6 ශ්‍රේණිය- විද්‍යාව ජීවීන්ගේ ලක්ෂණ
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
30

6 ශ්‍රේණිය- විද්‍යාව ජීවීන්ගේ ලක්ෂණ

6 ශ්‍රේණිය- විද්‍යාව ජීවීන්ගේ ලක්ෂණ

6 ශ්‍රේණියේ පුංචි දුවලා පුතාලා වෙනුවෙන් විද්‍යාව පාඩම් ඉදිරිපත් කරන තමයි මේ සූදානම් වෙන්නේ. අවට පරිසරය විවිධ සතුන්ගෙන් ශාක වර්ගවලින් සමන්විත වෙලා තියෙනවා. පරිසරයේ තියෙන දේවල් අපිට ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ඒ තමයි ජීවීන් සහ අජීවී ද්‍රව්‍ය. මේ ලිපියෙන් සූදානම් වෙන්නේ ජීවීන්ගේ ප්‍රධාන ලක්ෂණ මොනවාද කියන එක ගැන ඔයාලව දැනුවත් කරන්න.
ජීවීන් කියල හදුන්වන්නේ පණ තියෙන ශාක සහ සත්ත්ව විශේෂ වලට. ඔය අතරේ අපිට පේන වගේම නොපෙනෙන සත්තුත් ඉන්නවා. ඒ තමයි ක්ෂුද්‍ර ජීවීන්. ඒවා පරීක්ෂා කරන්න පුළුවන් වෙන්නේ ආලෝක අන්වීක්ෂයකින් තමයි. විශේෂයෙන්ම පස් වල සහ ජලයේ මේ විදියට අපිට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවීන් දකින ලැබෙනවා. හැබැයි මේ ජීවීන් තුළ පොදුවේ ජීවීන්ට දකින ලැබෙන ලක්ෂණ දැකගන්න ලැබෙනවා. ඒ තමයි

වර්ධනය
හරියට ඔයාලා ටික ටික ලොකු වෙනවා වගේ කාලයක් යනකොට සෑම ශාකයක්ම සතෙක්ම ප්‍රමාණයෙන් විශාල වෙනවා. එය වර්ධනය කියලා හඳුන්වනවා. මේක අජීවී ද්‍රව්‍ය වල දකින්න ලැබෙන්නේ නැහැ.

පෝෂණය
විශේෂ තමන්ගෙ ජීවය පවත්වාගෙන යන්න අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රියාවලිය තමයි පෝෂණය කියලා හඳුන්වන්නේ. මූලික අවශ්‍යතා විදියට හඳුන්වන්නේ ආහාර ජලය සහ වාතය. ශාක මේ අතරින් විශේෂ වෙනවා. ඒවාට ජීවයක් තිබුණත් ඒවා ස්වයංපෝෂීන් ලෙස හඳුනනවා. ඒ කියන්නේ ශාක විසින් තමන්ට අවශ්‍ය පෝෂණය තමන් විසින්ම නිෂ්පාදනය කරනවා. එහෙම කරන්නේ වාතයේ තියෙන කාබන්ඩයොක්සයිඩ් වායුව සහ පසෙන් උරා ගත්තු ජලයෙන් වගේම සූර්ය ශක්තිය යොදා ගෙන ඒ අය ආහාර නිෂ්පාදනය කරනවා. ඒවා ශාකය වර්ධනයට උපකාරී වෙනවා. මේ ක්‍රියාවලිය තමයි හඳුන්වන්නේ ප්‍රභාසංස්ලේෂණය කියලා. හැබැයි ඉතින් සතුන් විෂමපෝෂි වෙනවා. ඒ කියන්නේ ඔවුන් වෙනත් අය නිපදවන ආහාර වාතය මත රඳා පවතිනවා.

චලන දැක්වීම
සතුන් එක තැන ඉන්නේ නැහැ. ඔවුන්ට සංචාරණය කරන්න අවශ්‍ය විවිධ උපාංග ශරීරයේ පිහිටලා තියෙනවා. චලනය ශාකවලටත් පොදුයි. ඒකනේ නිදිකුම්බා පත්‍රය ඇල්ලූ විට හැකිවෙලා යන්නේ.

ශ්වසනය
ශාක සහ සත්ත්ව විශේෂ දෙවර්ගයම ශ්වසන ක්‍රියාවලිය සිදු කරනවා. මෙහිදී සතුන් ඔක්සිජන් ශරීරයට ලබාගන්නා අතර සිරුරේ නිෂ්පාදනය කරන කාබන්ඩයොක්සයිඩ් වායුව පරිසරයට මුදාහරිනවා.

ප්‍රජනනය
ශාක සහ සත්ත්ව විශේෂ දෙවර්ගයම ප්‍රජනන කාර්යය ඉටුකරනන්නේ ජීවීන්ගේ අඛණ්ඩ පැවැත්ම සඳහා. එක් පරම්පරාවක් මිය යනකොට තවත් පරම්පරාවක් බිහි කරන්නේ මේ ප්‍රජනන ක්‍රියාවලිය නිසා. ඒ සඳහා ශාක පරාගනය සිදු කරන අතර සතුන් බිත්තර දැමීම හෝ පැටව් බිහිකිරීම සිදු කරනවා.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

4284 Views

Comments

arrow-up