රාවණා රජුගේ ආභරණ සොයා කැණීම් කළ 6ක් කොටු

රිටිගල පුරාවිද්‍යාත්මක ආරක්ෂිත මහ ඝණ කැලෑව මැද රාවණා රජුගේ ආභරණ සොයා කැණීම් කරමින් සිටි පුද්ගලයන් 6 දෙනෙකු සැකපිට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (02) දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දින කිහිපයක් තිස්සේ රිටිගල රක්ෂිතයේ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් පුරාවිද්‍යා භූමියේ ගල් තලාවක් ආසන්නයේ වීශාල කැණීමක් සිදු කරමින් සිටින බවත් එය රාත්‍රී කාලයේ දී සිදුකරන බවත් දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබිණා.
ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ ස්ථානාධිපති අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ආර්.එම් .පි .ජය කැළුම් මහතා ඉතා සූක්ෂම ලෙස පොලිස් කණ්ඩායමක් ඊයේ දින පස්වරු 5 ට පමණ රක්ෂිතය තුළට යවා තිබෙනවා.
දැඩි පරිශ්‍රමයක් දරමින් වන අලින්ගෙන් ජීවිත බේරාගෙන කිලෝමීටර් දෙකක පමණ දුරක් ඉතා සෙමින් කටු පදුරු අස්සේ බඩගාමින් ස්ථානයට ළඟා වී ඇත්තේ රාත්‍රී 9.00 ට පමණ වන අතර ඒ වන විටත් පුද්ගලයන් කීප දෙනෙකු ආරක්ෂිත රැහැන් ඇද පුදපූජා පවත්වා පන්දම් එළි දල්වාගෙන කැණීම් කටයුතු ආරම්භ කොට තිබේ යැයි පොලීසිය සඳහන් කළා.
එකවරම වැටලීම් භාර දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඩී. සුදත් මහතා ඇතුළු කණ්ඩායමක් කඩාපැන කැණීම් කරමින් සිටි පුද්ගලයන් හය දෙනා මෙසේ අල්ලා ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් හබරණ . ගල්කිරියාගම, කැකිරාව ,මාරවිල, පොළොන්නරුව. ප්‍රදේශවල පදිංචිකරුවෝ බව පොලීසිය පවසනවා.
මෙම පුද්ගලයන් සතුව තිබූ කැණීම් උපකරණ පූජා භාණ්ඩ තොගයක්ද පොලිස් භාරයට ගැනුණා.
අත්අඩංගුවට ගත් පිරිස් හබරණ පොලීසියට භාරදී තිබෙනවා.
708 Views
Comments