මහේලගේ පුහුණුකාරිත්වයෙන් 5වන වරටත් මුම්බායි ඉන්දියන්ස් IPL කිරුල දිනාගනියි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
11

මහේලගේ පුහුණුකාරිත්වයෙන් 5වන වරටත් මුම්බායි ඉන්දියන්ස් IPL කිරුල දිනාගනියි

මහේලගේ පුහුණුකාරිත්වයෙන්  5වන වරටත්  මුම්බායි ඉන්දියන්ස්  IPL කිරුල දිනාගනියි

මහේල ජයවර්ධනගේ පුහුණුකාරිත්වදරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවරත් IPL ශුරතාව දිනා ගත්තා.

 

ඒ,දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදවමින්. ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය ලෙස සැලකෙන IPL තරගාවලියේ මෙවර අවසන් සටනට පිවිසුනේ IPL තරඟ ඉතිහාසයේ සාර්ථක කණ්ඩායම වන මුම්බායි ඉන්දියන්ස් සහ කුළුදුල් IPL අවසන් තරඟයට එක්වන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

 

අවසන් මහා තරඟය මුම්බායි කණ්ඩායම ජය ගත්තේ කඩුලු 05කින්. මෙම තරඟයේ කාසිය වාසිය දිනා ගත් දිල්ලි කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ ආරම්භය සාර්ථක කර ගැනීමට ට්‍රේන්ට් බෝල්ට් ඉඩ ලබානොදුන්නේ ආරම්භක පිත්කරු ලෙස පිටියට පිවිසි මාක්ස් ස්ටොයිනිස් ලකුණු ලබා ගැනීමට පෙර ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යවමින්. දිල්ලි කණ්ඩායම වෙනුවෙන් නායක ශ්‍රියස් අයියර් නොදැවී ලකුණු 65ක් රැස්කළ අතර ඔහු සමඟින් එක්වූ රිෂාබ් පාන්ට් ලකුණු 56ක් රැස්කමින් දිල්ලි ඉනිම ගොඩ නැගුවා.

 

දිල්ලි ඉනිමේ නියමිත පන්දුවාර 20 අවසන් වනවිට ඔවුන්ගේ ලකුණු පුවරුව දැක්වුනේ කඩුලු 07කට ලකුණු 156ක් ලෙසයි. පන්දු යැවීමේදී ට්‍රේන්ට් බෝල්ට් කඩුලු 03ක් බිද දැමූ අතර නේතන් කොල්ටර් නයිල් කඩුලු 02ක් බිද දැමුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 04කදී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

 

මුම්බායි පිල ජයග්‍රහණය සඳහා රැගෙන යාමට මූලික වූ රෝහිත් ශර්මා ලකුණු 68ක් රැස් කළා. ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 05වන වරටත් IPL ශූරතාවයේ පහස විඳගත්තා.

 

තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ජොෆ්රා ආර්චර්

 

 

views

283 Views

Comments

arrow-up