ගුණදායී සුප් වර්ග 01
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
09

ගුණදායී සුප් වර්ග 01

ගුණදායී සුප් වර්ග 01

කුඩා දරුවාගේ සිට වැඩිහිටියන් දක්වා පෝෂ්‍යදායක සුප් වර්ග පානය කිරීමට දීම ඉතාමත් වැදගත්.

ඔන්න අද ඔබට විශේෂයෙන්ම සුප් වර්ග කිහිපයක් නිවසේදීම සකස් කරගන්නා ආකාරය අප ඉදිරිපත් කරමු.

 ධාන්‍ය සුප්

අවශ්‍ය දෑ,

පොගවා ගත් කවුපි/කඩල/මුං ඇට
කුකුල් මස් තම්බා ගත් වතුර ලීක්ස්
කැරට්
තක්කාලි
ලූනූ බිත්තර සුදු මද දෙකක් තම්බා ගත් නුල්ඩ්ස්
රස අනුව ලුණු

සාදන ආකාරය,

කුකුල් මස් තම්බා ගත් වතුරට කෑලි කපා ගත් එළවළු ටික එකතු කර රත් කරගන්න.

ඉන්පසු පොගවා ගත් ඇට බ්ලෙන්ඩර් කර එයත් මිශ්‍රණයට එකතු කරගන්න.

සුප් එක උතුරන කොට එයට තක්කාලි ,බිත්තර සුදු මද ,තම්බපු නූඩ්ල්ස් හා ළූණු හා ලුණු එකතු කරගන්න.

උණු උණුවෙම මේසයට පිළිගන්වන්න.

 පරිප්පු සුප්

අවශ්‍ය දෑ,

පරිප්පු 100 g
නිවිති 200 g
කරාබුනැටි
සුදුළූණු
ජලය
රස අනුව ලුණු

සාදන ආකාරය,

පරිප්පු, ළූණු, සුදුළූණු සහ ජලය භාජනයකට දමන්න. ලිප තබා හොඳින් තම්බා ගන්න. පරිප්පු තැම්බෙන විට එයට නිවිති ටික එකතු කරගන්න.

තවත් විනාඩ් 2 ක් පමණ පිස නිවෙන්න හරින්න. ඉන්පසු මිශ්‍රණය බ්ලෙන්ඩර් කර රස අනුව ලුණු එකතු කරගන්න.

 

 

 



එළු මස් සුප්

අවශ්‍ය දෑ,

කටු රහිත එළුමස්
සුදුළූණු ළූණු
අල
කැරට්
ගෝවා
ළූණු කොළ
රස අනුව ලුණු

සාදන ආකාරය,

සෝදා පිරිසිදු කරගත් මස් වලට ජලය සුදුළූණු, ළූණු හා ලුනු යොදා තම්බාගන්න. මිශ්‍රණය තැම්බුනු පසු කැබලි කපා ගත් අල ,කැරට් හා ගෝවා එකතු කරගන්න.

එළවළු ටික හොදින් තැම්බෙන කොට ලිපෙන් ඉවත් කර ලුණු හා ලූනු කොල එකතු කරගන්න. පිළිගන්වන්න.

 

 

by Kaushalya De Silva

Photo Source: Internet

 
views

1286 Views

Comments

arrow-up