6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය - 13
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
21

6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය - 13

6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය - 13

පුංචි දූලා පුතාලට ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ පුරවැසි අධ්‍යාපනය විෂයට අයත් අපේ දේශීය දේ අභිමානයෙන් සුරකින ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා දීමටයි. බලන්න මෙම පාඩම ඔයාලට කෙතරම් වැදගත් වේවිද කියලා.

ශ්‍රී ලංකාව පුදුම රටක්. හිම මිදෙන එක හැර ලෝකයේ වෙන ඕනෑම රටක තිබෙන දේශගුණයක් ලංකාවේ දක්නට ලැබේ. ඒ නිසා ශීත රටක වෙන ඕනෑම භෝගයක් නුවරඑළිය ප්‍රදේශයේ වගා කළ හැකියි. යාපනය මන්නාරම ප්‍රදේශවල උණුසුම් දේශගුණ තත්ත්වයක් දක්නට ලැබේ. අනෙක් ප්‍රදේශවල අතරමැදි දේශගුණයක් දක්නට ලැබෙන අතර ගංගා ඇළ දොළ වැව් පොකුණු පමණක් නොව දියඇලි ද රාශියක් ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබේ. ඇමරිකාවේ නිව්යෝක් නගරයේ සිට කිලෝ මීටර් තිහක් විතර ඈතින් කොළපාට එකම එක ගසක් වත් දක්නට නොලැබෙන බව දූලා පුතාලා දන්නවාද. ඊට එහා තිබෙන ගහකොළත් කොළ පාට වන්නේ අවුරුද්දෙන් බාගයක් පමණයි. වසර පුරාවටම අව්ව වැටෙන දහවලක් ඔවුන්ට ලැබෙන්නේ නැත. ඒ රටවල අයට කොළ පාටින් පිරුණු අපේ රට දැකීමේදී ඇස් අදහාගත නොහැකි වී තිබේ.

 

 

 


සමහර රටවල අධික උෂ්ණත්වය නිසා මිනිසුන් සහ සතුන් මිය යයි. එමෙන්ම අධික සීතලෙන් ද මිනිසුන් සහ සතුන් මිය යාමක් සිදුවේ. ඒත් අපේ රටේ දරාගත නොහැකි උෂ්ණත්වයක් වත් දරාගත නොහැකි සීතලක්වත් ඇති නොවීම විශේෂත්වයකි. මිනිසුන් මියයන දේශගුණයක් ශ්‍රී ලංකාවට හිමි වී නැත. ශ්‍රී ලංකාවට හිමිවී ඇත්තේ මිනිසුන් ජීවත් කරවන දේශගුණයකි. ශ්‍රී ලංකාව තුළ කෙසෙල් ගස්ලබු මිදි වැනි සෑම පලතුරක්ම අවුරුද්ද පුරාම තිබෙන අතර පොල් පුවක් ගස් වල සෑම දිනකම ගෙඩි හටගනී. එමෙන්ම කුරුඳු එනසාල් කරාඹුනැටි පොල් රබර් කොකෝවා ගම්මිරිස් බුලත් වැනි දේවල්ද වසර පුරාම වගා කළ හැකියි. මැණික් මිනිරන් පොස්ෆේට් වැනි ඛනිජ ද්‍රව්‍ය තිබෙන ස්වර්ණ භූමියක් අපට හිමි වී තිබේ. මේ සියල්ලෙන්ම කියාපාන්නේ අප ඉපදී ඇත්තේ සරුසාර භූමියක් සහිත රටක බවයි. අපේ අතීත මුතුන් මිත්තන් කළ විස්මිත නිර්මාණ බොහොමයකි. එම නිර්මාණ නූතන තාක්ෂණයෙන් පිරුණු අද වැනි දිනක පවා ලොව මවිත කරවන බව දූලා පුතාලා දන්නවාද.

අනුරාධපුරයේ කලාවැව සමීපයේ පිහිටි අවුකන හිටි පිළිමය ලෝකයේ ඇති අති විශිෂ්ට කලා නිර්මාණයකි. මහ කළු ගලක් තියුණු ගල් කටුවකින් කපා ඔපමට්ටම් කොට කළුගලකට ජීවගුණය කවන්නට තරම් ශිල්පීය ඥානයක් ඇති කලාකරුවන් ශ්‍රි ලංකාවේ ජීවත් වී ඇත. ශ්‍රී ලාංකික ජනතාවගේ පුද පූජාවන්ට සහ ගෞරවයට පාත්‍ර වන අවුකන පිළිමය සේම අනුරාධපුරයේ මහමෙව්නාවේ පිහිටා ඇති සමාධි පිලිමය සහ සඳකඩ පහණ ඇතුළු කලා නිර්මාණ රාශියක් අප සතුයි. ලෝක උරුමයක් ලෙස සැලකෙන සීගිරිය අපගේ අභිමානවත් අතීතය සිහිපත් කරන ස්මාරකයක් වශයෙන් ද පෙන්වා දිය හැකියි. අති සූක්ෂම නිර්මාණවල අභිමානවත් උරුමකරුවන් වන්නේ අපයි. එවැනි දේශීය උරුමයන් එදා මෙන්ම අදත් නිර්මාණය කිරීමත් ආරක්ෂා කිරීමත් අප සතු වගකීමකි.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 

views

838 Views

Comments

arrow-up