8 ශ්‍රේණිය- ඉතිහාසය: වාරි තාක්ෂණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
18

8 ශ්‍රේණිය- ඉතිහාසය: වාරි තාක්ෂණය

8 ශ්‍රේණිය- ඉතිහාසය: වාරි තාක්ෂණය

වසර දෙදහස් පන්සීයක අඛණඩ ලිඛිත ඉතිහාසයක් තියෙන අපේ රටේ ඉතිහාසය ඊට එහා ගොස් තියෙන බව කවුරුත් දන්නවා. එකල ජනාවාස ආශ්‍රිතව මිනිසුන් විසින් තැනූ ඇළමාර්ග වැව් පොකුණු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ සඳහා අපේ රටේ ජනතාව යොදාගෙන තියෙන්නේ ඔවුන්ටම ආවේණික තාක්ෂණ ක්‍රමයක්.

වැව් ඉදිකිරීම ආරම්භ වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ පමණ සිටයි. වසරේ එක් කාලයකට පමණක් ජලය ලැබෙන වියළි කලාපයට වගා කටයුතු හා පරිභෝජනය සඳහා ජලය රැස්කර තබා ගැනීමට මේ විදිහට මිනිසුන් වැව් තැනීම සිදු කරලා තියෙනවා. ලංකාවේ පැරණිතම වැව ලෙස සැලකෙන්නේ පණ්ඩුකාභය රජතුමා විසින් ඉදිකරන ලද බසවක්කුලම වැව නැත්නම් අභය වැවයි.

මහ වැව් තැනීම ආරම්භ වී ඇත්තේ ක්‍රිස්තු වර්ෂය 65 ත් 109 ත් අතර කාලයේ රජ කළ වසභ රජතුමා විසින්. ඔහු වැව් 11ක් තැනවූ බව සටහන් වෙනවා. ඒ අනුව මහානික්කවට්ටි වැව ලෙස අතීතයේ හැඳින්වූ අද මහවිලච්චිය වැව එතුමා විසින් නිර්මාණය කරන ලද වැවක් ලෙස හඳුනා ගෙන තියෙනවා. මේ විදියට වැව් තැනීම නිසා විශාල වැව්වල වැඩි ජල ධාරිතාවක් ගබඩා කරගෙන නියග කාලයේදී ඒවා ප්‍රයෝජනයට ගැනීමටත් විශාල වැව්වල ජලය ඇළ මාර්ග හරහා කුඩා ජලාශ වලට බෙදා හැරීමත් විශාල වැව් නිසා ගංවතුර පාලනය කරගත හැකි වීමටත් අතීතයේ මිනිසුන්ට හැකියාව ලැබිලා තියෙනවා. වැවක ප්‍රධාන කොටස් හතරක් දකින්න ලැබෙනවා.

සොරොව්ව

අධික පීඩනයක් ඇති වැව තුළ තියෙන ජලය වැව් බැම්ම හරහා ඇළ මාර්ගයට ගෙන යාම සදහා සොරොව්ව උපකාරී වෙනවා. මෙය මඩ සොරොව්ව සහ ගොඩ සොරොව්ව වශයෙන් කොටස් දෙකක් දකින්න ලැබෙනවා. මඩ සොරොව්ව වැවේ පතුලේ මේ පිහිටා ඇති අතර ගොඩ සොරොව්ව තරමක් උඩින් පිහිටා තියෙනවා.

බිසෝ කොටුව

 


ජලය පාලනයකින් යුතුව පිටතට ගැනීම සඳහා බිසෝකොටුව නිර්මාණය කරලා තියෙනවා. එය ලාංකිකයන්ගේම නිර්මාණයක් වෙනවා. වැවේ ඇතුළු පැත්තේ වැව් බැම්මට සමීපව කොටුවක ආකාරයෙන් මෙය නිර්මාණය කරලා තියෙනවා. නල මාර්ගයක් හරහා බිසෝකොටුවට ජලය ඇතුළු කරනවා. බිසෝකොටුව තුළ උස් පහත් කළ හැකි පියන් පතක් තියෙනවා. එය උස් පහත් කිරීමෙන් බිසෝකොටුව තුළින් වැව් බැම්ම හරහා ජලය පිටතට පාලනයකින් යුතුව නිකුත් කළ හැකි වෙනවා.

රළපනාව

වැව් බැම්ම සේදී යාම වලක්වා ගැනීම සඳහා වැව් බැම්මේ ඇතුල් පැත්තට ගල් අතුරා මෙය සකස් කරනවා. වැවේ පස් සේදී යාම වලක්වාලීමට මෙය උපකාරී වෙනවා.

වාන

ඇතුලු වාන හා පිට වාන ලෙස වාන් වර්ග දෙකක් තියෙනවා. ඇතුළු වාන වෙනත් ජලාශයකින් වැවට ජලය ලබා ගැනීමට උපකාරී වෙනවා. පිටින් ගලා එන ජලය නිසා වැවට රොන් මඩ එකතු වීම වැලැක්වීමට මෙය උපකාරි වෙනවා. එය වලක් ලෙස නිර්මාණය කර තියෙනවා. වැවේ අතිරික්ත ජලය පිට කිරීම සඳහා පිටවාන උපකාරී වෙනවා. විශාල වැවකට පිටවාන් දෙකක් වුවත් තිබෙන්න පුළුවන්.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

5209 Views

Comments

arrow-up