නුවන් සොයිසා ICC චෝදනා 03කට වැරදිකරු වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
19

නුවන් සොයිසා ICC චෝදනා 03කට වැරදිකරු වෙයි

නුවන් සොයිසා ICC චෝදනා 03කට වැරදිකරු වෙයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම පුහුණුකරුවෙක් ද වූ නුවන් සොයිසා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන චෝදනා තුනකට වරදකරු වී තිබෙනවා.

 

2018 වසරේ නොවැම්බර් මාසයේ දී ඔහුට එරෙහිව චෝදනා ගොනු කෙරුණි. අනතුරුව ස්වාධීන විමර්ශන මණ්ඩලයක් විසින් සිදු කළ පරීක්‍ෂණයකින් පසුව මෙලෙස ඔහු වරදකරු බවට පත් කර ඇත.

 

තරග පාවාදීමක් සම්බන්ධයෙන් තොරතුරු දැනුවත්ව ඒ පිළිබඳ බලධාරීන් දැනුවත් නොකිරීම ඇතුළු චෝදනා කිහිපයක් නුවන් සොයිසාට එල්ල වී තිබේ.

 

ඔහුට තවදුරටත් තරග තහනම ක්‍රියාත්මක අතර පනවන දඩුවම් සම්බන්ධයෙන් ඉදිරියේ දී කඩිනමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සදහන් වේ.

 

 

views

206 Views

Comments

arrow-up