8 ශ්‍රේණිය- පුරවැසි අධ්‍යාපනය

අපේ රටේ 1945 න් පසුව නිදහස් අධ්‍යාපන ක්‍රමයක් තමයි ක්‍රියාත්මක වුනේ. ඒ අනුව සියලුම ජනතාවට නොමිලේ අධ්‍යාපනය ලැබීමේ පහසුකම පොදු සේවාවක් විදිහට ක්‍රියාත්මක වුණා. ළමයින්ගේ අධ්‍යාපන සංවර්ධනය සහ අභිවෘද්ධිය සඳහා වගේම ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ක්‍රමයක් විදිහටත් අපේ රටේ නොමිලේ අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා සෑම රජයක් විසින්ම කටයුතු කරලා තියෙනවා. ඒ අනුව
• නොමිලේ ප්‍රාථමික අධ්‍යාපනයේ සිට පාසල් අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය සැපයීම
• වයස අවුරුදු 5 සිට 16 දක්වා ළමුන්ට අධ්‍යාපනය අනිවාර්ය කිරීම
• පාසල් පොත් නිල ඇඳුම් නොමිලේ සැපයීම
• වාර්ෂික අය වැයෙන් අධ්‍යාපනය සඳහා වැඩි මුදලක් වෙන් කිරීම
• පෝෂණ අවශ්‍යතා සඳහා දරුවන්ට වැඩසටහන් ක්‍රියාත්මක කරවීම
රජයක් තුළින් ක්‍රියාත්මක කරලා තියෙනවා. අධ්‍යාපනයේ ඵල ප්‍රයෝජනය ගත් සියලුම දෙනාම වගේ නිදහස් අධ්‍යාපනයෙන් පසුව ඉහළ වෘත්තීන් වෙත යොමුවෙලා තියෙනවා. ඒ අනුව අපේ රටේ වෛද්‍යවරුන් ඉංජිනේරුවරුන් ගුරුවරුන් වගේ ශ්‍රේෂ්ඨ වෘත්තිකයන් විද්‍යාඥයන් පවා බිහිවෙලා තියෙන්නේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රයෝජනයට ගැනීම නිසයි. අධ්‍යාපනය පොදු සේවාවක් ලෙස සැපයීමේදී
-දරුවන්ට නව දැනුම ලබා දීම
- සමාජානුයෝජනය සිදු කිරීම
-යහපත් පුරවැසියන් බිහි කිරීම
-ජාතික සමගිය ආරක්ෂා කිරීම
-ජාතික අවශ්‍යතාවයන්ට ගැලපෙන පිරිසක් සමාජයට බිහි කිරීම
-ලෝකයට සහ ආර්ථිකයට ඵලදායි පුරවැසියන් බිහි කිරීම සිද්ධ වෙනවා.
ඒ තුළ අධ්‍යාපනය පොදු සේවාවක් ලෙස පවත්වාගෙන යාමේදී රජය විසින් විශේෂයෙන් නොමිලේ සේවාවන් සැපයුවත් අද වන විට පෞද්ගලික ආයතනත් අධ්‍යාපනය පොදු සේවාවක් ලෙස ක්‍රියාත්මක කෙරෙනවා. නමුත් ඒ සඳහා යම් ගාස්තු අය කිරීමට ඔවුන් පෙළඹී සිටිනවා. අධ්‍යාපනය පොදු සේවාවක් විදියට ලබා දෙන ප්‍රධානතම ස්ථානය වෙන්නේ අදාල ප්‍රදේශයේ පිහිටලා තියෙන පාසල. රටේ සෑම ප්‍රදේශයකම ආවරණය වන විදියට පාසල් පිහිටුවලා තියෙනවා. ඊට අදාළ භෞතික සහ මානව සම්පත් ලබා දෙනවා. පාසල් අධ්‍යාපනය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා ඊට සහාය වීමට කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය සහ කලාප අධ්‍යාපන කාර්යාලය පිහිටුවා තියෙනවා. අදාළ ප්‍රදේශය අදාල ප්‍රදේශය තුළ පවතින පාසල් වල තත්වය සමීපව අධ්‍යයනය කරන්නේ සහ අධීක්ෂණය කරන්නේ මේ ආයතන විසින්. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ අධ්‍යක්ෂවරුන් විශය සහකාර අධ්‍යක්ෂවරුන් ඇතුළු විශාල කාර්ය මණ්ඩලයක් ඒ ඒ ආයතනවල අධ්‍යාපනය ලබාදෙන ගුරුවරුන්ට අමතරව සේවය කරනවා. මේ සියලුම ආයතන වල නිසි ක්‍රියාකාරීත්වය නිසා තමයි අධ්‍යාපනය සාර්ථක පොදු සේවාවක් විදියට රට තුළ ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබිලා තියෙන්නේ.
by Dilki Shamani
Photo source : Internet
2076 Views
Comments