2020 IPL අවසන් මහා තරගය අද

මෙවර ඉන්දියානු ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.
ඒ මුම්බායි ඉන්ඩියන්ස් (MI) කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් (DC) කණ්ඩායම අතර ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි.
2019 IPL ශූරතාවය දිනාගත්තේද මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමයි.
ඔවුන් 2010 වසරේදී අනුශූරයන් වූ අතර 2013, 2015, 2017 සහ 2019 වසරවලදී ශූරයන් බවට පත්වුණා.
දිල්ලි කැපිටල්ස් කණ්ඩායම IPL අවසාන මහා තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.
තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30ට ආරම්භ විමට නියමිතයි.
289 Views
Comments