8 ශ්‍රේණිය - ඉතිහාසය: වේලි තාක්ෂණය

ඇළවේලි වල අවශ්‍යතාවය මතුවුනේ වැව් අමුණුවල සිට වගා බිම්වලට ජලය ගෙන යාමටත් අමුණක සිට වැවකට හෝ වැව පද්ධතියකට ජලය ගෙන යාමටත් වැවක සිට වැව් කිහිපයකට ජලය ගෙන යාමටත් උවමනා වූ අවස්ථා වලයි. ඇල දොළ හරස් කර බඳින ලද ආවරණය නැත්නම් බැම්ම වේල්ලේ කියලා හඳුන්වනවා. මේ වේලි කොටස් දෙකක් තියෙනවා.
තාවකාලික වේලි සහ ස්ථිර වේලි. වැසි කාලය අවසානයේ කුඩා ගංගා ඇළදොළ හරස්කර අතු කැබලි යොදා තාවකාලික වේලි සකස් කරනවා. කෙත් යායකට අවශ්‍ය ජලය ලබා ගැනීම මෙහි අරමුණ වෙනවා. ස්ථිර වේලි තාවකාලික වේලි වලට වඩා කල් පවතින ආකාරයට ජලයේ පීඩනයට හා ස්වභාවික සෝදාපාළුවට ඔරොත්තු දෙන ලෙස ගල් කුට්ටි යොදාගෙන ඉදිකර තියෙනවා. මල්වතු ඔය හරස් කර ඇති තේක්කම් අමුණ ස්ථාවර වේල්ලක් සහිත පුරාණ අමුණකට උදාහරණයක් වෙනවා. එය සැතපුම් දාහතක් පමණ දුර ගෙවා මන්නාරමේ යෝධ වැවට ජලය ගෙන ගොස් තියෙනවා. වේලි තැනීමේ පුරෝගාමී රජු විදියට සලකන වසබ රජතුමා ඇලවල් දොළොසක් නිර්මාණය කර ඇති බව සටහන් වෙනවා. ඒ අතර ඇලහැර ඇල නැත්නම් ආළිසාර ඇල ප්‍රධාන වෙනවා. එය අඹන් ගඟ හරහා වේල්ලක් බැඳ උතුරු ප්‍රදේශයට ජලය ගෙනයාමට සැතපුම් 30ක් පමණ දිගට නිර්මාණය කර තියෙනවා.
ඉතිහාසයේ තවත් ප්‍රසිද්ධ ඇල්ලක් ලෙස හඳුන්වන්නේ ධාතුසේන රජතුමා කලා වැවේ සිට අනුරාධපුරයේ තිසා වැවට ජලය ගෙන ගිය ජයගඟ නැත්නම් යෝධ ඇළයි.එය සැතපුම් පනස් හතරක් වෙනවා. ඇලමාර්ග දීර්ඝ ලෙස නිර්මාණය කිරීමේදී ඇළ කැපීම ඇලේ පළල ගැඹුර නිසි ලෙස පවත්වා ගැනීම ලිහිල් පස් ඇති ස්ථානවල ඉවුරු කැඩී යෑම වැලැක්වීමට ක්‍රම අනුගමනය කිරීම භූ විෂමතාවයන්ට ගැළපෙන පරිදි ඇළවල් තැනීම වැනි අභියෝග වලට ඔවුන්ට මුහුණ දීමට සිද්ධ වෙලා තියෙනවා.
ඒ සඳහා ලාංකීය නිර්මාණකරුවා ඉතා නිර්මාණශීලී විසඳුම් සොයාගෙන තියෙනවා. මේ අභියෝග පිළිබඳ වාර්තා වෙන්නෙ ලක්දිව පුරාතන වාරිමාර්ග යනුවෙන් ආර් එල් බ්‍රෝහියර් මහතා ලියන ලද කෘතියේයි. ඇලහැර ඇල අවට උස් බිම් වලින් ජල පහරවල් එක්වීම නිසා වර්ෂා කාලයේදී එහි ධාරිතාවය වැඩිවී පිටාර ගැලූ විට ඉවුරු සේදීයාම වලක්වා ගැනීමට එම ඇළ මාර්ගයේ සකස් කිරීමේ දී පියවර ගෙන තිබුණා. ඒ අනුව එම දියපහරවල් එක් වන ස්ථානවල ඇලේ ඉවුරු ගල් බැමි යොදා ශක්තිමත් කර තිබුණා. ඒ වගේම කුඹුරු වලට ජලය හරවන ඇළ මාර්ග වල තනා ඇති සොරොව් හැමවිටම ගල්වලින් නිර්මාණය කර තිබුණේ මේ ඉවුරු කඩා වැටීම වැළැක්වීමටයි. අතීතයේ මේ විදිහට ඇළ වේළි තාක්ෂණය දියුණුව පැවතුණා.
by Dilki Shamani
Photo source : Internet
3977 Views
Comments