8 ශ්‍රේණිය විද්‍යාව: පදාර්ථයේ විපර්යාස 2

එදිනෙදා ජීවිතයේ දී අපට හමුවන විපර්යාස භෞතික විපර්යාස හා රසායනික විපර්යාස ලෙස වර්ග දෙකකට බෙදිය හැකියි .විද්‍යාව පාඩම් මාලාවේ දහවැන්න තුළ පදාර්ථයේ විපර්යාස වල භෞතික විපර්යාස පිළිබඳව කතා කළා .අපි මෙම පාඩම තුළ කතා කරනු ලබන්නේ පදාර්ථයේ විපර්යාස වල රසායනික විපර්යාස පිළිබඳවයි.
රසායනික විපර්යාස
යම් පදාර්ථයක සංයුතිය වෙනස් වී නව ද්‍රව්‍යයක් සෑදීමක් සිදු වන අන්දමේ විපර්යාස රසායනික විපර්යාස ලෙස හඳුන්වනවා .මෙම රසායනික විපර්යාස වල ස්වභාවය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමට ක්‍රියාකාරකමක් ආශ්‍රයෙන් කතා කරමු.
> ඔබ විද්‍යාගාරය තුළදී මැග්නීසියම් පටියක් දහනය කර නිරීක්ෂණය කර ඇති.දහනයට පෙර මැග්නීසියම් පටියෙහි ලෝහමය දිස්නයක් ඇත. මෙය දහනයේදී දීප්තිමත් දැල්ලක් සහිතව දැවී සුදු කුඩු ඉතිරි වේ .මෙහි දී මැග්නීසියම් වල සංයුතිය වෙනස් වී නව ද්‍රව්‍යයක් සෑදී සුදු කුඩක් මෙන් ඉතිරිව පවතී.මේ අනුව මැග්නීසියම් පාටිය දහනය වීම රසායනික ප්‍රතික්‍රියාවක් ලෙස ඔබට පැහැදිලි වන්නට ඇත.
> විද්‍යාගාරය තුළදී කැකෑරුම් නලයකට ජලය එකතු කර ඊට කොපර් සල්ෆේට් ස්ඵටික යොදා ලානිල් පාටිය ද්‍රාවනයක් පිලියෙල කරගෙන එයට පිරිසිදු කර ගත් යකඩ ඇණයක් දැමූ විට ද්‍රාවණයේ නිල් පැහැය අඩු වන බවත් ,යකඩ ඇනය මත හා පතුලේ රතු දුඹුරු පැහැති ද්‍රාවණයක් තැන්පත් වන බවත් ,උෂ්ණත්වය ඉහළ යන බවත් ඔබට නිරීක්ෂණය කර ගන්නට හැකිවේවි.මෙම ක්‍රියාකාරකම් තුළින්ද ඔබට රසායනික විපර්යාස පිළිබඳව අධ්‍යයනය කිරීමට හැකි වේ .
> තවත් එක් ක්‍රියාකාරකමක් ලෙස තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ල ස්වල්පයකට සින්ක් කැබැල්ලක් දැමූ විට සින්ක් කැබැල්ල ක්ෂය වී යන බවත් වායු පිට වෙන බවත් ඔබට නිරීක්ෂණය කළ හැකිය.
ඉහත සඳහන් කරන ලද එකිනෙකට වෙනස් ක්‍රියාකාරකම් තුලින් සෑම විපර්යාසයකම නව ද්‍රව්‍ය සෑදී ඇති බව නැතහොත් රසායනික විපර්යාසයක් සිදු වී ඇති බව ඔබට පැහැදිලි වන්නට ඇත.සාමාන්‍යයෙන් රසායනික විපර්යාසයක් සිදු වී ඇති බවට සාක්ෂි ලෙස පහත සදහන් දෑ සිදු වේ .
- වායු පිටවීම
- වර්ණය වෙනස් වීම
- උෂ්ණත්වය වෙනස්වීම
- අවක්ෂේප සෑදීම
- හඬ හෝ ආලෝකය නිපදවීම
- ගන්ධයක් ඇති වීම
මෙවැනි රසායනික විපර්යාසයක් සිදු වීමේ දී ,රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී වන ද්‍රව්‍ය “ප්‍රතික්‍රියක” ලෙසින් හඳුන්වන අතර රසායනික ප්‍රතික්‍රියාවකදී සෑදෙන නව ද්‍රව්‍ය හඳුන්වන්නේ “ඵල” නමිනි .
ඒ අනුව ඔබට ඉහත සඳහන් කළ ක්‍රියාකාරකම් වල පළමු වැන්න තුළ මැග්නීසියම් පටිය දහනය කිරීමේදී ඒ රසායනික විපර්යාසය පහත අයුරින් දැක්විය හැකියි
මැග්නීසියම් +ඔක්සිජන් >> මැග්නීසියම් ඔක්සයිඩ්
මෙහි මැග්නීසියම් හා ඔක්සිජන් ප්‍රතික්‍රියක වන අතර මැග්නීසියම් ඔක්සයිඩ් ඵලය වෙයි.
ඒ අනුව යකඩ මල බැඳීම ,ලෝහ මලින වීම ,ද්‍රව්‍ය දහනය, ඓන්ද්‍රීය ද්‍රව්‍ය දිරාපත්වීම, පලතුරු ඉදීම ,රතිඤ්ඤා කරලක් පිපිරීම ,එන්සයිම මගින් සිදු වන ආහාර ජීර්ණ ,වැනි දෑ එදිනෙදා ජීවිතයේදී සිදුවන රසායනික විපර්යාස වලට නිදසුන් කිහිපයක් ය.
by Dilki Shamani
Photo source : Internet
2377 Views
Comments