10 ශ්‍රේණිය - සුළු මුදල් ගනුදෙනු

ව්‍යාපාරයක සිදු වන ගෙවීම් වල සමහර ගෙවීම් ඉතාම අඩු වටිනාකමින් යුක්ත වෙනවා. නමුත් එහෙම කියල ඒ ගනුදෙනු අපිට අත හරින්න බැහැ. එවැනි ගනුදෙනු වාර්තා කිරීම සඳහා සුළු මුදල් පොත යොදා ගන්නවා.
මුදලින් සිදු වුවත් මේ කුඩා ගනුදෙනු මුදල් පොතේ වාර්තා නොකර වෙනම සුළු මුදල් පොතක් නමින් පොතක ගිණුම් ගත කරන්නේ මුදල් පොත අනවශ්‍ය ලෙස දීර්ඝ වීම වැලැක්වීමටයි. ඒ වගේම මුදල් පොතේ විශාල වටිනාකම් අතර ඉතා කුඩා වටිනාකමකින් යුත් අගයන් සටහන් කිරීමේදී ඒවා තුලනය කිරීමේ යම් යම් ප්‍රායෝගික ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ නිසා ඒවා මගහරවා ගන්න වෙනම සුළු මුදල් පොතක් භාවිතා කිරීම සුදුසු වෙනවා. සුළු මුදල් පොතක භාරකාරීත්වය තියෙන්නේ ප්‍රධාන මුදල් භාරකරු පත් කරනු ලබන සුළු මුදල් භාරකරුවා හටයි.
සෑම ගණුදෙනුවකටම වගේ සුළු මුදල් පොතේ ගනුදෙනු වාර්තා කිරීමටත් මූලාශ්‍ර ලේඛනයක් අවශ්‍ය වෙනවා. ඊට යොදාගන්න මූලාශ්‍ර ලේඛනය තමයි සුළු මුදල් ගෙවීම් වවුචරය ලෙස හඳුන්වන්නේ.
සුළු මුදල් පොතක ගනුදෙනු සටහන් කිරීමේ දී සුළු මුදල් අග්‍රිමය සහ සුලු මුදල් වියදම් ප්‍රතිපූරණය කියන කරුණු දෙක මොකක්ද කියන එක ගැන අවබෝධයක් තිබිය යුතු වෙනවා.
සුළු මුදල් අග්‍රිමය ලෙස සලකන්නේ පාලනයකින් යුතුව ගනුදෙනු කරගෙන යාම සඳහා සුළු මුදල් භාරකරු වෙත ප්‍රධාන මුදල් භාරකරුගෙන් ලැබෙන මුදල් ප්‍රමාණයයි. එය නිශ්චිත මුදල් ප්‍රමාණයක් වන අතර ව්‍යාපාරයේ ප්‍රමාණය පදනම් කරගෙන සුළු මුදල් අග්‍රිමයේ ප්‍රමාණය තීරණය කරනවා.
සුළු මුදල් වියදම් ප්‍රතිපූර්ණය ලෙස හඳුන්වන්නේ සුළු මුදල් අග්‍රිමය ලබාදුන් කාලසීමාව අවසානයේදී සුළු මුදල් භාරකරු වෙත ඇති මුදලේ ශේෂය සලකා බලා අග්‍රිමයේ මුළු වටිනාකම නැවත සම්පූර්ණ කිරීම සඳහා ප්‍රධාන මුදල් භාරකරු විසින් ලබාදෙන මුදල් ප්‍රමාණයයි. මෙය කාල සීමාව තුළ සුළු මුදල් භාරකරු විසින් සිදුකරනු ලැබූ වියදම් වල සම්පූර්ණ එකතුවට සමාන වෙනවා.
සුළු මුදල් අග්‍රිමය සහ සුළු මුදල් ප්‍රතිපුර්ණය අපි උදාහරණයකින් බලමු.
කමල්ගේ ව්‍යාපාරය කුඩා ව්‍යාපාරයක් නිසා ඔහු මාසයක කාලසීමාවක සුළු මුදල් වියදම් කිරීම සඳහා රුපියල් පන්දාහක් අග්‍රිමය ලෙස ව්‍යාපාරයේ මුදල් කළමනාකරු හට ලබා දෙනවා. කළමණාකරු විසින් සංග්‍රහ කටයුතු තැපැල් ගාස්තු මුද්දර ගාස්තු ආදිය සඳහා මාසය පුරාවටම වියදම් කර තිබුණේ රුපියල් 3,800 ක් පමණයි. ඒ අනුව සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූරණය කිරීම සඳහා කමල් විසින් නැවතත් රුපියල් 3,800ක් කළමනාකරු හට ලබා දෙනවා. ඉන්පසු රුපියල් පන්දාහක අග්‍රිමය නැවතත් ඉදිරි මාසය සඳහා ක්‍රියාත්මක වෙනවා.
by Dilki Shamani
Photo source : Internet
2785 Views
Comments