මාලිංග LPL නොඑන හේතුව කියයි

මෙරටදී සංවිධානය කරනු ලැබූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙම මස 26 වනදා සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
මේ සදහා දෙස් විදෙස් ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් සහභාගී වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංගද සහභාගිවීමට නියමිතව තිබුණා.
ඒ Galle Gladiators කණ්ඩායමේ නායකත්වය ද දරමින්.
නමුත් ඔහු පෞද්ගලික හේතුවක් මත මෙම තරගාවලියට සහභාගී නොවන බවට මේ වන විට ප්‍රකාශ කරලා තියෙනවා.
ඔහු පෞද්ගලික නාලිකාවකට වැඩි දුරටත් ප්‍රකාශ කරලා තිබුනේ
''මේ වසර මුලදී බටහිර ඉන්දීය කොදෙව් තරගමාලාවේ සිට මට කිසිම ක්‍රිකට් ක්‍රීඩාවක් ලැබී නැහැ.
මට කිසිම පුහුණුවක් ලැබුණේ නැහැ.
මම LPL තරගාවලියට සති තුනකට පෙර පුහුණුවීම් සදහා යොමු විමට සිටියත් ඊටද අවස්ථාව ලැබුනේ නැහැ".
යන්නයි.
කෙසේවෙතත් මෙම තරගාවලියේ Kandy Tuskers කණ්ඩායමට එක්වීමට සිටි සුපිරි පිතිකරු කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් ද සහභාගී නොවන බව නිල වශයෙන් ප්‍රකාශකර තිබෙනවා.
283 Views
Comments