8 ශ්‍රේණිය විද්‍යාව: පදාර්ථයේ ගුණ

අප අවට පරිසරය පදාර්ථ හා ශක්ති වලින් සමන්විතයි . මේ පිළිබඳව වැඩිදුර අවදානය යොමු කලොත් අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් සහිත දෑ පදාර්ථ ලෙසත් ස්කන්ධයන් නොමැතිමුත් අවකාශයේ ඉඩක් ගන්නා දේ ශක්තීන් ලෙසත් හැඳින්වේ.
පදාර්ථය සැලකූ විට එය අංශුමය ස්වභාවයෙන් යුක්ත බව පළමුවෙන් ඉදිරිපත් කෙරේ ඩිමොක්‍රටීස් නම් ග්‍රීක දාර්ශනිකයා ය.පසුකාලීනව මෙම පදාර්ථයේ ව්‍යුහ ස්වභාවය පිලිබඳව විවිධ මතවාද පැවතුනද “පදාර්ථය අංශුමය ස්වභාවයෙන් යුක්ත”බව නූතන විද්‍යාඥයින් පරීක්ෂණාත්මකව තහවුරු කර ගෙන ඇත .පදාර්ථය අංශුවලින් සකස් වී තිබීමත් ඒවා අතර අවකාශය පැවතීමත් පදාර්ථයේ අසන්තත ස්වභාවය හෙවත් අංශුමය ස්වභාවය ලෙස හැඳින්වේ.
භෞතික ස්වභාවය අනුව පදාර්ථය ඝන, ද්‍රව හා වායු ලෙස වර්ග කළ හැකිය.මෙම ඝන ,ද්‍රව හා වායු යන පදාර්ථ අසන්තත ස්වභාවයෙන් යුක්ත බව විවිධ ක්‍රියාකාරකම් තුළින් තහවුරු කර ගෙන ඇත.
මෙම ත්‍රිවිධ අවස්ථාවලදීම පවතින පදාර්ථය අංශුමය ස්වභාවය ට සාපේක්ෂව පදාර්ථයේ ගුණ සැසදීමේදී ,
ඝන
● අංශු ක්‍රමවත් රටාවකට ඇසිරී පවතී
● අංශු තදින් එකිනෙකට බැඳී ඇත
● අංශු එකිනෙක එකිනෙකට සාපේක්ෂව චලනය නොවේ එහෙත් පිහිටි ස්ථාන වලම කම්පවලම කම්පනය වේ
● අංශූ අතර ඉඩ ප්‍රමාණය අල්පය .
ද්‍රව
● අංශු හැසිරීමේ දී ක්‍රමවත් රටාවක් නොපෙන්වයි
● අංශු ලඟින් පිහිටියද ඝනයක් තරම් බැඳීම් ප්‍රබල නැත
● අංශුවට ද්‍රවයක් තුල චලනය විය හැකි ය
● අංශු අතර ඉඩ ප්‍රමාණය අඩුය
වායු
● අංශුව ඇසිරීම අක්‍රමවත්ය
● අංශු අතර බැඳීම ඉතාමත් දුර්වල ය
● අංශු නිදහස් චලනය දක්වයි
● අංශු අතර විශාල ඉඩ ප්‍රමාණයක් ඇත .
ඝන ද්‍රව හා වායු පදාර්ථවල භෞතික ගුණයන්හි විවිධත්වයට හේතු වනුයේ ඒවායේ අංශුමය සැකැස්ම විවිධත්වය යි.එම විවිධත්වය පිළිබඳ ව පහත සඳහන් වගුව තුලින් නිරීක්ෂණය කල හැක.
ඝන ද්‍රව හා වායු පදාර්ථවල ගුණ අනුව ඒවා විවිධ කටයුතු සඳහා භාවිතා වේ .එවැනි අවස්ථා කිහිපයක් නම්
ඝන:- යන්ත්‍ර කොටස් ,වාහන වල කොටස් ,ගොඩනැගිලි ද්‍රව්‍ය හා ආයුධ
ද්‍රව :- රසදිය උෂ්ණත්වමානය , ද්‍රාව ජැක්කුව, ප්‍රවාහන මාධ්‍යයක් ලෙස
වායු :- වාහන වල ටයර් , පීඩන උදුන්, හයිඩ්‍රජන් බැලුන් හා ද්‍රව ප්‍රෙට්ට්‍රෝලියම් වායු සිලින්ඩර පිරවීම සඳහා
භාවිතා කළ හැකි වෙනවා.
by Dilki Shamani
Photo source : Internet
3459 Views
Comments