රෝගීන් වෙනුවෙන් මුදල් සොයන්න රෝද පුටුවෙන් අහසට ගිය මිනිසෙක් (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
18

රෝගීන් වෙනුවෙන් මුදල් සොයන්න රෝද පුටුවෙන් අහසට ගිය මිනිසෙක් (PHOTOS)

රෝගීන් වෙනුවෙන් මුදල් සොයන්න රෝද පුටුවෙන් අහසට ගිය මිනිසෙක් (PHOTOS)

කොදු ඇට පෙළ ආශ්‍රිත රෝගීන් සඳහා මුදල් එක්රැස් කිරීමට ආබාධිත පුද්ගලයකු මීටර් 250 ක් පමණ උස ගොඩනැඟිල්ලක් ලණුවක එල්ලී තරණය කිරීම පිළිබඳ පුවතක් හොංකොං රාජ්‍යයෙන් වාර්තා වනවා.

 

තිස්හත් හැවිරිදි ලායි චි-වයි නම් මෙම පුද්ගලයාට ඒ සඳහා පැය දහයකට වැඩි කාලයක් රෝද පුටුවෙන් ලණුවල එල්ලී සිටීමට සිදුවුනා.

 

මොහු කඳු නගින්නෙකු වන අතර මීට වසර දහයකට පෙර සිදුවූ රිය අනතුරකින් ඉනෙන් පහල අප්‍රාණික වී අංශභාග රෝගී තත්ත්වයට පත්ව තිබෙනවා.

 

 

කඳු නැගීමට ගල් කුළුණු මත නැගීමට හැකියාවක් ඇති ඔහු පැවසුවේ මෙහිදී යම් තරමක බයක්ද දැනුනු බවයි. “මම තරමක් බය වුණා, කන්දකට නැගීමට ගල් හෝ කුඩා සිදුරු මත කකුල් රඳවා ගත හැකියි. නමුත් වීදුරු වලින් සෑදුනු මෙම ගොඩනැගිල්ලේ සැබවින්ම විශ්වාසය තැබිය හැක්කේ මා එල්ලා ඇති කඹය පමණි." මෙම අවස්ථාවට ඩොලර් මිලියන 5.2 ක් පරිත්‍යාග කර ඇත.

 

2011 ට පෙර ලයි, ගල් කඳු තරණය සඳහා ආසියා ශූරයා ලෙස සිව් වතාවක් කිරුළු පළඳින ලද අතර එක් අවස්ථාවකදී ජාත්‍යන්තර වශයෙන් අටවන ස්ථානයට පත්වුණා.

 

 

ඔහුගේ අනතුරෙන් පසු, ඔහු තම රෝද පුටුව ස්පන්දන පද්ධතියකට සම්බන්ධ කර නැවත කඳු නැගීම ආරම්භ කළා. මීට වසර පහකට පෙර ඔහු මීටර් 495 ක් උස ලයන් රොක් කන්ද තරණය කළා. එය හොං කොං හි ශක්තිය හා චිත්ත ශක්තිය පිළිබඳ දේශීය ජන සංස්කෘතික සංකේතයකි.

 

“ජීවත්වීම හැරුණු විට, මා කල්පනා කළේ මා පෙලඹෙන්නේ කුමක් නිසාද? ඒ නිසා මම රෝද පුටුවක පවා කඳු තරණය කළ නාෙහැකි බව දැන දැනත් මම එය ලුහුබැඳ යන්නට පටන් ගත්තා.

 

 

“එක්තරා විදියකට, මම ආබාධිත පුද්ගලයෙක් බව මට අමතක වුණා, මට තවමත් සිහින දකින්න පුළුවන්, මට කරන්න කැමති දේ මට කරන්න පුළුවන්.” ආරක්‍ෂිත හේතූන් මත ඔහුට ගොඩනැගිල්ල මුදුනටම නැඟීමට නොහැකි වුවද, පණිවිඩයක් යැවීමට ලායි බලාපොරොත්තු වුණා. ඒය සාර්ථකයි.‍

 

 

“සමහර අයට ආබාධිත පුද්ගලයින්ගේ දුෂ්කරතා තේරෙන්නේ නැහැ, සමහරු සිතන්නේ අප සැමවිටම දුර්වලයි, අපට උදව් අවශ්‍යයි, අපට මිනිසුන්ගේ අනුකම්පාව අවශ්‍යයි කියල”

 

 

“නමුත්, මට සෑම කෙනෙකුටම පැවසීමට අවශ්‍යයි, එය එසේ විය යුතු නැහැ. ආබාධිත පුද්ගලයෙකුට බැබළෙන්නට හැකි නම්, ඒ සමඟම ඔවුන්ට අවස්ථාව, බලාපොරොත්තුව, ආලෝකය ගෙන ඒමට හැකිය, ඔවුන් දුර්වල යැයි සැලකිය යුතු නැහැ. ”

views

614 Views

Comments

arrow-up