e-class: 7 ශ්‍රේණිය - තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය 2

දැන් අපි ඔබට ඉදිරිපත් කරන්නේ තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ විෂයට අදාළ දෙවෙනි ලිපියයි. මෙම ලිපිය හරහා මෙහෙයුම් පද්ධතියට අදාළ කරුණු කාරණා කිහිපයක් පිළිබඳව දූලා පුතාලාව දැනුවත් කිරීමට සූදානම් වෙමු.
මෙහෙයුම් පද්ධතියක් යනු මෘදුකාංගයකි. පරිගණකයක් භාවිතා කිරීමෙන් කාර්යයන් ඉටුකර ගැනීම සඳහා මෙම මෘදුකාංගය ඉතාමත් අත්‍යවශ්‍යයි. මෙමගින් දෘඪාංග සහ මෘදුකාංග පාලනය කිරීම, පරිශීලක අතුරුමුහුණතක් සැපයීම වැනි කටයුතු රැසක් සිදු කරන බව දූලා පුතාලා දන්නවාද. පරිශීලකයාට පරිගණකය සමඟ පහසුවෙන් සම්බන්ධ වීම සඳහා පරිශීලක අතුරුමුහුණතක් නැතහොත් යූසර් ඉන්ටර්ෆේස් එකක් සැපයීම මෙහෙයුම් පද්ධතියක් මගින් සිදු කරයි. තවද මධු සිසුන් ඒකකයේ කාර්යයන් පාලනය කරන අතර පරිගණකයේ මතකය නිසි ලෙස හසුරවන්නේ ද මෙම මෙහෙයුම් පද්ධතිය මගිනි. එමෙන්ම ආචයන උපාංග වලට අදාළ ක්‍රියා පාලනය කිරීම මෙන්ම ගොනු සහ ගොනු බහලුම් නිසි ලෙස සැකසීමට අදාළ කටයුතු සිදු කිරීමද මෙමගින් සිදුකරයි. තවද පරිශීලක ගිණුම් සහ මුර පද මගින් පරිගණකයේ සුරක්ෂිතභාවය ඇති කිරීමටද උපකාරී වන අතර දෘඩාංග මෙහෙයවීම ද සිදු කරයි. මයික්‍රසොෆ්ට් ඩොස්, මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්, apple macintosh, linux යනාදිය පරිගණක වල භාවිතා වන මෙහෙයුම් පද්ධති සඳහා උදාහරණ කිහිපයකි. android, අයි ඕ එස්, blackberry OS, windows mobile OS යනාදිය ජංගම දුරකථන වල භාවිතා වන මෙහෙයුම් පද්ධති සඳහා උදාහරණ කිහිපයකි.
ලිපි ලේඛන, පින්තූර, වීඩියෝ, චලන රූප, කටහඬ සහ ශබ්ද ලෙස විවිධ ස්වරූපයෙන් දත්ත සහ තොරතුරු පවතී. එම දත්ත සහ තොරතුරු පරිගණක ආචයන උපාංග තුල තැම්පත් කර තැබිය හැකියි. මේ ආකාරයෙන්ම පරිගණකයට උපදෙස් සපයන වැඩසටහන් ආදිය ද තැම්පත් කර තැබිය හැකියි. පරිගණකය සතු දත්ත තොරතුරු වැඩසටහන් ආදිය තැන්පත් කිරීම සඳහා උපයෝගී කරගන්නා ක්‍රම පරිගණක ආචයන උපක්‍රම හෙවත් storage devices ලෙසින් හඳුන්වයි. පරිගණක ආචයන උපක්‍රම ඒවා නිපදවීම සඳහා භාවිතා කර ඇති තාක්ෂණය අනුව කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකියි.
චුම්බක මාධ්‍ය උපක්‍රම හෙවත් magnetic media devices,
ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම හෙවත් optical media devices
ගණ තත්වයේ මාධ්‍ය උපක්‍රම හෙවත් solid state media devices
එම කොටස් කිහිපයයි. චුම්බක මාධ්‍ය උපක්‍රම වලට උදාහරණයක් වන්නේ දෘඩ තැටියයි. ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම වලට උදාහරණයක් වන්නේ සංයුක්ත තැටියයි. ඝන තත්වයේ මාධ්‍ය උපක්‍රම වලට උදාහරණයක් වන්නේ පෑන් ධාවකයයි. මෙම එක් එක් මාධ්‍ය උපක්‍රම වල ක්‍රියාකාරිත්වය සහ තාක්ෂණය එකිනෙකට වෙනස්.
චුම්බක මාධ්‍ය උපක්‍රම ලෙස චුම්බක පටි සුනම්‍ය තැටි සහ දෘඩ තැටි යනාදීන් හඳුනාගත හැකියි. මේවා චුම්බක ගුණ සහිත මතුපිටකින් හෝ පටියකින් සමන්විත වේ. දෘඩ තැටිය චුම්භක ගුණ අඩංගු කළ තැටියකින් සහ චලනය වන ලෝහ හිසකින් සමන්විත වෙයි. මේවා අභ්‍යන්තර දෘඩ තැටි සහ බාහිර දෘඩ තැටි ලෙස වර්ග දෙකකට බෙදා දැක්විය හැකියි. අභ්‍යන්තර දෘඩ තැටියේ දත්ත විශාල ප්‍රමාණයක් ස්ථීරව තැන්පත් කර තැබිය හැකි පද්ධති ඒකකය තුළ ඇති චුම්බක මාධ්‍ය උපාංගයකි. බාහිර දෘඩ තැටිය එහාමෙහා අවශ්‍යතාව පරිදි ගෙන යා හැකි බාහිර ආචයන උපාංගයකි. ඒවා 500GB, 1TB, 2TB ආදී විවිධ ධාරිතාවලින් තෝරාගත හැකියි. චුම්බක පටියක් යනු චුම්බක ද්‍රව්‍යකින් ආවරණය කරන ලද ප්ලාස්ටික් පටියකි. එහි ශබ්ද රූප පරිගණක දත්ත ආදිය තැන්පත් කළ හැකියි. කාලයකදී බහුලව භාවිතා කළ චුම්භක පටිය මේ වන විට භාවිතයෙන් ඈත් වී ඇත. කුඩා ප්‍රමාණයේ ගොනු තැන්පත් කිරීම සඳහා යොදාගත හැකි සුනම්‍ය තැටි සාමාන්‍යයෙන් 1.44MB පමණ ධාරිතාවයකින් යුක්තයි. සුනම්‍ය තැටිය බාහිර ආචයන උපාංගයක් වන බැවින් දත්ත එහා මෙහා රැගෙන යාම සඳහා යොදා ගනී.
තවත් රසවත් තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ පාදමක් සමඟින් නැවතත් හමුවෙමු.
by Sachini Sooriyaarachchi
Photo source : Interent
3071 Views
Comments