e-class: 11 ශ්‍රේණිය කළමනාකරණය - 1

ලෝකය පුරාම විවිධ භාණ්ඩ හා සේවා සපයන ව්‍යාපාර පවත්වාගෙන ගියත් ඉන් සාර්ථක ව්‍යාපාර තියෙන්නේ බොහොම ස්වල්පයයි. විවිධ අරමුණු මුල්කරගෙන මිනිසුන් ආරම්භ කරන මේ ව්‍යාපාර වලින් 75% ක් පමණ ආරම්භ කර මුල් වසර පහ තුල බිඳවැටෙන බව ඔබ දන්නවද? එහෙම සිදු වෙන්නේ ඒ ව්‍යාපාර වල නිසි කළමනාකරණයක් නොමැතිකම නිසයි. ව්‍යාපාරයක් තමන්ගේ ව්‍යාපාර අරමුණු ඉටුකර ගැනීම සඳහා ව්‍යාපාරය සතු සම්පත් හොඳින් ප්‍රයෝජනයට ගත යුතු වෙනවා. ඊට කළමනාකරණය කියන්නේ අත්‍යවශ්‍ය සාධකයක්.
ලෝකය තුළ තියෙන සම්පත් සීමිතයි. ඒ නිසා ව්‍යාපාරයකටත් එය පොදුයි. මොකද ව්‍යාපාරයට තියෙන ශ්‍රමය අමුද්‍රව්‍ය මුදල් මේ සියල්ල සම්පත්. ඒවා සීමිතයි. ඉන් උපරිම ප්‍රයෝජනයක් ලබාගත යුතුයි.
කළමනාකරණය යන්න නිර්වචනය කිරීමේදී
"ව්‍යාපාරයක් යම් අරමුණක් සඵලදායීව ඉටුකර ගැනීම සඳහා පවතින සම්පත් කාර්යක්ෂමව යොදා ගනිමින් එම ව්‍යාපාරය සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙයවීම හා පාලනය කිරීමට අදාළ වූ ක්‍රියාවලියක්" ලෙස එය නිර්වචනය කළ හැකියි.
මෙම නිර්වචනයේ අඩංගු සඵලදායකත්වය කියන එකෙන් අදහස් වෙන්නේ අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම ප්‍රයෝජන ලබා ගත හැකි පරිදි සම්පත් භාවිතා කිරීමයි. ඒ අනුව කළමනාකරණය කියන්නේ තනි ක්‍රියාවක් නොවෙයි. එය එකිනෙකට සම්බන්ධ වූ ක්‍රියාවලියක්. ක්‍රියාවන් සමූහයක එකතුවක්. ඊට එම ව්‍යාපාරය පටන් ගැනීමට පෙර සිදුකරන මූලික සැලසුම් සකස් කිරීම සම්පත් නිසි ලෙස සංවිධානය කිරීම ඒ සම්පත්වලින් උපරිම නිමවුමක් ලබාදීමට ඒවා මෙහෙයවීම සහ ව්‍යාපාරයට අයත් සම්පත් මෙන්ම එක් එක් සුවිශේෂී ක්‍රියාවන් පාලනය කිරීම අයිති වෙනවා.
සැලසුම්කරණය: ව්‍යාපාරයක අරමුණු සහ ඒවා ඉටුකර ගන්නා ආකාරය තීරණය කිරීම.
සංවිධානකරණය: අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා සැලසුම් කළ ක්‍රියා මාර්ග වලට අවශ්‍ය සම්පත් තනතුරු සහ වැඩ බෙදා හැරීමේ ක්‍රියාවලිය.
මෙහෙයවීම: සැලසුම් ක්‍රියාවලියට අනුව බෙදන ලද සම්පත් නිසි ලෙස ඒ අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා හැසිරවීම.
පාලනය: සැලසුම් කල අරමුණ නිසි ලෙස ඉටු වේ දැයි සොයා බලා එහි අඩුපාඩු හඳුනා ගැනීමේ ක්‍රියාවලිය.
උදාහරණ:
රටේ පවතින තත්වය නිසා පෞද්ගලික ආයතනයක් සහන මිලට නිවෙස්වලට බඩු ලබා දී ඉන් ලාභ උපයන්න අපේක්ෂා කරනවා. මේ කටයුත්ත නිසි ලෙස කළමනාකරණය කරන්නේ කොහොමද?
නිවෙස් වලට බෙදා හරින්නේ මොනවාද ඊට අවශ්‍ය නීතිමය පහසුකම් සොයාගන්නෙ කොහොමද ප්‍රවාහනය කරන්නේ කොහොමද කියන එක සැලසුම් කළ යුතුයි.
ඉන් පසු අවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන සේවකයන් අතර එක් එක් ප්‍රදේශ විදියට ඒවා වෙන්කර අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා සලසා ගත යුතුයි. එය සංවිධානකරණයයි.
ඉන්පසු ව්‍යාපාරයේ අයිතිකරු සේවකයන්ව එම කටයුත්ත සිදු කිරීම සඳහා මාර්ගෝපදේශනයක් ලබාදී පෙළඹවිය යුතුයි. එය මෙහෙයවීමයි.
අවසානයේ සේවකයන් අදාල භාණ්ඩ අලෙවි කිරීමේදී දුවන ගැටලු පාරිභෝගික ගැටලු පිළිබද පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. එය පාලනයයි.
by Dilki Shamani
Photo source : Interent
1465 Views
Comments