8 ශ්‍රේණිය- ඉතිහාසය යුරෝපීයයන් ආසියාවට පැමිණීම
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
24

8 ශ්‍රේණිය- ඉතිහාසය යුරෝපීයයන් ආසියාවට පැමිණීම

8 ශ්‍රේණිය- ඉතිහාසය යුරෝපීයයන් ආසියාවට පැමිණීම

ග්‍රීක රෝම ශිෂ්ටාචාර යුගයේදී පවා යුරෝපය සහ ආසියාව අතර වෙළෙඳ සම්බන්ධතා තිබුණා. ග්‍රීක පාලකවරයෙක් වුණු ඇලෙක්සැන්ඩර් ඉන්දියාව ආක්‍රමණය කොට පසුව අරාබි ප්‍රදේශයට යාමත් සමඟ ආසියාව යුරෝපය අතර වෙළෙඳ සම්බන්ධතා වඩාත් දියුණු වුණා. පසු කාලීනව රෝම ශිෂ්ටාචාරය පරිහානියට පත්වීම නිසා රදළ බලය වැඩි වීමෙන් යුරෝපයේ වැඩවසම් ක්‍රමය ආරම්භ වුණා. මෙන්න මේ කාලෙදි ආසියාවේ බලය පිහිටුවාගෙන පිහිටුවා ගෙන සිටියේ මුස්ලිම් වෙළඳ ජනතාව. අරාබිය මිසරය සහ ආසියාව අතර වෙළෙඳ ගනුදෙනුවල අතරමැදියන් ලෙස මුස්ලිම් ජාතිකයන් කටයුතු කළා. ආසියාවෙන් ගෙන ගියපු භාණ්ඩ අතර චීනයේ සේද රෙදි සුවඳ විලවුන් පිඟන් භාණ්ඩ සතුන් ජපානයේ රිදී ලංකාවේ මුතු මැණික් කුළුබඩු අලි ඇතුන් වගේ දේවල් ඒ වගේම ඉන්දියාවෙන් කුරුඳු අබිං කපු රෙදි වගේ දේවලුත් සුමාත්‍රා බෝර්නියෝ දූපත්වලින් කරාබු නැටි කරදමුංගු සාදික්කා වගේ කුළුබඩු වර්ග යුරෝපයට ගෙන ගොස් තිබුණා. යුරෝපා ජාතිකයන් ආසියාවේ කුළු බඩු වල රස හොඳින් දැන සිටියා. ඒවාගෙන් විශඅ ලාභ ලබමින් මුස්ලිම් ජාතිකයන් මේ අනුව ආර්ථික වශයෙන් ශක්තිමත් වීමත් සමඟ යුරෝපය හා ආසියාවේ වෙළඳ මධ්‍යස්ථානය වුණු කොන්ස්තන්තිනෝපලය මුස්ලිම් ජාතිකයන් අතර පත් වුණා.

ඒ අනුව යුරෝපයේ පිරිස් ආසියාව සොයා පැමිණියා. ඊට බලපෑ ප්‍රධාන හේතු අතර වුනේ ආසියාවේ නිෂ්පාදනය කරන කුළුබඩු ඇතුළු වෙළද ද්‍රව්‍ය ලබා ගෙන එක තම රටවල් වෙත ගොස් ඒවා අලෙවි කර ලාභ ලබා ගැනීම. ඒ වගේම ආසියානු මහද්වීපයේ වෙළෙඳ බලය සම්පූර්ණයෙන් යටත් කරගෙන තිබුණු මුස්ලිම් ජාතිකයන්ගේ බලය අඩපණ කිරීමත් ඔවුන්ගේ අපේක්ෂාවක් වුණා. මීට අමතරව ආසියානු රටවල් වලට තමන්ගේ ආගම පතුරුවා හැරීම අපේක්ෂාවෙන් යුරෝපා ජාතිකයන් ආසියාවට පැමිණියා. ඒ සඳහා ආර්ථික දේශපාලන සහ ආගමික අරමුණු තිබුණු බව ඔබට දැන් පැහැදිලි.

 

 

 


මේ අනුව පැමිණි යුරෝපා ජාතීන් පෘතුගීසීන් ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් ලෙස විවිධ කාලවකවානු වලදී ආසියාව කරා පැමිණියා. ඔවුන් පසුකාලීනව ආසියානු රටවල් වල බලය අල්ලා ගනිමින් යටත් විජිත සමයන් බිහිකිරීමට කටයුතු කලා. ඒ අනුව ආසියානු රටවල බොහෝ රටවල තිබූ කුළුබඩු පමණක් නොවෙයි රන් රිදී මුතු මැණික් ආදී සියලුම සම්පත් තමන්ගේ රාජ්‍යයන් වෙත ගෙන යනු ලැබුවා. ඒ නිසා ඔවුන් අතිශය ධනවත් රාජ්‍යන් බවට පත් වුණා. මේ යුරෝපීයයන්ගේ ආසියාවට පැමිණීම ආසියානු ජාතික රාජ්‍යයන් වලට පසු කාලීනව මහත් තර්ජනයන් එල්ල කරනු ලැබුවා.

 

 

by  Dilki Shamani

Photo Source: Internet

 
views

2326 Views

Comments

arrow-up