LPL තරගාවලිය ගැන ජනපති සමඟ සාකච්ඡාවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
05

LPL තරගාවලිය ගැන ජනපති සමඟ සාකච්ඡාවක්

LPL තරගාවලිය ගැන ජනපති සමඟ සාකච්ඡාවක්

ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ජාවක් අද (05) පැවැත්වෙන බව ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික‍්‍රමරත්න මහතා පවසයි.

 

එම සාකච්ඡාව පෙරවරු 11ට ජනාධිපති කාර්යලයේදී කොරෝනා මර්දන කාර්යය සාධක බලකායේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.

 

මෙම තරගාවලිය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරින් සහ ක‍්‍රිකට් බලධාරීන් අතර ඊයේ තවත් සාකච්ජාවක් පවත්වා තිබේ. ඊට සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සහ සෞඛ්‍ය බලධාරීන් එක්ව සිටියහ. මෙම තරගාවලිය පැවැත්විය යුතු බවත් එය සිදු කළ යුත්තේ සෞඛ්‍ය ක‍්‍රමවේදයන්ට අනුව බවට සෞඛ්‍ය අමාත්‍යවරිය එහිදී ප‍්‍රකාශ කර ඇත.

 

හම්බන්තොට සූරියවැව අන්තර්ජාතික ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට ද එහිදී අවසරය හිමිව තිබේ. ලබන 21 වනදා ආරම්භ වීමට නියමිත ලංකා ප‍්‍රිමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ සියලූ තරග පල්ලේකැලේ සහ හම්බන්තොටදී පැවැත්වීමට දැනට සැලසුම් කර ඇත.

 

 

source - දිණමින

 

 

views

183 Views

Comments

arrow-up