10 ශ්‍රේණිය- ව්‍යාපාරයක වට්ටම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
18

10 ශ්‍රේණිය- ව්‍යාපාරයක වට්ටම්

10 ශ්‍රේණිය- ව්‍යාපාරයක වට්ටම්

ව්‍යාපාර වල ගණුදෙණු සිදුකිරීමේදී වට්ටම් ලැබෙනවා. ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා අදාල ගනුදෙනුවේ වටිනාකමින් ප්‍රමාණයක් අඩු කිරීම වට්ටම් ලෙස හඳුන්වනවා. මේ වට්ටම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියනවා.
 

             1. වෙළෙඳ වට්ටම්
             2. මුදල් වට්ටම්


මුදල් වට්ටම් හා වෙළඳ වට්ටම් යන වට්ටම් වර්ග දෙකම නැවත දුන් වට්ටම් හා ලද වට්ටම් ලෙස වර්ග කරන්න පුළුවන්.
වෙළඳ වට්ටම් ලෙස හඳුන්වන්නේ භාණ්ඩයක ලකුණු කර ඇති මිලෙන් කිසියම් වටිනාකමක් අඩු කර විකිණීමයි. වෙළඳ වට්ටම් වල යම් විකුණුම්කරුවකුගේ පාර්ශවයෙන් පාර්ශවයෙන් දෙනු ලබන වට්ටම දුන් වෙළඳ වට්ටමක් ලෙස සලකන අතර ගැනුම්කරුගේ පාර්ශවයෙන් එය ලද වෙළද වට්ටමක් වෙනවා. වෙළඳ වට්ටම් ගිණුම් ගත කරන්නේ නැහැ. ඊට හේතුව වන්නේ ව්‍යාපාරය ගිණුම්වල සටහන් කරන්නේ වෙළඳ වට්ටම අඩු කර ලැබුණු ශුද්ධ වටිනාකම නිසයි.

මුදල් වට්ටම් ව්‍යාපාරයේ ගිණුම් ගත කරනවා. මුදල් වට්ටම් ඇති වන්නේ ණයට ගැනීම සහ විකිණීම සිදු කිරීමේදී. ඒ අනුව ණයගැතියන් සහ ණයහිමියන් ආශ්‍රය කරගෙන මුදල් වට්ටම් බිහිවෙනවා.

ණයගැතියන් ලෙස හඳුන්වන්නේ ව්‍යාපාරයෙන් ණයට භාණ්ඩ මිලදීගෙන ව්‍යාපාරයට අනාගතයේ දී මුදල් ගෙවීමට වගකීමට බැඳී සිටින පාර්ශ්වයන්. ණයහිමියන් ලෙස හඳුන්වන්නේ ව්‍යාපාරය විසින් ණයට භාණ්ඩ මිලදීගෙන අනාගතයේ දිනකදී ව්‍යාපාරය පියවීමට වගකීමට බැඳී සිටින පාර්ශ්වයන්. ව්‍යාපාරයකට ණයගැතියන් වත්කමක් වන අතර ණයහිමියන් වගකීමක් වෙනවා.

ණයගැතියන් මුදල් නැවත ව්‍යාපාරයට ලබා දෙන අවස්ථාවේදී ව්‍යාපාරය විසින් අඩු කරනු ලබන වටිනාකම දුන් වට්ටමක් ලෙස සලකනවා. ඒ නිසා එය ව්‍යාපාරයට වියදමක් වෙනවා. ඒ අනුව දුන් වට්ටම් වියදම් ගිණුම්ගත කිරීමේ ද්විත්ව සටහන් රීතිය පදනම් කරගෙන සටහන් කරනවා.

දුන් වට්ටම් වැඩිවීම -හර
දුන් වට්ටම් අඩුවීම- බැර

ලද වට්ටම් ලෙස හඳුන්වන්නේ ව්‍යාපාරයක ණය හිමියන් වෙනුවෙන් නැවත ඔවුන්ට මුදල් පියවීමේදී අඩු කරනු ලබන අගයයි. එය ව්‍යාපාරයට ආදායමක් වෙනවා. ලද වට්ටම් නිසා ව්‍යාපාරය විසින් ගෙවිය යුතු සැබෑ වටිනාකම අඩුවෙන් ගෙවිය හැකි වෙනවා. එය ව්‍යාපාරයට ලාභයක්. මේ නිසා ආදායම් ගිණුම් ගත කිරීමේ ද්විත්ව සටහන් රීතිය පදනම් කරගනිමින් ලද වට්ටම් ගිණුම් ගත කරනවා.
ලද වට්ටම් වැඩිවීම-බැර
ලද වට්ටම අඩුවීම- හර

අපි පිළියෙල කරන මුදල් පොතේ දුන් වට්ටම් සහ ලද වට්ටම් තීරු ඇතුළත් කරන්න පුළුවන්. මේ විදියට ව්‍යාපාරවල මුදල් වට්ටම් ගිණුම් ගත කිරීම් සිදු කරන්න පුළුවන්.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

4733 Views

Comments

arrow-up