8 ශ්‍රේණිය විද්‍යාව: සංස්ථිති නියමය

මෙම විද්‍යාව පාඩම තුල අපි කතා කරනු ලබන්නේ ස්කන්ධ සංස්ථිති නියමය පිළිබඳවයි .මේ පිළිබඳව පදාර්ථයේ විපර්යාසය ඔස්සේ වුව රසායනික විපර්යාස යටතේ කතා කරමු.
රසායනික විපර්යාසයක් හෙවත් රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී ඒවාට ලක් වන ද්‍රව්‍ය වල සමස්ත ස්කන්ධය කෙබඳු වෙනසකට ලක් වේ ද යන්න ඔබ සිතා බැලුවාද ? මේ පිළිබඳව විද්‍යාගාරයේ දී ඔබට කළ හැකි පරීක්ෂණ කිහිපයක් ආශ්‍රයෙන් කතා කරමු .
සිහින් යකඩ කෙඳි සමාන ස්කන්ධ දෙකක් වෙන වෙනම ලිහිල්ව සිටින සේ ගුලිය ආකාරයට සකසා සමාන කම්බි කැබලි දෙකක් ආධාරයෙන් තිරස් දණ්ඩකට ගැටගසන්න පසුව දණ්ඩ තිරස්ව සමතුලිත ව සිටින සේ ආධාරකයක් එල්ලන්න.එයින් එක් යකඩ කෙඳි ගුලියකට ගිනි දල්වන්න.මෙහිදී යකඩ කෙඳි රත් පැහැ පුළිඟු ඇති කරමින් දැවේ ඒ සමඟම ගිනි දැල් වූ යකඩ කෙඳි සහිත පැත්ත පහත් වේ ඒ අනුව නිගමනය කළ හැක්කේ යකඩ කෙඳි ඒවායේ දහන පල බවට පත් වීමේදී ස්කන්ධය වැඩි වන බවයි.
ගිනිකූරු කිහිපයක් කැකෑරුම් නලය එකට දමා ඒවා සමග නලයේ ස්කන්ධය මැන ගන්න.පසුව නළය විවෘත දැලකට අල්ලමින් ගිණිකූරු හිස් දැල්වෙන තෙක් රත් කරන්න .සිසිල් වූ පසු ගිනිකූරු වල දහන ඵල සහිත ස්කන්ධය මනින්න .මෙහිදී ප්‍රතික්‍රියාවට පසු ස්කන්ධය ප්‍රතික්‍රියාව සිදු වීමට පෙර ස්කන්ධයට වඩා අඩුවී ඇතිබව ඔබට නිරීක්ෂණය වන්නට ඇත.
මෙවන් අවස්ථාවලදී ද්‍රව්‍ය දහනය සිදු කරන ලද්දේ විවෘත පරිසර වලදීය.එබැවින් එම ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කිරීමේදී පරිසරයේ ඇති සමහර ද්‍රව්‍ය සමඟ එකතු වීමටත් එසේම දහන ඵල පරිසරයට මුදා හැරීමටත් ඉඩ ඇත. ස්කන්ධය වැඩි වීමක් සිදු වන්නේ නම් සමහර ද්‍රව්‍ය එකතුවීම නිසා ය.යම්විටක ස්කන්ධය අඩුවීමක් සිදු වන්නේ නම් සමහර ද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම නිසා ය.
විවෘත පද්ධතිය:- පද්ධතියෙන් පරිසරයට, පරිසරයෙන් පද්ධතියටත් ද්‍රව්‍ය හුවමාරු විය හැකි පද්ධති විවෘත පද්ධති ලෙස හැඳින්වේ.
සංවුර්ත පද්ධතිය :- පද්ධතියෙන් පරිසරයටත් ,පරිසරයෙන් පද්ධතියටත් ද්‍රව්‍ය හුවමාරු විය නොහැකි පද්ධති සංවෘත පද්ධති ලෙස හැඳින්වේ.
මෙසේ විවිධ රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිතව සහභාගි වන ද්‍රව්‍ය වල මුළු ස්කන්ධය ප්‍රතික්‍රියාවන් පසු ලැබෙන පලවන මුළු ස්කන්ධයට සමාන නොවුවත්, ඉහත සඳහන් ආකාරයේ පරීක්ෂණ රාශියක් සිදුකළ කළ ප්‍රංශ ජාතිකයෙක් වන ඇන්තනි ලැවෝසියර් නම් රසායනික විද්‍යාඥයා පෙන්වා දෙනු ලැබුවේ රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගීවන ද්‍රව්‍ය වල (ප්‍රතික්‍රියක වල) මුළු ස්කන්ධය ප්‍රතික්‍රියාවෙන් පසු ලැබෙන ඵල මුළු ස්කන්ධයට සමාන වන බවය.මෙම අනාවරණය ස්කන්ධ සංස්ථිති නියමය වශයෙන් ඉදිරිපත් කලා.
ස්කන්ධ සංස්ථිති නියමය :- රසානික ප්‍රතික්‍රියා වලදී සමස්ත ස්කන්ධය වෙනස් නොවේ .එනම් ස්කන්ධය සංස්ථිතික වේ.
by Dilki Shamani
Photo source : Internet
4118 Views
Comments