6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය - 14
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
21

6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය - 14

6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය - 14

දුවේ පුතේ මේ ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ ඔයාලගේ 6 ශ්‍රේණියට අයත් පුරවැසි අධ්‍යාපනය විෂය යටතේ එන තවත් එක් වැදගත් කොටසක්. මෙහිදී ශ්‍රී ලාංකිකයන් ලෙස අපිට අභිමානයක් ගෙනදෙන සංස්කෘතිය, සම්පත් සහ නිෂ්පාදන පිළිබඳව අවබෝධයක් ලබාදීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලාංකිකයන් ලෙස අපට අභිමානවත් විය හැකි දේශීය දේ අපි හඳුනාගත යුතුයි. දේශීය දේ ලෙස සැලකෙන්නේ අපේ රටේ සංස්කෘතිය, සම්පත් සහ නිෂ්පාදන යන සියල්ලයි. ආගම් සහ ආගමික උත්සව, ආගම් ඇසුරින් නිර්මානය වූ විශේෂ කලා නිර්මාන, සාහිත්‍ය කෘති සහ ජන සාහිත්‍ය, දේශීය වෙදකම සහ දේශීය සිරිත් විරිත්, වාරි සංස්කෘතිය සහ ඊට අදාල වැව් අමුණු යනාදිය අපේ රටේ දේශීය සංස්කෘතියට අයත් අංග වේ.

ඛනිජ සම්පත් එනම් මිනිරන් මැණික් පස් වැලි පොස්පේට් ආදිය, සතුන් දියඇලි විසිතුරු මල් සහ විශේෂ ශාක විශේෂ, ධාන්‍ය වර්ග සහ එළවළු, පලතුරු, වෙනත් වැවිලි සහ ස්වභාවික වරාය යනාදිය දේශීය සම්පත් ලෙස හඳුනාගත හැකියි. රෙදිපිළි, පිඟන් භාණ්ඩ උළු ගඩොල්, පිත්තල භාණ්ඩ දැව භාණ්ඩ, වෙස්මුහුණු, කැවිලි වර්ග සහ දේශීය නිර්මාණ දේශීය නිෂ්පාදන ලෙස හඳුනා ගන්නට පුළුවනි. දේශීය දේ සහ දේශීය උරුමයන් හඳුනාගැනීමෙන් අපේ රටේ පවතින දේවල් වල ඇති වැදගත්කම අපට අවබෝධ වනු ඇත. අපේ නිපැයුම් අප අගය කරන්නට නම් ඒවා හොඳින් හඳුනාගත යුතුයි. එදිනෙදා පරිභෝජනයේදී සහ පරිහරණයේදී දේශීය භාණ්ඩ සඳහා ප්‍රමුඛතාවක් දැක්වීම අපේ යුතුකමක්.

 

 

 


දේශීය නිෂ්පාදන සහ දේශීය සම්පත් අගය කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත්වීම දූලා පුතාලට ඉතාමත් වැදගත්. දේශීය දී පිළිබඳ අභිමානයක් ඇති වීම, දේශීය සම්පත් උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගත හැකි වීම, දේශීය සම්පත් ආශ්‍රිත නිපැයුම් සඳහා යොමු වීම හා ඒ ඇසුරින් ප්‍රදේශයේ රැකියා බිහිවීම, විදේශීය රටවලට ඇදී යන මුදල් ඉතිරි වීම, ආහාරපාන වැනි නිෂ්පාදන නැවුම් බවින් යුක්ත වීම, දේශීය සම්පත් හඳුනාගෙන ඒ ආශ්‍රිත නව නිපැයුම් බිහිවීම, ශ්‍රී ලාංකික පාරිභෝගිකයාට අඩු මුදලකට ලබා ගත හැකි වීම, භාණ්ඩයක විශ්වාසවන්ත බව තහවුරු වීම, නිෂ්පාදකයාටත් පාරිභෝගිකයාටත් දේශීය භාණ්ඩයක් පිළිබඳ අභිමානයක් ඇති වීම යනාදිය එම වැදගත්කමයි. රටක් ලෙස ගොඩනැගෙන්නට නම් ශ්‍රී ලාංකික ජාතියක් ලෙස අප අපේ දේ අගය කරමින් කටයුතු කිරීමේ වැදගත්කම දැන් ඔබට වැටහෙනවා ඇති. අතීතයෙන් අප ලද දේශීය උරුමයන් මතු පරපුරටද උරුම කර දීමට සහ ඒවා සුරැකීමට ඔබ එවිට මූලිකත්වය ගනු ඇත.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 

views

728 Views

Comments

arrow-up