NOV
22
UNP ජාතික ලැයිස්තු මන්ත්‍රි නම් කිරීම හෙට

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා පත් කරන්නේ කවුරුන්ද යන්න හෙට දිනයේදී තීරණය කිරීමට නියමිත බව පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා.
පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු වෙනුවෙන් අනුරාධපුර පැවති වැඩසටහනකට එක්වූ අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි ඔහු මේ බව සදහන් කළේ.
ප්‍රතිසන්ධාන කටයුතු සමග පක්ෂය තුල සිදුවන වෙනස්කම් ජනවාරි මාසය වනවිට ජනතාවට දැකගත හැකිවන බවද රුවන් විජේවර්ධන මහතා සදහන් කළා.
629 Views
Comments