8 ශ්‍රේණිය විද්‍යාව: පදාර්ථයේ ගුණ - 2

විද්‍යාව පාඩම් මාලාවේ පස්වැන්න තුළ පදාර්ථයේ ගුණ ඔස්සේ පදාර්ථය යනු කුමක්ද, පදාර්ථයේ අසන්තත ස්වභාවය ,පදාර්ථයේ භෞතික අවස්ථා ,එහි සුවිශේෂ ලක්ෂණ ,අංශු සැකැස්මේ විවිධත්වය ,එහි එකිනෙකට වෙනස් ගුණ හා එහි භාවිත පිළිබඳවයි .
පදාර්ථයේ ගුණ පිළිබඳව වැඩිදුර අධ්‍යනය කිරීම මෙම පාඩම් මාලව තුල සිදු කරනු ලබනවා .ඒ අනුව පදාර්ථය භෞතික ගුණ ප්‍රයෝජනයට ගැනීම පිළිබඳව මෙහි කතා කතා කරනවා.
පදාර්ථ ඒවායේ සංයුතිය පදනම් කරගෙන සංශුද්ධ ද්‍රව්‍ය හා සංශුද්ධ නොවන ද්‍රව්‍ය ලෙස වර්ග කළ හැකියි .
නිශ්චිත ගුණ දරන සංඝටක එකක් පමණක් අඩංගු වන එනම් නියත සංයුතියක් ඇති ද්‍රව්‍ය සංශුද්ධ ද්‍රව්‍ය ලෙස හඳුන්වනු ලබනවා .සංශුද්ධ ද්‍රව්‍ය ස්වභාවය පදනම් කරගෙන ඒවා මුලද්‍රව්‍ය හා සංයෝග ලෙස කොටස් දෙකකට වර්ග කළ හැකි .මූල ද්‍රව්‍ය යනු භෞතික හෝ රසායනික ක්‍රම මගින් තවදුරටත් වෙනස් ගුණ ඇති ද්‍රව්‍ය වලට බෙදිය නොහැකිවූ නිශ්චිත ගුණ දරණ සංශුද්ධ ද්‍රව්‍යයි. මේ වන විට මූල ද්‍රව්‍ය එකසිය විස්සක් පමණ විද්‍යාඥයන් විසින් හඳුනාගෙන තියෙනවා මේ එක් එක් මූල ද්‍රව්‍ය වලට ඒවාට අනන්‍ය වූ ලක්ෂණ ද තිබෙනවා .අයන් ,ඇලුමිනියම් ,සල්ෆර් කාබන් ,ඔක්සිජන් නයිට්‍රජන් ,කෝපර්, ක්ලෝරීන් යනු මූල ද්‍රව්‍ය සඳහා නිදසුන් කිහිපයකි.
මූල ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් නිශ්චිත අනුපාතයකට රසායනිකව සංයෝජනය වී ඇති සමජාතීය සංශුද්ධ ද්‍රව්‍ය සංයෝග ලෙස හඳුන්වනවා .සංයෝගයක ගුණ එම සංයෝගය සෑදීමට දායක වූ මූල ද්‍රව්‍ය සතු ගුණ වලට වඩා වෙනස් වෙනවා .මූල ද්‍රව්‍ය එකසිය විස්සක් පමණ පැවතිය ද සංයෝග මිලියන ගණනක් තිබීමට පුළුවන් .ඊට හේතුව මූල ද්‍රව්‍ය එකිනෙක සමග සංයෝජනය විය හැකි ආකාර විශාල සංඛ්‍යාවක් පැවතීමයි.නිදසුන් ලෙස කොපර් සල්ෆේට් (කෝප්ර් ,සල්ෆර් ඔක්සිජන් ),සෝඩියම් ක්ලෝරයිඩ් (සෝඩියම් ,ක්ලෝරීන් ),ජලය (හයිඩ්‍රජන් ඔක්සිජන් ),කාබන්ඩයොක්සයිඩ් (කාබන් ඔක්සිජන් )(මෙහි වරහන් තුල දැක්වෙන්නේ එම සංයෝග තුල අඩංගු මූලද්‍රව්‍යයයි)දැක්විය හැකි ය .
පදාර්ථය සතු විවිධ භෞතික ගුණ
විවිධ ද්‍රව්‍ය විවිධ භෞතික ගුණ වලින් යුක්තය. ද්‍රව්‍ය වෙන් කර හඳුනා ගැනීමට උපකාරී වන පදාර්ථ සතු භෞතික ගුණ ගණනාවක් තිබේ.නිදසුන් ලෙස,
> දිස්නය:- ද්‍රව්‍ය මතට වැටෙන ආලෝකය නිසා දිලිසුමක් ඇතිවීම
> දෘඩතාව:- ගෙවී යාමට සිරී යාමට එරෙහිව ද්‍රව්‍ය සතු ප්‍රතිරෝධී ගුණය
> තාප සන්නායකතාව :- ද්‍රව්‍ය තුළින් තාපය ගමන් කිරීමට ඇති හැකියාව
> විද්‍යුත් සන්නායකතාවය :- ද්‍රව්‍ය තුළින් විදුලිය ගමන් කිරීමට ඇති හැකියාව වර්ණය:- ද්‍රව්‍ය සතුව පවත්නා පැහැය
> ප්‍රත්‍යස්ථතාව :- බලයක් යොදා ඇදීමේදී ඇදෙන සුළු වීම හා නැවත බලය නිදහස් කළ විට පළමු තත්ත්වයට පත්වීම
> ඝනත්වය :- ඒකක පරිමාවක ස්කන්ධය
> ද්‍රවාංකය:- තාපය සැපයීමේදී ඝනයක් ද්‍රවයක් බවට පත් පත් වන උෂ්ණත්වය
> තාපාංකය :- තාපය සැපයීමේ ද්‍රව්‍යයක් වායු බවට පත්වනු උෂ්ණත්වය.
පදාර්ථය සතුව විවිධ භෞතික ගුණ වල එදිනෙදා භාවිත.
භෞතික ගුණ වල එදිනෙදා භාවිත ඒ සඳහා නිදසුන් කිහිපයක් පහතදැක් වේ
> ලෝහක දිස්නය :- ආභරණ සෑදීම දෘඪතාව:- බර දරා සිටීම ,වීදුරු කැපීම
> තාප සන්නායකතාව:- ආහාර පිසින බදුන් සෑදීම,පෑස්සීම
> විද්‍යුත් සන්නායකතාව:- විදුලිය ගමන් කර වීම
> ප්‍රසාරණය:- ස්වයංක්‍රීය විද්‍යුත් පාලකයක් ලෙස
මේ අයුරින් පදාර්ථයේ ගුණ පිළිබඳව ඔබට මනා අවබෝධයක් ගැනීමට හැකිවෙයි.
by Dilki Shamani
Photo source : Internet
4048 Views
Comments