7 ශ්‍රේණිය - ඉතිහාසය: පැරණි ජන ජීවිතය
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
24

7 ශ්‍රේණිය - ඉතිහාසය: පැරණි ජන ජීවිතය

7 ශ්‍රේණිය - ඉතිහාසය: පැරණි ජන ජීවිතය

ආදරණීය දුවේ පුතේ අපි අද ඔබට ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ ඉතිහාසය පාඩම් මාලාවේ පළමුවැන්නයි. මෙහිදී අප රටේ පැරණි ජන ජීවිතය පිළිබඳව දූලා පුතාලාට යම්කිසි අවබෝධයක් ලබාදීමට අපේක්ෂා කෙරේ. බලන්න එය කෙතරම් රසවත් පාඩමක්ද කියලා.

අතීතයේදී අපේ රටේ ජීවත් වුණු මුතුන්මිත්තන් ජීවනෝපාය සඳහා විවිධ වෘත්තීන් වල නියැලුණු බව ඔයාලා දන්නා කරුණක්. ගොවිතැන, වෙළඳාම, විවිධ කර්මාන්ත, සත්ව පාලනය එවැනි වෘත්තීන් වලට උදාහරණ කිහිපයකි. ඒ අනුව පැරණි ශ්‍රී ලංකාවේ ජීවන රටාව ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් යටතේ සිදු වූ බවට නිගමනය කළ හැකියි. කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ වෙළදාම එම ප්‍රධාන ක්ෂේත්‍ර තුනයි. අතීතයේදී අපේ රටේ සිටි බොහෝ දෙනෙක් ජීවත් වූයේ ගම්වල. වර්තමාන ජනතාව මෙන් නොව ඔවුන් ඉතා සරළ ජීවිත ගත කළ පිරිසකි. ඔවුන්ගේ අවශ්‍යතා ද සීමිත වූ අතර යැපීම සඳහා අවශ්‍ය ආහාරපාන නිෂ්පාදනය කර ගැනීම ඔවුන් මුහුණ දුන් ප්‍රධාන අභියෝගයකි. ඒ සඳහා බොහෝ දෙනෙක් කෘෂිකර්මාන්තය සිය ජීවන වෘත්තිය ලෙස තෝරාගන්නා ලදී. එකල කෘෂිකර්මාන්තය, හේන් වගාව හෙවත් ගොඩ ගොවිතැන සහ කුඹුරු බව හෙවත් මඩ ගොවිතැන වශයෙන් ප්‍රධාන අංශ දෙකක් යටතේ සිදුවිය. හේන් ගොවිතැන ගොඩ ගොවිතැන යනුවෙන්ද හඳුන්වයි. එදිනෙදා ජීවිතයේ යැපීම සඳහා අවශ්‍ය ධාන්‍ය එළවළු අල වර්ග වැනි දේවල් හේන් වල වගා කෙරුණි. වර්ෂා ජලයෙන් හේන් වගා කටයුතු සිදු කර ඇත.

කැලෑ ගිනි තබා එළිපෙහෙළි කර සකස් කරගන්නා බිමක් හේනක් ලෙස හඳුන්වයි. හේනක් සඳහා තෝරා ගන්නේ මහ කැලෑවේ බිමකි. එය ගොවීන් වාසය කරන ප්‍රදේශයට තරමක් ඈතින් පිහිටා තිබුණි. හේනක් කෙටීම එක් ගොවියකුගේ හෝ සාමූහිකව කිහිපදෙනකුගේ ශ්‍රමයෙන් සිදුකර ඇත. හේනක් සකස් කර ගැනීමේදී ගොවියාට ඉතා වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදු වූ අතර අස්වැන්න නෙළා ගැනීම දක්වා හේන් ගොවියා කළ යුතු කාර්යයන් කිහිපයකි. අලුතින් ගිනි තබා සකස් කර ගත් භූමිය නවදැලි හේනක් ලෙස හඳුන්වයි. එවැනි හේන් ඉතා සරුසාර කෘෂි බිම් ලෙසද සැලකේ. අලින් ඌරන් ගෝණුන් ඉත්තෑවන් වඳුරන් වැනි සතුන්ගෙන් හේන ආරක්ෂා කරගැනීමටත් අස්වැන්න නෙලා ගන්නා තුරු හොඳින් රැකබලා ගැනීමටත් හේන් ගොවියාට සිදු විය. එහිදී හේන ආරක්ෂා කර ගැනීමට අතීත ගොවීන් විසින් දඩුවැට තැනවීම, ගිනිමැල ගැසීම සහ පැල් රැකීම යනාදිය සිදු කරන ලදී.

වර්ෂා කාලය එළඹෙන විට හේන් වල බෝග වගා කිරීම ආරම්භ කරන ලදී. ඒවායේ බොහෝ විට කටුසර බෝග වගා කර ඇත. තණ හාල් මෙනේරි කුරක්කන් වැනි ධාන්‍ය වර්ග එවැනි කටුසර බෝග කිහිපයකි. එසේම මුං, මෑ, අමු, ඉඟුරු, අබ, තල, කපු ආදියද තිබ්බටු, වම්බටුඅලු පුහුල්, වට්ටක්කා වැනි එළවළු වර්ග ද ඉන්නල, බතල වැනි අල වර්ගද හේන්වල වගා කළ බව සඳහන්. මුල්කාලයේදී වී වගාවද හේන් වගාවක් ලෙස පැවතුණි. හේන්වල වගා කළ වී ඇල් වී ලෙස හඳුන්වයි. එක් වරක් හෝ දෙවරක් වගාකර අස්වැන්න නෙළා ගැනීමෙන් පසුව හේන අතහැර දමයි. හේන් බිම නැවතත් කැලෑවක් බවට පත්වන අතර හේන් ගොවියන් වගා කටයුතු සඳහා ගෙනත් බිම් ප්‍රදේශයක් තෝරා ගන්නා ලදී. හේන් වගා කටයුතු සඳහා කැති උදලු දෑකැති වැනි සරල උපකරණ භාවිතාකර ඇත.

 

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

views

7082 Views

Comments

arrow-up