විස්කොන්සින්හි ජන්ද යළි ගණන් කිරීමෙන් පසු ට්‍රම්ප් – බයිඩ්න් අතර පතරයේ වෙනසක්

අමෙරිකාවේ, විස්කොන්සින් ප්‍රාන්තයේ මිල්වවුකී ප්‍රදේශයේ ඡන්ද යළි ගණනය කිරීමෙන් පසු ජනපති ට්‍රම්ප් සහ ජෝ බයිඩන් අතර පැවති පරතරය තවදුරටත් ඉහළ ගොස් තිබේ.
විස්කොන්සින්හි ඡන්ද යළි ගණනය කෙරුණේ, ජනපති ට්‍රම්ප්ගේ ආධාරකරුවන්ගේ ඉල්ලීමකට අනුවයි.
ගණනය කිරීමට පෙර ජෝ බයිඩන් ජනපති ට්‍රම්ප්ට වඩා ජන්ද 20,000 කින් පමණ ඉදිරියෙන් සිටියේ ය.
මෙම දෙවන ගණනය කිරීමට ජනපති ට්‍රම්ප්ට අමෙරිකානු ඩොලර් මිලියන 3 ක මුදලක් වැයවනු ඇතැයි සඳහන් ය.
මිල්වවුකී ප්‍රදේශයේ පුද්ගලයකු සඳහන් කළේ, මෙම දෙවන ගණනය කිරීමෙන් ඡන්ද ප්‍රතිඵල තුළින් පුද්ගලයන් දැනටමත් දන්නා දේ යළි තහවුරු වන බවයි.
597 Views
Comments