තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට ජනපති එකග වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
03

තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට ජනපති එකග වෙයි

තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට ජනපති එකග වෙයි

අප්‍රේල් 21 වනදා පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැමැත්ත පළ කර තිබෙනවා.

 

කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගෙන් සාක්ෂි ලබා ගන්නා දිනය සහ ස්ථානය මෙතෙක් තීරණය කර නොමැති අතර, ජනාධිපති කාර්යාලය වෙත ගොස් ජනාධිපතිවරයාගෙන් සාක්ෂි ලබා ගැනීමට වුවද කමිටුව සූදානම් බවයි එම කමිටුවේ සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කළේ.

 

ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු සතියේදී ජනාධිපතිවරයාගෙන් සාක්ෂි ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු කියා සිටියා.

views

662 Views

Comments

arrow-up