7 ශ්‍රේණිය - ඉතිහාසය: ශ්‍රී ලංකාවේ පසු කාලීන පාලන මධ්‍යස්ථාන
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
24

7 ශ්‍රේණිය - ඉතිහාසය: ශ්‍රී ලංකාවේ පසු කාලීන පාලන මධ්‍යස්ථාන

7 ශ්‍රේණිය - ඉතිහාසය:  ශ්‍රී ලංකාවේ පසු කාලීන පාලන මධ්‍යස්ථාන

ආදරණීය දුවේ පුතේ අද අපි ඔබට ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ ඉතිහාසය පාඩම් මාලාවේ එන තවත් එක් වැදගත් කොටසක් පිළිබඳවයි. එනම් ශ්‍රී ලංකාවේ පසු කාලීන පාලන මධ්‍යස්ථාන පිළිබඳවයි. බලන්න එය කෙතරම් වැදගත් අධ්‍යනයක්ද කියලා.

පළමුවන විජයබාහු මහා පරාක්‍රමබාහු වැනි ශ්‍රේෂ්ඨ රජවරුන්ගෙ පාලන මධ්‍යස්ථානය වූ පොළොන්නරුව නිශ්ශංකමල්ල රජතුමා ගෙන් අනතුරුව පරිහානියට පත්වීමට කරුණු සැලසුණි. නිශ්ශංකමල්ල රජුට පසුව එහි දුර්වල පාලකයන් බවට පත්වූ අතර ඒ කිසිවෙකුට හෝ දේශපාලන ස්ථාවරත්වයක් ගොඩ නැගීමට හැකියාවක් නොලැබුණි. මෙසේ රාජධානිය දුර්වල වෙමින් පවතින විට ඉන්දියාවේ කාලිංග දේශයේ සිට පැමිණි මාඝ නම් ආක්‍රමණිකයෙක් විශාල හමුදාවක් සමඟ ලංකාවට ගොඩ බැස්සේ ය. 1215 වර්ෂයේදී සිදුවූ මාඝගේ ආක්‍රමණයට මුහුණ දීමට එවකට පොලොන්නරුවේ පාලකයාව සිටි පරාක්‍රම පාණ්ඩ්‍ය රජුට නොහැකි විය. මේ නිසා ආක්‍රමණිකයන් රජරට අල්ලා ගත්හ.

මාගගේ හමුදාව පොළොන්නරුව අල්ලා ගෙන සිටියදී විවිධ ආරක්ෂිත ස්ථානවල බලකොටු තනා ගෙන ආක්‍රමණිකයාට දකුණට ඒමට ඉඩ නොදී රටත් ජනතාවත් ආරක්ෂා කළ නායකයන් කිහිපදෙනෙකු ගැන මහාවංශයේ සඳහන් වේ. මිනිපේ ගන්දෙණිය පර්වතයේ බලකොටුවක් පිහිටුවා ගෙන සිටි සංඛ සෙනෙවි, යාපහුව කඳුමුදුනේ බලකොටුවක් තනා ගෙන සිටි සුභ සෙනෙවි, රුහුණේ ගෝවින්දමලය කඳු මුදුනේ බලකොටුවක් තනා ගෙන සිටි බුවනෙකබාහු ආදිපාද තුමා මෙලෙස සතුරු හමුදාවෙහි ගමන්මග වැළැක්වූ නායකයන්ය. මෙම නායකයන් මාඝගේ හමුදාව දකුණට පැමිණීම වැළැක්වීමට සමත් වුවත් ශක්තිමත් රාජධානියක් බිහි කිරීමට කටයුතු කළ බවක් නොපෙනේ. එම අභියෝගය ජය ගැනීමට ක්‍රියා කළේ වන්නි නායකයකු ලෙස ප්‍රසිද්ධව සිටි තුන්වන විජයබාහු රජතුමා. එතුමා දඹදෙණි රාජධානිය පිහිටුවිය. දඹදෙණි රාජ්‍ය පිහිටුවීමෙන් පසුව කෝට්ටේ රාජ්‍ය ඇරඹෙන තෙක් රාජ්‍ය මධ්‍යස්ථාන කිහිපයක් පැවතුණි.

මෙලෙස වරින් වර රාජධානි බිහිවීමට ආරක්ෂක හේතු, ආර්ථික හේතු යනාදිය බලපා ඇති බව කියවේ. පොලොන්නරු රාජ්‍ය බිඳවැටීමෙන් පසුව ගත වූ වසර දෙසීයක කාලයේදී අලුත් රජ පෙළපත් කිහිපයක් බලයට පත්විය. එක් එක් කාලවලදී මේ රාජ්‍ය උරුම කරුවන් අතර පැවති ගැටුම් වැනි අභ්‍යන්තර හේතු මෙන්ම විදේශ රටවලින් එල්ල වූ ආක්‍රමණික තර්ජන වැනි බාහිර හේතු ද නිසා අගනුවර ආරක්ෂා කරගැනීම ප්‍රමුඛත්වයේ ලා සැලකීය. මේ නිසා දඹදෙණියෙන් යාපහුව ටත් ඉන්පසු කුරුණෑගලටත් පසුව ගම්පොලටත් වශයෙන් ආරක්ෂාව පතා විටින් විට වඩාත් හිතකර ස්ථානවලට අගනුවර මාරු කෙරිණි. මෙම කාලයේ දී ලෝකයේ සිදුවූ නව වෙළෙඳ ප්‍රවණතා අනුව ලංකාවේ විදේශ වෙළෙඳ කටයුතුවල නවතාවයක් ඇති විය. රජරට ශිෂ්ටාචාර සමයේ සාම්ප්‍රදායික වෙළඳාමට යොදාගත් අලි ඇතුන් මුතු මැණික් ආදියට මෙන්ම මේ කාලයේදී ලංකාවේ කුළු බඩු වලටත් සැලකියයුතු ඉල්ලුමක් ඇති විය.

 

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

views

2301 Views

Comments

arrow-up