පෝෂ්‍යදායි බිත්තර රොටී
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
02

පෝෂ්‍යදායි බිත්තර රොටී

පෝෂ්‍යදායි බිත්තර රොටී

අවශ්‍ය ද්‍රව්‍ය:-

පිටි 300g
බේකින් පව්ඩර් තේ හැදි 1
ලුනු
පොල් තෙල්
බටර්
ලූනු ගෙඩියක්
අමු මිරිස්
බිත්තර 8ක්
ගම්මිරිස්
කෑලි මිරිස්
ගා ගත් කැරට්
සිහින්ව ලියාගත් ලීක්ස්

සාදාගන්නා ආකාරය:-

මුලින්ම පිටි,බේකින් පව්ඩර්,ලුනු ස්වල්පයක් ,පොල් තෙල් චුට්ටක් දාල මිශ්‍රණය අතේ නොඇලෙන ගානට අනාගෙන පැය 2ක් පමණ වහල තියන්න. ඉන් පසු ආයෙමත් තෙල් ටිකක් දාල අනල තව පැය 2ක් වහල තියන්න. තෙත රෙද්දකින් වහලා තියෙනවා නම් තමයි වඩාත් හොද. ඊට පස්සෙ සාමාන්‍ය ප්‍රමානයේ බෝල හදල ඒ බෝල ටික තෙත රෙදි කෑල්ලකින් විනාඩි 20 වගේ වහල තියන්න. අනනවා වහලා තියෙනවා ආයේ අනනවා ඔබට හිතෙනවා ඇති ඇයි කියලා. මෙම මිශ්‍රණය තරමක් ඝනකම් . ඉතින් එහි ඝනකම අඩු කරලා පිපීම වැඩි කරලා ටිකක් මිශ්‍රණය මෘදු කරගන්න තමයි තෙවතාවක් පමණ අනලා ආය වහලා තියන්නේ.

බිත්තර රොටියෙ මැදට දාන මිශ්‍රණය ක හදන්නෙ මෙහෙමයි..
මුලින්ම බිත්තර ටික කඩල හොදට ගසා ගන්න ඊලගට ලූනු,අමු මිරිස් හෝ දැවිල්ලට අවශ්‍යනම් කොච්චි එඩේර මිරිස් වගේ දෙයක්,ගම්මිරිස්,කෑලි මිරිස් ලුනු චුට්ටක්,බිත්තර ටිකට දාල කලවන් කරල ගන්න. මෙම බිත්තර රොටියේ පෝෂණ ගුණය වැඩි කරන්න තමයි අපි කැරට් සහ ලීක්ස් එකතු කරන්නේ. ඒ වගේම එයින් බිත්තර රොටියට වෙනමම රසයකුත් එකතු කරනව.

ඔන්න දැන් හැමදේම හරි රොටිය හදන්නයි තියෙන්නෙ..

පිටි බෝලයක් අරන් තැටියක තියල තෙල් චුට්ටක් දාගෙන හොදට තුනි කරගන්න..නිතර නිතර තෙල් දාල තුනි කරන්න එතකොට නිකම්ම ඇදිල වගේ යනව තුනි කරද්දි අනිවාරෙන් අල්ල භාවිතයෙන් තුනි කරගන්න ඇගිලිවලින් තුනි කරන්න එපා...දැන් ලොකු තැටියක් ලිපෙන් තියල හොදට රත් උනාට පස්සෙ ගින්දර අඩු කරගෙන තුනි කරගත් රොටිය දමන්න...දාපු ගමන්ම බිත්තර මිශ්‍රණයෙන් ටිකක් දාල හතර පැත්ත නවාගන්න දැන් රොටියෙ උඩ බටර් ටිකක් තවරගෙන රොටිය අනිත් පැත්ත දාල පුලුස්ස ගන්න ගානට
මතක තියාගන්න රොටිය දාන්න කලින් තැටිය හොදට රත් කරගෙන රොටිය දාද්දි ගින්දර අඩු කරන්න ඕනෙ..
දැන් ඉතින් රස බලන්න තමයි තියෙන්නේ.

 

 


ගෙදර ඉන්න පොඩි අයට ඔම්ලට් මිශ්‍රණය සැර වැඩියි කියලා හිතනවනම් , මෙයිට අමතරව සාමාන්‍යයෙන් බිත්තර රොටී හදන විහියටම ඔබට පිටි බෝලයකින් රොටිය හදාගෙන බිත්තරයක් කඩලා දාලා ඊට උඩින් ලුණු සහ ගම්මිරිස් ටිකක් එකතු කරගෙන ආහාරයට ගන්නත් පුළුවන් . නමුත් පෝෂණ ගුණයෙන් වැඩි නිසා ඉහත රෙසිපි එකම අනුගමනය කරනවානම් හොදයි.

 

 

by Lakshani Dhananjalee Lankadhikara

Photo Source: Internet

 

views

886 Views

Comments

arrow-up