සීරියල් රසට සැලඩ් හදමු
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
06

සීරියල් රසට සැලඩ් හදමු

සීරියල් රසට සැලඩ් හදමු

වර්තමානය වන විට බොහොමයක් ගෘහණියන්ට තමාගේ දරුවන්ට ධාන්‍යවලින් ලැබිය යුතු පෝෂණය ලබා දෙන්නට අතපසු වන්නට පුළුවනි. දරුවන්ගේ වර්ධනයට අවශ්‍ය බොහෝමයක් පෝෂණ පදාර්ථ ධාන්‍ය වර්ග වල අඩංගු බැවින් එම ධාන්‍ය වර්ග භාවිතයෙන් ගෙදරදීම රසවත් සැලඩ් වර්ග දෙකක් සාදා ගන්නා ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කරන්නටයි මේ සූදානම.

1. ස්වීට් corn සැලඩ්


බඩඉරිඟු ඉතා ගුණදායක ආහාරයක්. එහෙත් පහසුවෙන් ලබාගත හැකි දෙයක් වුවත් අපගේ ආහාරයට අඩුවෙන් එක් වෙන දෙයක් ලෙසත් බඩ ඉරිඟු හඳුන්වන්න පුළුවන්. බඩඉරිඟු පාවිච්චියෙන් sweet corn salad එකක් ගෙදරදීම සාදා ගන්නා ආකාරය පහත දැක්වේ.

අවශ්‍ය ද්‍රව්‍ය,


    - ස්වීට් කෝන් පැකට් හෝ ටින් එකක්
    - ලොකු තක්කාලි ගෙඩියක්
    - අලිගැටපේර ගෙඩිය ක්
    - මාළු මිරිස් කරලක්
    - සලාද කොළ ග්‍රෑම් සීයක්
    - පාස්ලි මේස හැන්දක්

sweet corn salad පිලියෙල කරගන්නා ආකාරය,


තක්කාලි ගෙඩිය හොඳින් සෝදා සිහින් කැබලි වලට කපා ගන්න. අලිගැටපේර ගෙඩිය පොත්ත ඉවත් කර කැබලි වලට කපා ගන්න. මාලුමිරිස් කරල ඇට ඉවත් කර කපා ගන්න. දැන් සියලුම දේ සලාද කොළ හා sweetcorn ඇතුළුව එකට මිශ්‍ර කරගන්න. දැන් yogurt dressing සමඟ හෝ french dressing සමඟ මිශ්‍ර කර මේසයට පිළිගන්වන්න.
 


2. චික් පී සැලඩ්


උදෑසන ආහාරයක් ලෙසින් බොහෝ දෙනා කඩල ආහාරයට ගනී. එසේ උදේ ආහාරයට කඩල යොදාගත්තත් සලාදයක් ලෙසින් නම් ඔබ එය රසවිඳ නැතිව ඇති. කුඩා දරුවන් බොහෝ විට කඩල තම්බා ආහාරයට ගැනීමට වැඩි ප්‍රියතාවයක් නොදක්වන අතර එම කඩල යොදා ගනිමින් රසවත් සලාදයක් පිළියෙල කර දුන්නොත් ඔවුන් වඩාත් ආසාවෙන් එය වැළඳ ගනීවි. කඩල යොදාගනිමින් චීක් පී සැලඩ් එකක් සාදාගන්නා ආකාරය පහතින් දැක්වේ.

අවශ්‍ය ද්‍රව්‍ය,


    - කඩල ග්‍රෑම් දෙසීයක්
    - බී ළූණු ගෙඩියක්
    - මාළු මිරිස් කරල් දෙකක්
    - බෙල්පෙපර් කරලක්
    - තක්කාලි ගෙඩි දෙකක්
    - පාස්ලි මේස හැන්දක්
    - ඉඟුරු තේ හැඳි බාගයක්
    - garlic french dressing මේස හැඳි හතරක්

 


chick pea salad පිලියෙල කරගන්නා ආකාරය,


කඩල රැයක් පමණ පෙඟෙන්නට දමා පසුදා උදෑසන තම්බාගන්න. බී ලූනු ගෙඩිය කපා ගන්න. මාලුමිරිස් හෝ බෙල් පෙපර් කැබලි වලට කපා ගන්න. තක්කාලි ගෙඩියේ මැද ඉවත් කර කපා ගන්න. ඉඟුරු ඉතා සිහින්ව ලියා තේ හැඳි බාගයක් ගන්න. එසේ නොමැතිනම් ඉඟුරු කුඩු තේ හැදි බාගයක් ලබාගත හැක. දැන් එම ද්‍රව්‍ය සියල්ලක්ම එකට හොඳින් මිශ්‍ර කරගන්න. garlic french dressing එකද යට එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. දැන් ඔබ කැමති ආකාරයකට සලාදය සරසා කෑම මේසයට යවන්න. ඔබේ නිවසට පැමිණෙන අමුත්තන්ට ද ඔබගේ අතින් සැකසූ මෙවැනි ධාන්‍ය රසයෙන් යුත් සලාද පිළිගන්වා ඔවුන්ටද අලුත් අත්දැකීමක් ලබා දෙන්න දක්ෂ ගෘහණියක් ලෙස ට ඔබත් අමතක නොකරන්න.

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

views

611 Views

Comments

arrow-up