e-class: Grade 3 English - 1
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
11

e-class: Grade 3 English - 1

e-class:  Grade 3 English - 1

ආදරණීය දුවේ පුතේ ඔයාලගේ මේ පාසල් නිවාඩු කාලය සෙල්ලමින් විතරක්ම ගෙවලා හරියන්නේ නැහැ. පාසලේදී ඉගෙන ගත් පාඩම් නැවත නැවතත් මතක් කරගැනීම ඉතාමත් වැදගත්. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට ඔයාලා වැඩි කැමැත්තක් නැති වුණත් ඉංග්‍රීසි වඩාත් රසවත් ආකාරයෙන් ඔයාලට කියලා දෙන්නටයි මේ සූදානම.

අපි මුලින්ම බලමු ඉංග්‍රීසි භාෂාව උපයෝගී කරගනිමින් තමා පිළිබඳව අන් අයට හඳුන්වා දෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ How can I introduce myself to others.

මුලින්ම අපට තවත් කෙනෙක් මුණ ගැසුන විට Hello යනුවෙන් පැවසීම ඉතාමත් වැදගත්. එවිට අනිත් කෙනාත් වඩාත් සුහදශීලීව ඔබට Hello කියාවි. ඊට පස්සේ ඔයාට පුලුවන් ඔයාව අනිත් කෙනාට හඳුන්වලා දෙන්න.

 

   I'm Sahan. What's your name?
   I'm Nisal. What's your name?


ඒ වගේම පුංචි දූලා පුතාලට පුළුවන් ඔයාලගේ නම සදහන් කරලා ඉතාමත් අලංකාර බැජ් එකක් නිර්මාණය කරගන්නට. එවිට ඔයාලා එය පැළඳගෙන සිටින විට අනිත් අයට ඔයාව පහසුවෙන්ම හඳුනා ගන්නට පුළුවන්.


ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාලා ආසම කරන ක්‍රීඩාවක් විදියටත් ඔයාගේ අලුත් යහළුවන් යෙහෙළියන්ව හඳුනා ගන්නට. මෙම ක්‍රීඩාව කිරීමට ප්‍රථම ඔයාලා හැමෝම රවුමක් ආකාරයට සිට ගත යුතුයි. ඊට පස්සේ එක්කෙනෙක් තමන් ළඟ තියෙන බෝලය තවත් කෙනෙක් ළඟට විසිකරලා එයාගෙන් අහන්න පුළුවන් ඔයාගේ නම මොකක්ද කියලා. What's your name? ඊට පස්සේ එයා කියයි Hello, I'm Sahan කියලා.

 

මෙන්න මේ ආකාරයට ඔයාගේ යහළුවන් හැමෝටම බෝලය විසිකරලා එකිනෙකාට එකිනෙකා හඳුනාගැනීමට මෙන්ම නම් මතක තබා ගැනීමටත් හැකියාවක් ලැබේවි. පොත්පත් තුළින්ම මෙවැනි දේවල් මතකයේ තබා ගන්නවාට වඩා ඔබගේ යහළු යෙහෙළියන් සමග එක්වීමෙන් මෙවැනි ක්‍රීඩාවක් අයුරින් ඉංග්‍රීසි භාෂාවක් හදාරන්නට පුළුවන්නම් එය පුංචි දූලා පුතාලට වඩාත් පහසුවක් වේවි.

එහෙනම් දැන් මෙතෙක් වේලා අපි ඉගෙනගත්ත දේවල් නැවතත් මතක් කරගනිමු පහත ආකාරයට.

Hello, I'm Sadun. What's your name?

Hello, I'm Kamal. What's your name?

Hello, I'm Shan. What's your name?


එය තමයි ඔයාලට ඉතාමත් සරලවම තව කෙනෙක් හඳුනා ගැනීමට පුළුවන් ක්‍රමය. ඒ වගේම පහත ආකාරයට දූලා පුතාලට ඔයාලගේ යහළුවන්ගේ නම් දැන ගන්නට පුළුවනි.

Hello, Can I know your name please?
හෙලෝ, කරුණාකර මට ඔයාගේ නම දැනගන්න පුලුවන්ද?

Yes of course. I'm Sachini.
ඔවු පුළුවන්. මම සචිනි.

ඒ ආකාරයටත් දූලා පුතාලට යහලුවන්ව හඳුනා ගන්නට පුළුවන්. එම ක්‍රම අතරින් තමාට වඩාත් පහසු මෙන්ම මතක තබා ගත හැකි ක්‍රමයක් තෝරාගැනීම ඔබ සතුයි. මෙහිදී දෙමව්පියන්ටත් දූලා පුතාලට උපකාර කරන්නට පුළුවන් ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කර ගන්නට.

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

views

906 Views

Comments

arrow-up