e-class: 10 ශ්‍රේණිය ව්‍යාපාර සංවිධාන - 2
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
11

e-class: 10 ශ්‍රේණිය ව්‍යාපාර සංවිධාන - 2

e-class: 10 ශ්‍රේණිය ව්‍යාපාර සංවිධාන - 2

ව්‍යාපාර සංවිධානය යටතේ ඒක පුද්ගල ව්‍යාපාර ගැන වැඩිදුර විස්තරයක් මේ ලිපියේ දැක්වෙනවා.
ඒක පුද්ගල ව්‍යාපාර හඳුන්වන තවත් නමක් තමයි කේවල ස්වාමි ව්‍යාපාරයක් කියන්නේ. ඒ ව්‍යාපාරයට ඉන්නේ තනි අයිතිකරුවෙක් විතරයි. ලෝකය පුරා ව්‍යාප්ත වෙලා තියෙන ව්‍යාපාර අතරින් බහුලවම තියෙන සංවිධානයක් තමයි මේ ඒක පුද්ගල ව්‍යාපාර. මේවා අයිති වෙන්නේ හිමිකාරත්වය අනුව පෞද්ගලික ව්‍යාපාර ගණයට. ඒ වාගේම එහි පරිමාණය අනුව සුළු පරිමාණද මහා පරිමාණ ද කියන කියන එක තීරණය වෙනවා. ඒක පුද්ගල ව්‍යාපාර නැත්නම් කේවල ස්වාමි ව්‍යාපාර ලෝක පුරා වැඩිපුරම දකින්න ලැබෙන හේතු දෙකක් තියෙනවා.

    a. කුඩා ප්‍රාග්ධනයකින් පහසුවෙන් ආරම්භ කළ හැකිවීම
    b. අයිතිකරුවාගේ දක්ෂතාවය හා කැපවීම අනුව ඒ ව්‍යාපාරය ස්වාධීනව කරගෙන යා හැකි වීම.

කේවල ස්වාමි ව්‍යාපාරයක ප්‍රධාන ලක්ෂණ වන්නේ,

1. ව්‍යාපාරයට තනි අයිතිකරුවකු විසින් ප්‍රාග්ධනය ඉතිරිකිරීම් හෝ ණය මුදල් මගින් යෙදවිය යුතු වීම
2. ලාභ අලාභ තනිව භුක්ති විඳීමට සිදුවීම
3. ව්‍යාපාරයේ වගකීම් පියවීම සඳහා තමන්ගේ පෞද්ගලික දේපළ පවා යෙදවීමට සිදුවීම. එනම් අසීමිත වගකීමක් තිබීම
4. ව්‍යාපාරය කටයුතු වෙනුවෙන් වාහන මිලදී ගැනීම බැංකු ණය ලබා ගැනීම ගිවිසුම් ගිවිසුම් වලට එළඹීම සඳහා පුද්ගලයාගේ නමින් සිදුකළ හැකි වීම. එනම් නීතිමය පුද්ගල භාවයක් නොමැති වීම.
5. ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අයිතිකරුගේ කැපවීම මත පවතින නිසා එහි අඛණ්ඩ පැවැත්ම නොමැති වීම.
6. ව්‍යාපාරය නාම ලියාපදිංචිය හැර ලියාපදිංචිය අනිවාර්ය නොවීම

කේවල ස්වාමි ව්‍යාපාරයක වාසි
1. අඩු ප්‍රාග්ධනයකින් ඉතා ඉක්මනින් අවම නීති නීතිරීති යටතේ පහසුවෙන් ආරම්භ කළ හැකිවීම
2. සියලුම ලාභ අයිතිකරු භුක්ති විදිය හැකි වීම
3. ව්‍යාපාරය තනි පුද්ගලයකු විසින් පාලනය කරන නිසා එහි තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා වීම ව්‍යා
4. ව්‍යාපාරයේ තීරණ අයිතිකරු විසින් ගන්නා නිසා එහි ස්වාධීන බව ආරක්ෂා වීම

ඒක පුද්ගල ව්‍යාපාර වල අවාසි
1. තනි අයිතිකරුවකු නිසා ව්‍යාපාරයේ අයිතිකරුට අසීමිත වගකීමක් ඇති වීම
2. තනිව ප්‍රාග්ධනය සම්පාදනය කර ගතයුතු නිසා ප්‍රාග්ධන රැස් කර ගැනීමේ අපහසුතා ඇතිවීම
3. ව්‍යාපාරයට අඛණ්ඩ පැවැත්මක් නොමැතිවීම
4. ව්‍යාපාරයේ සියලු කටයුතු අයිතිකරුගේ පුද්ගලික නමින් සිදුකරන නිසා නීතිමය පුද්ගල භාවයක් නොමැති වීම
5. ව්‍යාපාරයට අදාළ සියලුම තීරණ තනි පුද්ගලයකු ගන්නා නිසා ඇතැම් විට අසාර්ථක තීරණ වලට එළඹීම

කේවල ස්වාමි ව්‍යාපාරයක් නැත්නම් ඒක පුද්ගල ව්‍යාපාරයක් පිළිබඳ ඉහත සඳහන් කරුණු පිළිබඳ මූලික අවබෝධයක් තිබිය යුතු වෙනවා.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

2386 Views

Comments

arrow-up