බන්ධ වීමෙන් මෙව් ඇල්ලෙහි ආරම්භය සිදු වේ.
 

 

ඩොරික් බංගලාව

ඩොරික් බංගලාව යනු ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වන ෆ්‍රෙඩ්රික් නෝත් ගේ නිවසයි. මන්නාරමේ පිහිටි මෙය 1802 දී නිර්මාණය අරඹා 1804 දී අවසන් කර ඇත. වෙරළට ආසන්නව පිහිටීමෙන් මෙම නිවස ඛාදනය වී අපූර්වතම නටඹුනක් ලෙස දක්නට ලැබෙනවා ක්.


 

කොකනට් ට්‍රී හිල්
 


දකුණු ලක මිරිස්ස ප්‍රදේශයේ ඇති මෙම නැරඹුම් ස්ථානය පෞද්ගලික ඉඩමකි. ගෝලාකාර කදු බෑවුමක ඉතා අපූරු ලෙස පොල්ගස් වැඩී ඇති ආකාරය දකින්නට ලැබේ. හිරු බැස යන සුන්දර දර්ශණය නැරඹි සඳහා හොඳම තැන මෙය බව නොරහසකි.

 

හුළු ගඟ ඇල්ල

නුවර නගරයේ සිට කි. මී 30 කට පමණ ඈතින් බඹර ඇල්ල දෙසට ගමන් ගන්නා ඔබට මෙම හුළු ගඟ ඇල්ල දකින්නට හැකියාව ලැබෙනවා. මීටර් 75 ක් පමණ උසින් යුක්ත වූ මෙම ඇල්ල ගල් තලා හා ශාක පදුරු මතින් ගලා හැලෙන නිසා වැසි කාලයේදී වුවද ජලය මඩ නොවීම විශේෂත්වයකි.


 

 

පිදුරංගල

සීගිරිය නැරඹීමට යන බොහෝ දෙස් විදෙස් සංචාරක පිරිස කැමැත්තක් දක්වන මෙම පිදුරංගල කන්දට ස්වභාවධර්මයේ අපූර්වත්වය විඳ දරා ගැනීමට යන්න අමතක නොකරන ස්ථානයකි. හිරු නැගීමේ සුන්දර දර්ශණය දැක බලා ගන්නට නම් පිදුරංගල කියාපුම තැනක්.

හැමදාම වගේ අදත් අපි ඔයාලට මතක් කරන්නේ මේ ස්ථානවලට යන්න විනෝද වන්න එහෙත් විනාස නොකරන්න යන්නයි. අපේ අනාගත පරපුරටත් මෙහි සුන්දරත්වය විඳින්නට අවස්ථාවක් තබන්න.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

2435 Views

Comments

arrow-up