යාපනේ කෑම ගෙදරදි රස බලමු
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
12

යාපනේ කෑම ගෙදරදි රස බලමු

යාපනේ කෑම ගෙදරදි රස බලමු

රටින් රටට කෑම වල රස වෙනස්. ඒ වගේම ලංකාවෙත් පළාතෙන් පළාතට කෑම වල රස හරිම වෙනස් වෙනවා. ඒ අතර යාපනයේ ප්‍රදේශයටම ආවේණික කෑම වල රස රෙසිපි කිහිපයක් තමයි මේ.

චිකන් කුලාම්බු

චිකන් කරිය යාපනේ ජනතාව අතර හරිම ප්‍රසිද්ධයි. මේ විදිහට චිකන් කරිය හදන්න අවශ්‍ය වෙන්නේ
*චිකන් කිලෝ එකහමාරක් *අල ග්‍රෑම් පන්සීයක්
*ලූනු ග්‍රෑම් සීයක්
*අමුමිරිස්
*රම්පේ
*කරපිංචා
*සේර
*පොල් කිරි කෝප්ප හතරක්
*වියළි මිරිස් ගම්මිරිස් සූදුරු කහ කුඩු කොත්තමල්ලි මාදුරු සහ කරපිංචා බැද කොටා කලින් සකස් කරගත් යාපනේ කරි පවුඩර්
*සුවද කුඩු
*දෙහි බෑවක්

සකස් කරන ආකාරය

චිකන් ටික හොඳින් සෝදලා තරමක කැබලි කපාගන්න අවශ්‍ය වෙනවා. අල ටිකත් කෑලි කපාගන්න ඕන. ඊට පස්සේ මිරිස් රම්පේ කරපිංචා සේර බදුනකට දාලා හොඳින් බැදගන්න අවශ්‍ය වෙනවා. ඉන්පසු තෙල් ටිකක් එකතු කරල ළූණු පෙති ටික රන්වන් පාටට බැද ගන්න. අර කලින් කපපු අල ටිකයි චිකන් ටිකයි එකතු කරලා විනාඩි පහක් විතර තැම්බෙන්න තියන්න ඕන. ඊළඟට කෝප්ප හතරක පොල්කිරි ටික එකතු කරලා කලින් සකස් කරපු යාපනේ කරි පවුඩර් එයට එක් කරන්න අවශ්‍ය වෙනවා. හොද්ද උකු වේගෙන එනකොට ආයෙත් සුවඳ කුඩු ටිකත් ඉහන්න ඕන. ඉන්පස්සෙ තවත් විනාඩි දෙකක් විතර තියලා දෙහි බෑයක මිරිකලා ලිපෙන් බාන්න අවශ්‍ය වෙනවා. මේ විදියට තමයි යාපනේ අය රසම රස චිකන් කුලාම්බු හදන්නේ.

 

 

 


උප්පුමා

උප්පුමා කියන්නේ රුලං වලින් හදන කෑම වර්ගයක්. යාපනේ අය අතර බොහොම ප්‍රසිද්ධ උදේ කෑමක් තමයි උප්පුමා කියන්නේ .මුලින්ම රත්කරගත් තෙල් තැටියකට අබ තේ හැඳි භාගයක් විතර එකතු කරලා අබ ටික පිපිරීගෙන එනකොට ලූණු ගෙඩියකුත් කපල මීට එකතු කරන්න ඕන. ලූණු ටික බැදීගෙන එද්දි පොඩියට කපපු බෝංචි ටිකකුත් එකතු කරන්න වෙනවා. හොඳින් කලවම් කරන ගමන් මද ගින්නේ පිසෙන්න ඇරලා බෝංචි වල පාට වෙනස් වෙලා අදුරු වුනාම රස අනුව ලුණු ටිකකුත් එකතු කරලා ලිපෙන් බාගන්න ඕන. ඊට පස්සේ ආයෙත් තෙල් රත් කරපු තැටියකට කෑලි කපු කැරට් ගෙඩි දෙක තුනක් හීනියට ලියපු ගෝවා ටිකක් දාලා පදම බලලා ලුණු ටිකකුත් එකතු කරලා මේක තැම්බුනාම අර කලින් හදපු බෝංචි බෝංචි ටිකත් එක්ක තියාගන්න ඕන. ඊට පස්සේ තමයි රුලං කෝප්පයක් ගන්න අවශ්‍ය වෙන්නේ. ඒ ටික වෙනම භාජනයකට දාලා හොදින් ටෝස්ට් කර ගන්නකොට රුලං කෝප්ප එකට වතුර කෝප්ප දෙකක් හිටින විදියට වතුර ටිකක් එකතු කරලා කරපිංචා ලුණු ටිකක් එකතු කරන්න අවශ්‍ය වෙනවා . බටර් ටිකක් එකතු කරොත් වඩාත් රසවත් වෙනවා. මේ ඔක්කොම ටික හොඳින් හොඳින් කලවම් කරගෙන ටිකක් ඝනවීගෙන එනකොට අර තම්බ ගත්තු එළවළු ටික එකතු කරන්න ඕන. මේක හරියට කිරි බත් වගේ ඇලෙනසුළු කෑමක්. එලවලු හුඟක් තියෙන නිසා පෝෂදායි රුලං වලින් හදන නිසා ගුණයෙන් අනූන යාපනයේ කෑම වේලක් තමයි උප්පුමා කියන්නේ.

නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක යාපනේ රසට මේ කෑම හදල බලන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

1191 Views

Comments

arrow-up