LPL 2020 : ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ලකුණු 66ක ජයක්

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හිමි විය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 218ක් රැස් කිරගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දඹුල්ල වයිකින්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 152ක් පමණි.
ඒ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ලකුණූ 66ක ජයක් හිමි විය.
තරඟයේ වීරයා සම්මානය තිසර පෙරේරා 97(44) විසින් හිමි කර ගැනීමට සමත් විය.
203 Views
Comments