මෙවර උසස්පෙළ හා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඔබට

පැතිරී යන කොරෝනා වසංගතයත් සමග අප්‍රේල් මස අවසන් වීමට තිබූ පළමු පාසල් වාරය මාර්තු මස 15 වෙනිදා සෞඛ්‍ය උපදෙස් මත අවසන් කිරීමට අධ්‍යාපන බලධාරීන්ට සිදුවුණා . ඉතින් පාසල් වාරය කලින් නිමාවීමත් , පටන් ගන්න දවසක් තවම ප්‍රකාශ කර නොතිබීමත් නිසා ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව ඔබට ගැටලු සහගත තත්වයක් උදාවී ඇතුවාට සැකයක් නැහැ. ඒ අතරිනුත් අ.පො.ස. උසස්පෙළ විභාගයට සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය පෙර සැලසුම් කළ පරිදිම අගෝස්තු මාසයේම පැවැත්වෙන බවයි අධ්‍යාපන බලධාරීන් පවසන්නේ.
පාසල් විතරක් නෙමෙයි මේ දවස් වල අමතර පංති කිසිවකටත් සහභාගි වීමට ඔබට හැකියාවක් නැහැ. ඉතින් ඔබ අනිසි බයක් ඇති කරගෙන සිටිනවා නම් හෝ මේ අවස්ථාවේ කුමක් කරන්නද යන්න නිශ්චිත අදහසක් ඔබට නැතිනම් මෙම ලිපිය ඔබටයි.
අ.පො.ස. සාසාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන නංගිලා මල්ලිලාට අප්‍රේල් මාසේ ඉදන් ගත්තොත් විභාගයට තව තියෙන්නේ මාස 7 ක් වගේ කාලයක්. ඔබගේ විභාග ප්‍රශ්න පත්‍ර සියල්ලම සකස් වන්නේ ප්‍රධාන වශයෙන්ම 10 වසර හා 11 වසර වල විෂය නිර්දේශයට අදාළ කරුණු වලින්. ඉතින් මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ඔබ 10 වසරේ විෂය නිර්දේශයට අදාල විශය කරුණු සියල්ලම දැන් වෙනකොට ඉගෙන ගෙන අවසන් . ඒ වගේමයි 11 වසරට අදාළ පාඩම් කිහිපයකුත් දැන් ඔබ ඉගෙන ගෙන අවසන්.
මේ දවස් වල මේ ඔබට ලැබී අවස්ථාව නිකරුණේ අපතේ යවන්න එපා. ඔබ උගත් විෂය කරුණු පාඩම් කිරීමට , කෙටි සටහන් නිර්මාණය කිරීමට මෙම අවස්ථාව යොදා ගන්න. එමෙන්ම 10 වසරට අදාල විෂය කරුණු පාඩම් කර අවසන් කරන්න. 11 වසරේ මීළඟට ඔබට ඉගැනීමට ඇති පාඩම් ඔබ තනිවම ස්වයං අධ්‍යනයට ලක් කරන්න . ඔබ තනිවම අමාරු විෂය කරුණු කෙරෙහි වැඩි උනන්දුවක් යොමු කරන්න. ඔබ ස්වයං අධ්‍යනයෙන් ධාරණය කරගන්නා විෂය කරුණු ඔබට අමතක වෙනවා ගොඩක් දුරට අඩුයි. මක්නිසාද යත් ඔබ ඒ විෂය කරුණු කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වීම නිසායි.එමෙන්ම නැවත ගුරුවරයෙක් ගෙන් එම විෂය කරුණු ඉගෙන ගැනීමේදී ඔබට එම විෂය කරුණු වඩ වඩාත් තහවුරු වෙනවා.
අ.පො.ස. උසස්පෙළ විභාගයට මුහුණදීමට සිටින බොහෝමයක් දෙනෙක්ට නම් මේ දවස් වල ඔළුව ගිනි අරන් ඇත්තේ. මොකද රිවිෂන් පටන් ගන්න කාලේ . අවසන් පාඩම් ටික ඉතුරු ඇති. ඉතින් ඔබ මේ දවස් ටිකේ ටිකක් වික්ෂිප්ත මනසකින් ඇත්තේ. ඔබට ඔබේ විභාගයට මුහුණදීමට තව තියෙන්නේ මාස 3 ක් වගේ කාලයක් . ඔබ මේ වනතෙක් කිසිම දෙයක් කරලා නැත්නම්, එයනම් ඔබේ ගැටලුවක් . එහෙම නැතුව විභාගයට වැඩ කරපු කෙනෙක් නම්, ඔබ ඔබේ හිතේ තියෙන අනියත බිය ඉවත් කරගන්න.
ඔබට පුළුවන් කියන විශ්වාසය ඇති කරගන්න. පාඩම් කිරීමට තිබූ සියල්ල ඔබ මේ වනවිටත් අවසන් කර නැත්නම් සති දෙකක් වැනි කාලයක් තුළ ඒ සියල්ල අවසන් කර ගන්න. ඉන්පසු වෙලාවත් සමගම ( අපි කියන්නේ ටයිම් එකට පේපර්ස් ලියනවා කියලා) ඔබ සතු පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ විභාග ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සපයන්න. හිතට එකගව ඒවාගේ හරි වැරදි බලන්න.
ඔබ විසින්ම සාදාගත් කාල සටහනකට අනුව මෙම කාලය කළමනාකරණය කර ගන්න. මේ ඔබට ලැබෙන අවස්ථාව ඔබේ විභාගයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කරගන්න. ඔබේ කැපකිරීම් , ඔබේ උත්සාහයා මෙවර ඔබේ ප්‍රතිඵල සටහන තීරණය කරාවී.
by Lakshani Lankadhikara
Photo source : Internet
1173 Views
Comments